වාහනයේ Gear Box එක ලෙඩ වෙනකොට මතු වෙන ලක්ෂණ

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයේ gear box එක ලෙඩ වෙලාද? ඕනම වාහනකයට වැදගත්ම කොටසක් තමයි, gear box එක. ඒ නිසා, gear box එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ ගැන ඔබ දැනුවත් වෙන්න ඕනේ. අනිත් දේ තමයි, gear box එකක් ලෙඩ වෙන්න හේතු මොනවද කියලා දැනගෙන ඉන්නත් ඕනේ. එතකොට, වාහනයේ gear box එක ලෙඩ නොවී තියාගන්න පුළුවන්. ඉතින් MotorGuide අපි හිතුවා වාහනයේ gear box එක ලෙඩ වෙනකොට මතු වෙන ලක්ෂණ ගැන අද ඔබට කියන්න.

Gear box එකේ ලෙඩක් තියෙනවද කියලා දැන ගන්නේ කොහොමද?

අනවශ්‍ය noise එකක් ඇසීම

Gear මාරු කරන අවස්ථා වලදී තමයි ඔබ මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. යම් gear එකකට දාලා තියෙනකොට, gear පැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම gear දානකොට හිර වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට ඔබටත් මුහුණ දුන්න වුණොත්, technician කෙනෙක්ට කියලා ඒක check කර ගන්න. ඊට අමතරව clutch එකෙත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලත් බලන්න ඕනේ.

Auto gear වාහන slip වීම

Auto gear D එකට දැම්මම, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ගමන යන්න පුළුවන් වෙන්න ඕනේ. Transmission එක D එකේදී drive කරන්නේ ගොඩක් අපහසුවෙන් නම්, ඒ කියන්නේ engine එකේ speed එක වැඩි වුණාට, වාහනයේ speed එක වැඩි වෙන්නේ නැත්නම්, gear slip වෙන එකට මුහුණ දෙන්න වෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ gear oil level එක අඩු වීම, internal oil pressure එක අඩු වීම, pressure regulation හෝ control එක දෝෂ සහගත වීම.

Clutch එකේ ප්‍රශ්න ඇති වීම

වාහනයේ engine එක සහ gear box එක අතර සම්බන්ධතාවය ඇති කරනවා වගේම ඒක විසන්ධි කරන්නෙත් clutch එක. ඒ නිසා clutch එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ, ඒකෙන් gear box එකටත් හානි වෙන්න පුළුවන් කියන එක.

Gear box එක පරිස්සම් කරන්නේ කොහොමද?

Gear box එක විශාල කොටස් ප්‍රමාණයකින් තමයි හැදිලා තියෙන්නේ. Engine එකෙන් power එක ලැබෙන්නේ, මේ gear box එකට. ඊට පස්සේ වාහනයේ wheels වලට ඒ power එක transmission කරන්නේ, gear box එක මඟින්. වාහනයක gear box එක අයත් වෙන්නේ, ඒ වාහනයේ transmission system එකට. ඊට අමතරව වාහනය pickup කරන්න, reverse කරන්න උදව් කරන්නෙත් වාහනයේ gear box එක. දැන් අපි කියන්නේ, gear box එක පරිස්සම් කරන විදිහ ගැන.

Gear oil වල ක්‍රියාකාරීත්වය අනිවාර්යයි

Gear box එක හොඳින් වැඩ කරන්න නම්, gear oil හොඳින් ක්‍රියා කරන්න ඕනේ. වාහනයක engine oil වගේම, gear oil කියන්නෙත් ගොඩක් වැදගත් දෙයක්. මොකද gear oil තමයි, transmission එක smoothly ක්‍රියාත්මක වෙන්න උදව් කරන්නේ. වැදගත්ම දේ තමයි, වාහනයේ gear systems වල internal components, heat damage එකෙන් ආරක්ෂා කරන්නත් උදව් වෙනවා. හැබැයි මෙතනදි වාහනයෙන් වාහනයට අවශ්‍ය gear oil වර්ගය වෙනස් වෙනවා. ඔබ ඒ ගැනත් හොඳින් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ප්‍රමාණවත් නොවන lubrication මඟින්, drive-train components scouring වෙන්න, corrosion වෙන්න වගේම සීරෙන්නත් ඉඩ තියෙනවා.

Transmission fluid ප්‍රමාණය ගැන නිතර සැළකිලිමත් වෙන්න

වාහනයේ transmission fluid ප්‍රමාණය ගැන ඒ තරම් සැළකිල්ලක් නොදැක්වුවොත්, auto gear වාහනයේ gear box එකට ලොකු හානියක් වෙන්න පුළුවන්.

