වාහනයේ gear box එක ලෙඩ වෙන බව හැඟවෙන ලක්ෂණ

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයේ ලෙඩක් නැහැ කියන්නේ අපේ හිතටත් ලොකු පහසුවක්. මොකද අපි ගමනක් යන්න හදනකොට වාහනයේ දෝෂයක් ඇති වුණා කියන්නේ අපිට නියම වෙලාවට ඒ ගමන යන්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි එදිනෙදා වැඩකටයුතු වලට භාවිතා කරන වාහනයේ දෝෂයක් ඇති වෙනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු ගැටලුවක්.

ඉතින් මේ විදිහට වාහනයේ ඉක්මනින්ම ලෙඩ වෙන්න පුලුවන් කොටසක් තමයි gear box එක කියන්නේ. ඒ වගේම වාහනේට ගොඩක් වැදගත් කොටසක් තමයි gear box එක. මොකද වාහනයේ engine එකේ බලය ලැබෙන්නේ මේ gear box එකට.

ඉතින් අද MotorGuide අපි ඔබට අරගෙන ආවේ වාහනයේ gear box එක ලෙඩ වෙන බව හැඟවෙන ලක්ෂණ කිහිපයක්.

අමුතු හඬක්

ඔබට gear box එකෙන් වෙනදා ඇහුණේ නැති අනවශ්‍ය ශබ්දයක් ඇසෙනවා නම් අනිවාර්යයෙන්ම gear box එකේ දෝෂයක් ඇති වෙලා තියෙන්න පුලුවන්. මේ ශබ්දය ගොඩක් දුරට ගියර් මාරු කරන අවස්ථා වලදී තමයි ඔබට අහන්න ලැබෙන්නේ.

ඒ විතරක් නෙමෙයි ඔබ gear එක යොදා තිබෙන විට gear එක auto පැනීමක් සිදු වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි gear දානකොට හිර වීමක් සිදු වෙන්නත් පුලුවන්. මේ වගේ දෝෂයක් ආවම ඔබ අනිවාර්යයෙන්ම මෝටර් කාර්මිකයෙක් ලවා වාහනය පරික්ෂා කරවන්න ඕනේ.

එතැනදී clutch එකේ දෝෂයක් තිබෙනවාද කියා පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා. Clutch එකේ ප්‍රශ්න නිසාත් auto gear box එකට ගැටලු ඇති වෙන්න පුලුවන්. මොකද clutch එක තමයි, engine එක gear box එක අතර සම්බන්ධතාවය ඇති කිරීම සහ විසන්ධි කිරීම සිදු කරන්නේ.

අනෙකුත් ලක්ෂණ

  • Gear දැමීමේදී response එක අඩු වීම
  • Fluid කාන්දු වීම
  • Gear මාරු කිරීමේදී අධික සෙලවීමක් හෝ ඇඹරීමක් සිදු වීම
  • Burning Smell එකක් දැනීම
  • නිවැරදි gear එකේ ගමන් නොකිරීම

Oil ගැන සැලකිලිමත් වෙන්න

Gear box එක හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් gear oil වල ක්‍රියාකාරිත්වය අනිවාර්යයයි. කෙටියෙන්ම කිව්වොත් වාහනයක engine oil තරමට ගියර් oil වැදගත් වෙනවා. ඒ වගේම වාහනයෙන් වාහනයට use කරන්න ඕනේ gear oil වර්ගයත් වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ වගේම auto gear වාහනයක transmission දියර ප්‍රමාණය ගැනත් නිතරම සැලකිලිමත් වීම අනිවාර්යය දෙයක්. මොකද එහෙම නැති වුණොත් auto gear වාහනයේ දෝෂ ඇති වෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න පුලුවන්.

Handbrake ගැන සැලකිලිමත් වෙන්න

ඔබට තියෙන්නේ auto gear වාහනයක් නම්, එම වාහනය නවත්වනකොට වාහනයේ handbrake එක අදින්න අමතක කරන්න එපා. gear එක parking gear එකට දැම්මට පස්සේ වාහනය නැවතුනත් ඒක හැම වෙලාවේම වලංගු වෙන්නේ නම් නැහැ. මොකද සමහර විට gear එක park එකට දාලා තිබුණත් වාහනය නවත්වා ගන්න ඒක විතරක් ප්‍රමාණවත් නොවෙන්න පුලුවන්. ඉතින් අදින් පස්සේ auto gear වාහනයක් නවත්වනවා නම් හැම තිස්සෙම handbrake එක අදින්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඒක කරන්න ඕනෙත් gear එක park එකට දාන්න කළින්. එහෙම නැති වුනොත් gear box එකට යොදන බලය වැඩි වෙලා, gear box එකට හානියක් සිදු වෙන්න පුලුවන්.

Gear එක උඩ අත තියන්න එපා

වාහනයක් භාවිතා කරනකොට තමන්ටම ආවේණික පුරුදු තියෙනවා. සමහර අය සුක්කානම පවා අල්ලන්නේ තමන්ටම ආවේණික වුණු විදිහට. හැබැයි drive කරනකොට අත් දෙකම සුක්කානමේ තබා ගැනීම ගොඩක් වැදගත්. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා එක අතකින් සුක්කානම අල්ලගෙන අනිත් අත gear එක උඩ තියාගෙන යන්න. මේ හේතුවෙන් gear box එකට හානියක් වෙන්න තියෙන අවස්ථාව හොඳටම වැඩියි. කාලයක් ගියාම වාහනයේ gear හරියට වැටෙන්නේ නැතුව යනවා.

නිවුටල් කරන්න එපා

ගොඩක් අය කරන තවත් වැරද්දක් තමයි auto gear වාහන නිතරම නිවුටල් කරන එක. කිසිම දවසක මේ දේ නම් කරන්න එපා. මේ වැරැද්ද ගොඩක් කරන්නේ manual වාහනයකින් auto වාහනයකට මාරු වුණු අය. Auto gear වාහනයක gear box එකේ සැකැස්ම වෙනස් නිසා නිතර නිවුටල් කිරීම, gear box එකේ කොටස් ගෙවී යෑමට හේතු වෙනවා.

ඔබේ වාහනයේත් MotorGuide අපි ඉහත කිව්ව ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින්ම මෝටර් කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න අමතක කරන්න එපා. මොකද එතකොට පුලුවන් වාහනයට ලොකු හානියක් නොවී ඇති වී තිබෙන දෝෂය නිවැරදි කර ගන්න. ඒ වගේම අපි කිව්ව tips follow කළොත් ඔබට පුලුවන් දෝෂ වලින් gear box එක ආරක්ෂා කරගන්නත්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!