ඔබේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චුනාද? මෙන්න විසඳුම

time
මිනිත්තු 5 කියවීම
feature image

අපි වාහනයක් ගන්නේ සතුටින් ඉන්න හිතාගෙන. හැබැයි විවිධ හේතූන් නිසා වාහනයේ තෙල් පිච්චෙන්න ගත්තොත් අපිට ලොකු ලොකු ප්‍රශ්න වල‍ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඔයාගේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා ඔයා ඉන්නේ අවුලෙන්ද? හැබැයි අදින් පස්සේ නම් වාහනයේ වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. මොකද MotorGuide අපි අද ඔයාට කියන්නේ වාහනයේ වැඩිපුර තෙල් කොහොමද වගේම පිච්චෙන එකට ඔයාට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනයි.

Engine එකක තෙල් දහනය වන්නේ කොහොමද?

Oil බාහිරින් දහනය වීම

Engine එක තුළ අනිවාර්යෙන් තියෙන්න ඕනේ දෙයක් තමයි oil කියන්නේ. කොහොම වුණත් oil seal එක හෝ gasket එක අධික ලෙස ඇඳීමෙන් හෝ අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් කාන්දු වන අවස්ථා අපිට ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. බාහිර තෙල් දහනය

  • Oil filter
  • Drain plug
  • Pan
  • Filler cap
  • Cooler lines

මේ වගේ කොටස් වලින් සිදු වෙනවා. ඒ වගේම තමයි engine එකෙන් oil කාන්දු වුණාම engine එකෙන් පිටත අතිශයින් උණුසුම් වන අතර එමඟින් දැවෙන තෙල් සුවඳක් ඇති කරනවා.

අභ්‍යන්තරව තෙල් දහනය

වාහනය start කිරීමේදී පිටාරයෙන් නිල් පැහැති දුමාරයක් පිටවෙනවා ඔයාල දැකලා ඇති. වාහනයේ piston එකේ මුදු දහන කුටිය engine oil රැක ගැනීමට උදව් වෙනවා. Piston එක දුර්වල නඩත්තුවකින් අඳිනු ලැබුවහොත් දහන ක්‍රියාවලියේදී කුඩා oil ප්‍රමාණයක් රත් වෙනවා. එමගින් තමයි නිල් දුමාරය නිපදවෙන්නේ. තවත් අභ්‍යන්තරව oil දහනය වීමේ ගැටලුවක් විය හැක්කේ වැරදි ක්‍රියාකාරී PCV පද්ධතියයි. Engine එක ක්‍රියාත්මක වන විට crane එකට ඇතුළු වන වායු-ඉන්ධන මිශ්‍රණය කුඩා ප්‍රමාණයක් මෙය හසුරුවනවා.

වාහනයේ තෙල් කාන්දු වෙනවද කියල දැනගන්නේ කොහොමද?

  • වාහනයේ තෙල් කාන්දු වෙනවද කියලා දැනගන්න ක්‍රම කිහිපයක් ඔයාට තියෙනවා. ඔයා වාහනය drive කරනකොට තෙල් දැවෙන සුවඳක් දැනෙනවා. Engine oil බාහිරින් පිටවන කොට තමයි මෙය සිදු වෙන්නේ.
  • අභ්‍යන්තර කාන්දුවීම් ගැන සඳහන් කළ පරිදි නිල් පිටාර දුම, ඔබේ මෝටර් රථය තෙල් දහනය වන බවට තවත් ඇඟවීමක්. මෙම නිල් පැහැති දුමාරය බොහෝ විට දක්නට ලැබෙන්නේ ඔබේ මෝටර් රථය මුලින්ම ආරම්භ කරන විට හෝ නැවතුණු ස්ථානයෙන් වේගවත් කරනකොටයි.
  • වාහනයේ තෙල් පිටවෙනවද කියල දනාගන්න පුළුවන් තුන්වන කරුණ තෙල් පීඩනය අඩු වීමයි. ඔයාගේ වාහනය අනතුරු ඇඟවීමේ ආලෝකයකින් සමන්විත නම්, මෑතකදී ඉන්ධන එකතු කළද, මෙය නිතර දිස් වෙන්න පුළුවන්.

Engine එකේ oil පරික්ෂා කරන්නේ කොහොමද?

ඔයත් හැමදාම උදේට වාහනය start කරන්න කලින් එන්ජින් කූර එලියට අරගෙන engine oil නියමිත ප්රමාණයට තියෙනවද කියලා බලන්න. engine ක්රියාත්මක කරාට පසුව හෝ එන්ජිම රත් වෙලා තියෙන වෙලාවක oil පරික්ෂා කරලා වැඩක් නැහැ. ඒ මොකද කිව්වොත් engine එක ක්රියාත්මක කරාම එන්ජිමේ සෑම තැනකට oil ගමන් කරනවා. එතකොට oil samp එකේ oil තිබෙන්නේ අඩුවෙන්. මේ නිසා engine එක රත් වුණ හෝ engine එක ක්රියාත්මක වාහනයක oil පරික්ෂා කිරීම කිසිම වැඩක් නැති දෙයක්. රෑට නවත්වපු වාහනයක උදේට oil බලන එක තමයි වඩාත්ම සාර්ථක වන්නේ.