වාහනයේ hand brake එක අනිවාර්යයෙන්ම දාන්න

Auto gear වාහනයක් නවත්වනකොට, මතක ඇතුව අනිවාර්යයෙන්ම hand brake දාන්න. Gear එක parking gear එකට දැම්මට පස්සේ, හොලවන්නවත් බෑ තමයි. හැබැයි ඒක හැම නිතරම වලංගු වෙන්නේ නැහැ. සමහර විට, gear එක park එකට දාලා තිබුණත් වාහනය නවත්වලා තියා ගන්න ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

පල්ලමක වගේ නම්, ඔබ අනිවාර්යයෙන්ම hand brake එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා, මීට පස්සේ auto gear වාහනයක් නවත්වනකොට, හැම නිතරම hand brake එක ක්‍රියාත්මක කරන්න. ඒක කරන්න ඕනේ, gear එක park එකට දාන්න කලින්. එතකොට, gear box එකට යොදන power එක අඩුයි. නැත්නම් මුළු power එකම gear box එකට ලැබෙන නිසා, ඉක්මනටම gear box එක යන්න බලනවා. ඉතින් මුලින්ම hand brake එක ඇද්දොත් වාහනයේ බර වැටෙන්නේ, brake වලට නිසා, gear box එකට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ.

Steering wheel එක අත් දෙකෙන්ම තියාගන්න

සමහර අය නම්, තමන්ට පුරුදු විදිහට තමයි, steering wheel එක තියාගන්නේ. හැබැයි හරිම විදිහ ගත්තොත්, අනිවාර්යයෙන්ම අත් දෙකෙන්ම steering wheel එක තියාගන්න ඕනේ. සමහර විට ඔබත් එක අතකින් steering wheel එක අල්ලාගෙන, අනිත් අත gear එක උඩ තියාගෙන යනවා ඇති. එක පැත්තකින් ගත්තොත් steering wheel එක තනි අතෙන් අල්ලන එකෙන් යම් අනතුරක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් gear box එකට හානි වෙන්න පුළුවන් chance එකත් වැඩියි. මේ වැරැද්ද කාලයක් කරනකොට, gear එක හරියට වැටෙන්නේ නැතුව යනවා.

Auto gear box එක පිහිටලා තියෙන්නේ, engine එක සහ drive shaft එක අතර. Auto gear box එකක ප්‍රධාන අංග තුනක් තියෙනවා. ඒ තමයි, torque converter, planetary gear unit, hydraulic control unit. Crankshaft එකෙන් ලැබෙන power එක gear box එකට සම්ප්‍රේෂණය කරන්න තියෙන කොටස තමයි, torque converter එක කියන්නේ. Torque converter කියලා දෙයක් තිබුණේ නැත්නම් crankshaft එක කෙළින්ම සම්බන්ධ කරන්න වෙන්නේ, planetary gear unit එකට.

Planetary gear unit එකේ තියෙන්නේ, gear මාරු කරන්න ඕන වෙන දැති රෝද set එක. Gear මාරු වෙන වෙලාවට planetary gear unit එකේ යම් යම් කොටස් lock වෙනවා. එතකොට කෙලින්ම planetary gear unit එකට crankshaft එක සම්බන්ධ වෙලා තිබුණොත් කොටස් lock වෙනකොට එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

Crankshaft එකෙන් දෙන අධික power එක නිසා, දැති රෝද lock කරන්න, ලොකු power එකක් ඕන වෙනවා. එහෙම lock කළත් දැති රෝද මාරු වෙනකොට, crankshaft එකේ ලොකු power එක නිසා, දැති කැඩෙන්න පුළුවන්.

Torque converter එක ඇතුළෙ, වෙන් වුණු තල බඹර දෙකක් තියෙනවා. ඒ දෙක තියෙන්නේ හොඳින් seal වුණු කවරයක් ඇතුළෙ. ඒ කවරය තුළ gear oil පිරිලා තියෙනවා. එක තල බඹරයක් crankshaft එකට කෙළින්ම සම්බන්ධ වෙලා තියෙන අතර අනිත් එක gear box එකේ දැති රෝද වලට සම්බන්ධ වෙනවා. හැබැයි මේ දෙක තියෙන්නේ gear oil පිරුණු කවරයක් ඇතුළෙ හින්දා, crankshaft එකට සම්බන්ධ වුණු බඹරේ කැරකෙනකොට ඒ power එක gear box එකට සම්බන්ධ වුණු තල බඹරෙටත් යනවා. දැන් මේ තල බඹර දෙක අතර සම්බන්ධය තියෙන්නේ, gear oil එක හරහා නිසා, ඒ දෙක වෙන වෙනම කැරකෙන්න පුළුවන්. ඒ එක්කම crankshaft එකේ power එක සාර්ථකව gear box එකට ලබා දෙන්නත් පුළුවන්.

මේ Article එකෙන් ඔබ දැනගන්න ඇති වාහනයක gear box එක කොච්චර වැදගත්ද, gear box එක ලෙඩ වෙන්නේ කොහොමද, ලෙඩ වුණාම මතුවෙන ලක්ෂණ මොනවද කියලා. දැන් ඉතින් ඔබට gear box එක හරියටම පරිස්සම් කර ගන්න පුළුවන්. ඒකට අපි අද කියපු දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!