ඔබේ මෝටර් රථයේ වර්ණය වෙනස් කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔයා කැමතිම පාට මොකක්ද? අපි හැමෝම විවිධ පාට වලට කැමතියි. ඉතින් ඒ නිසාම අපි මොනවා හරි දෙයක් ගන්න ගියාම හැම වෙලාවේම try කරන්නේ අපේ කැමතිම පාටින් ඒ දේ මිලදී ගන්න. ඇඳුම් වගේ පොඩි පොඩි දේවල් නම් මේ විදිහට කැමතිම පාටින් ගන්න පුළුවන් වුණත් වාහනයක් ගන්නකොට නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

මොකද අපේ හිතේ තියෙන පාටින්, අතේ තියෙන budget එකට vehicle එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.ඒත් ඒකටත් විසඳුමක් තියෙනවා. ඒ තමයි වාහනයක් අරගෙන අපේ කැමතිම පාටින් ඒක repaint කරන එක.හැබැයි එහෙම කරන්න කලින් ඔයා හිතන්නම ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. අද MotorGuide අපි ඔයාට කියන්නේ ඒ ගැන.

කොහොමද paint කරන්නේ?

Car එක්ක paint colour එක වෙනස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි Car wrap සහ Car spray paint කියන්නේ. ඉතින් ඔයා මුලින්ම හිතන්න ඕනේ ඔයාගේ වාහනයේ paint එක වෙනස් කරන්නේ කොහොමද කියලා.ඊට කලින් අපි බලමු මොකක්ද මේ Car wrap කියන්නේ කියලා. Car wrapping කියන්නේ ඔබේ මෝටර් රථයේ වර්ණය තීන්ත ආලේප කිරීමකින් තොරව වෙනස් කිරීමේ එක් ක්‍රමයක්. ඔබේ මෝටර් රථයට vinyl film එකක් තාපය සමඟින්, අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් යෙදීම තමයි මෙහිදී සිදු වෙන්නේ.

මෙමඟින් මෝටර් රථයේ පෙනුම වෙනස් කිරීමට අමතරව, ඔබේ මෝටර් රථයේ මතුපිටද ආරක්ෂා වීම සිදු වෙනවා. Car wrapping සාමාන්‍යයෙන් හඳුන්වන්නේ paint wraps, paint protection films හා colour change wraps යන නම් වලින්.

දැන් අපි බලමු Car spray paint කියන්නේ මොකක්ද කියලා. Car spray painting යනු වාහනයක වර්ණය වෙනස් කිරීම සඳහා acrylic හෝ urethane paint ආලේප කිරීම සඳහා spray gun එකක් භාවිතා කිරීම. මේක permanent car modification එකක් නිසා මේ ක්‍රියාවලිය සඳහා අධික මුදලක් වැය වෙන්න පුළුවන්.

නීතිය ගැනත් හිතන්න

අපි මොන පාටට ආස වුණත් කිසිම දවසක අපේ හිතුමනාපෙට වාහනයක වර්ණය වෙනස් කරන්න බැහැ. මොකද වාහනයේ වර්ණය වෙනස් කිරීම කියන්නේ වාහනයේ අනන්‍යතාවයට බලපාන දෙයක්. ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන පනතේ 10 වගන්තිය යටතේ මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය මත තමයි වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. එහිදී CAP 72, CAP 130 කියන ආකෘති පත්‍ර සමඟ ඔබගේ වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. මේ සියලු ලේඛන ඉදිරිපත් කළාට පස්සේ නිත්‍යානුකුලව වාහනයේ වර්ණය වෙනස් කරන්න පුලුවන්.

Resale value එක ගැන හිතන්න

වාහනයක වර්ණය වෙනස් කිරීම එහි නැවත විකුණුම් අගයට බලපෑම් සිදු කරන්න පුළුවන්. මොකද ඔයාගේ කැමතිම පාටට තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම වාහනයේ වර්ණය වෙනස් කිරීම නිසා මෝටර් රථයේ තත්ත්වය ගැන සමහර dealers සැක පහළ කළ කරන්න පුළුවන්. මොකද accident වුණු වාහනයක් නැවත විකිණීමේදීත් ගොඩක් අය කරන්නේ වර්ණය වෙනස් කරන එක.ඉතින් ඒ නිසා uncommon පාටකින් වාහනය වර්ණ ගන්වන කලින් මේ ගැනත් හිතන්න අමතක කරන්න එපා.

වර්ණය වෙනස් කිරීම සඳහා යන වියදම

වාහනයේ වර්ණය වෙනස් කරන්න කලින් ඔබ සිතිය යුතු තවත් දෙයක් තමයි, මෝටර් රථය වර්ණ වෙනස් කිරීමේ මිලට එය වටිනවාද කියන එක. මොකද හොඳ quality එකක් තියෙන විදිහට වාහනයේ වර්ණය වෙනස් කරන්න නම සැළකිය යුතු මුදලක් වියදම් වෙනවා. ඉතින් ඒ නිසා මේ වර්ණය වෙනස් කිරීම වාහනයට අත්‍යවශ්‍යමද කියලා හිතලා බලන්න ඕනේ.

විශේෂයෙන්ම ඔබේ මෝටර් රථය පරණයි නම් එය වර්ණ ගන්වා නවීකරණය කිරීමට එහි වටිනාකමට වඩා වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්.

ගත වෙන කාලය ගැන හිතන්න

ඕනෙම දෙයක් කරන්න යම් කිසි කාලයක් ගත වෙනවා. විශේෂයෙන්ම වාහනයක පාට වෙනස් කරන්න.ඔබත් වාහනයේ වර්ණය වෙනස් කරන්න හිතනවා නම් මෙයට ගත වෙන කාලය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ.මොකද ඔබ නිතරම drive කරන කෙනෙක් නම් වාහනය නොමැතිව දවස් කිහිපයක් හෝ සති කිහිපයක් සිටීමට සිදු වෙනවා.සරලව කිව්වොත් ඔබ Wrapping ක්‍රමය මඟින් වාහනයේ වර්ණය වෙනස් කරනවා නම් ඒ සඳහා දින 1 - 3 ක් ගත වන අතර spray paint සඳහා සති 1 - 3 ක් පමණ ගත වෙනවා.

උෂ්ණත්ව අවශෝෂණය ගැන හිතන්න

ඔබේ වාහනයට නව වර්ණයක් තෝරාගැනීමේදී, මෝටර් රථය නිරන්තරයෙන් පවතින පරිසරයේ උෂ්ණත්වය ගැනත් සලකා බලන්න ඕනේ. උණුසුම් හා තෙතමනය සහිත රටක, කළු හෝ නිල් වැනි තද වර්ණ තාපය වැඩිපුරම අවශෝෂණය කරනවා. මෙය ඔබගේ engine එක අධික ලෙස රත් වීමටත් හේතු වෙන්න පුළුවන්.

එසේම සුදු හෝ ලා පැහැති වර්ණ මෝටර් රථය සිසිල්ව තබා ගැනීමට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා බාහිර ලස්සන ගැන වගේම උෂ්ණත්වය ගැනත් අවධානය යොමු කරන්න මතක තියාගන්න.

ඉතින් මේ දේවල් තමයි වාහනයක වර්ණය වෙනස් කරන්න කලින් ඔබ හිතන්නම ඕනේ දේවල්. ඔබත් වාහනයේ වර්ණය වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා නම් අද MotorGuide අපි කිව්ව කරුණු ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!