තෙල් වැඩියෙන් පිචේචෙන්න හේතු සහ එය වළක්වා ගැනීමට ගත හැකි පියවර

දෝෂ සහිත sensors සහ අපවිත්‍ර air filters

දෝෂ සහිත sensors සහ අපවිත්‍ර air filters වලින් වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුකරනවා. Cylinder වලට සැපයෙන වාත ප්‍රමාණය යාමනය කරන්නේ ඔක්සිජන් sensors වලින්. ඒ වගේම දෝෂ සහිත ඔක්සිජන් sensors තිබීම මඟින් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩාල වෙනවා. මේ නිසා දෝෂ සහිත sensors සහ අපවිත්‍ර air filters අලුත් කරන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න

දෝෂ සහිත spark plug

Spark plug එක කියන්නේ අභ්‍යන්තර දහන engine එකේ දහන කුටියේ තියෙන වායු-ඉන්ධන මිශ්‍රණය දැල්වෙන ගිනි පුපුරක් නිපදවීමට භාවිතා කරන විද්‍යුත් උපාංගයකටයි. වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන්න spark plug ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. වාහනය ඉන්ධන හා වාතය දහනය වීමට spark plug අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. දෝෂ සහිත spark plug තියෙනකොට මේ ක්‍රියාව හරියට සිදු වන්නේ නැහැ. ඒ වගේම එමඟින් ඉන්ධන කාර්යක්ෂමතාවයද අඩු වෙනවා.

මේ කාරණා නිසා ඔයාගේ වාහනයේ තියෙන්නෙත් දෝෂ සහිත spark plug නම් ඒවා මාරු කරගන්න.

Injector දෝෂ

Engine එකට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නේ Injector එක මඟින්. මේ Injector වලින් ඉන්ධන ඉවතට කාන්දු වුණොත් engine එකට ලැබෙනා ඉන්ධන ප්‍රමාණය අඩු වනවා. එතකොට engine එකේ කාර්යක්ෂමතාවයද අඩු වෙනවා. ඔයා Injector එක අලුත් වැඩියා කළොත් ඔයාට පුළුවන් ඉන්දන දහනය අඩු කරගන්න.

වාහනය start කර එකම තැනක තැබීම

මේකනම් ඔයාගේ අතින් සිදු වෙන වැරැද්දක්. ඔයත් වාහනය start කරලා ටික වෙලාවක් එකම තැන ඉන්නවද? වාහනයක් start කරලා එකම තැනක වාහනය තැබීම මඟින් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. සාමාන්‍යයෙන් වාහනයක් start කරලා තත්පර 30ත්, විනාඩියක කාලයක් අතර වාහනය ගමන් කිරීම ආරම්භ කරන්න ඕනේ. මේ වගේ අවස්තාවක වාහනය neutral කරලා තියන්න. එතකොට ඔයාට පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගෙන ඉන්දන දහනය අඩු කරගන්න.

Engine oil

ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපාන තවත් සාධකයක් තමයි engine oil කියන්නේ. Engine එකේ ඝර්ෂණ බලය අඩු කර චලනය වන කොටස් වල ක්‍රියාකාරීත්වය මානව සිදු කරන්නට engine oil ලබා ගන්නවා. ඒ නිසා වාහනයේ engine oil නියමිත කාලයට මාරු කිරීම මඟින් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්.

AC

ඔයා වාහනය වේගයෙන් drive කරන්නේ windows පහත් කරගෙන නම් එමඟින් ඉන්ධන දහනය වැඩි වෙනවා. මේ වගේ වේගයෙන් ගමන් කරන අවස්ථාවක windows වහගෙන AC on කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයා වාහනයේ ගමන් කරන්නේ හිමින් නම් AC off කරලා windows ටිකක් පාත් කරන යන්නා. ඒ වගේම එමඟින් ඔයාට පුළුවන් ඉන්ධන දහනය වීම අඩු කරගන්න.

ඉතින් ඔයාගේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චෙනවාද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම මේ දේවල් try කරලා බලන්නත් අමතක කරන්නත් එපා. මේ දේවල් ඔයා හරියටම කළොත් ඔයාට පුළුවන් වෙයි වැඩියෙන් තෙල් පිච්චෙන එක අඩු කරගෙන සතුටින් වාහනය drive කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!