වාහනයේ කල් පැවැත්මට නිවසේදීම කළ හැකි දේවල්

time
මිනිත්තු 5 කියවීම
feature image

දවසකට පාරෙ කොච්චර නම් වාහන යනවද? එක එක වර්ගයේ වාහන යනවා. ඒ අතර අපේ හිත ගිය වාහනත් තියෙනවා. හැබැයි කොච්චර මිල අධික වුණත්, මොන තරම් පෙනුමක් තිබුණත්, සමහර වාහන වල ආයු කාලය හිතනවටත් වඩා ඉක්මනට අඩු වෙනවා. එතකොට ඉතින් කොච්චර මිලක් වුණත්, පෙනුමට තිබුණත් ඵලක් නෑනෙ. වාහනයක නියම ආයු කාලය ඉක්මනට අඩු වෙන්න, අපි හිතා මතා කරන වැරදි වගේම නොහිතා කරන වැරදිත් හේතු වෙනවා. එහෙනම් කොහොමද වාහනයක් කල් පවත්වා ගන්නෙ? ඒ ගැන තමයි අද අපි MotorGuide තුළින් ඔබට කියන්නෙ.

Maintain කිරීමට Schedule එකක් හදන්න

සාමාන්‍යයෙන් අපිට මොනවා හරි දෙයක් ගොඩක් කල් තියාගන්න ඕනෙ නම්, අනිවාර්යයෙන් ඒ දේ Maintain කරන්න ඕනෙ. ඒ වගේ තමයි ළඟ තියෙන වාහනෙත්. ඔබට පුළුවන්, වාහනේ manual එක කියවලා, මේකට schedule එකක් හදාගන්න. එතකොට අපිට පුලුවන් cooling system එක, drive train එක, suspension එක සහ අනෙකුත් උපාංග වල සිදු වන ගැටලු ටික මඟ හරවා ගන්න.

Fluids Check කරන්න

වාහනයේ anti-freeze එක, transmission fluid, power steering fluid සහ brake fluid level එක නිතරම check කරන්න ඕනෙ. ඒකට refuel කරන්න පුළුවන්. මෙතනදි වාහනයෙන් fluids leak නොවුණත්, ඒක ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිතර නිතර fluid levels check කිරීමෙන් leak එකක් තියෙනවද කියලා ඔබට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සමහර fluids වල colour එකත් check කරන්න ඕනෙ. මේවායින් සමහර ඒවා විනිවිද පෙනෙන ප්ලාස්ටික් ටැංකි වල තියෙන අතර ඒවා ඔබට ලේසියෙන්ම බලන්න පුළුවන්. Anti-freeze එක රෝස, කොළ, හෝ කහ කියන පාට වලින් එකක් වෙන්න ඕනෙ.

Oil සහ Air Filter එක වෙනස් කරන්න

Air Filter එක වෙනස් කරන එක නම් ඔබට හරිම ලේසියෙන් නිවසේදීම කර ගන්න පුළුවන්. වාහනයේ Air Filter එක, අපිරිසිදු දේවල් filter කරනවා. ඕනම Auto Parts Store එකකින් ගැළපෙන filter එකක් මිලදී ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම Air Filter එක තියෙන ස්ථානය, වාහනයේ manual එකෙන් බලා ගන්න පුළුවන්. අපිරිසිදු, දූවිලි සහිත filter එකක් එන්ජිමට බරපතල ලෙස හානි කරන්න පුළුවන් අතර ඒකෙ ආයු කාලය අවුරුදු ගාණකින් අඩු කරනවා. ඒ වගේම gas mileage එකට තරමක් බාධා කරන අතර වාහනයේ වේගයත් දුර්වල කරනවා.

වාහනේ Oil වෙනස් කරන්න නම් හොඳම schedule එක, manual එකෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ නිෂ්පාදකයින් හැම සැතපුම් 5,000 කට වරක්ම Oil වෙනස් කරන්න suggest කරනවා.

Brake Pad වල ඝනකම බලන්න

වාහනයේ brake pad වල ඝනකම නිරීක්ෂණය කරන්න. ඒ ගැන බැලුවෙ නැත්නම් brake pad එක ලෝහයක් නිසා දිරාපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට නම් අවස්ථාවක් දෙන්න එපා. මොකද ඒක brake rotors වලට හානි සිදු කරනවා. ඒ නිසා ඔබේ වාහනෙත් කල් තියාගන්න ඕනෙ නම්, brake pad ගැන බලන්න වෙනවා.

ටයර් ගැන අවධානය යොමු කරන්න

වාහනයකට නැතුවම බැරි දේ තමයි ටයර්. මොකද ටයර් නැත්නම් වාහනේට කොහෙවත් යන්න එන්න විදියක් නෑනෙ. ඉතින් වාහනේ ටයර් ටික නිවැරදිව නෑ කියන්නෙ, වාහනයේ structural integrity එක අවධානමකට ලක් වෙනවා.

අඩුවෙන් හුළං තියෙන ටයර් වල ආයු කාලය 15% කින් අඩු කරන්න පුළුවන් අතර gas mileage එකත් තරමක් අඩු කරනවා. ඒ නිසා ටයර් පීඩනය බලලා, recommend කරලා තියෙන පීඩනයට අනුව ටයර් වල හුළං තත්වය පවත්වා ගන්න. එමඟින් ටයර් පිපිරීම් වළක්වා ගන්නත් පුළුවන්.

ටයර් පිහිටීම වෙනස් කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. මොකද එමඟින් ටයර් වල ආයු කාලය දීර්ඝ කරනවා. ටයර් කරකැවිය යුතු රටාව, වාහනයේ drivetrain එක සහ ටයර් වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔබේ වාහනයේ manual එකේ, ටයර් කරකැවීම සම්බන්ධව තොරතුරු අකුරක් නෑර අඩංගු වෙනවා. සමහර ටයර් තියෙනවා, විශේෂයෙන්ම sports cars වල ටයර්, directional වන අතර ඒවා එක පැත්තකට පමණක් කරකවන්න ඕනෙ. මේ බව දක්වන්න තමයි, sidewall එකේ ලොකු ඊතලයක් තියෙන්නෙ.

Handbrake භාවිතා කරන්න

ඔබ drive කරන්නෙ Automatic Transmission එකක් සහිත වාහනයක් නම්, විශේෂයෙන්ම ඔබ වාහනේ park කරලා තියෙන්නෙ, බෑවුමක් වගේ තැනක නම්, නිතිපතා handbrake භාවිතා කරන්න. ඒක වාහනයේ පිටුපස brake adjust කරන්න වගේම දිගු කාලයක් පවත්වා ගන්නත් උදව් වෙනවා.

අවශ්‍ය අවස්ථාවේදී Wash කරන්න

සාමාන්‍යයෙන් අපි ඇඳුමක් එක පාරක් ඇඳලා, ඒක හෝදලා දානවනෙ. හේතුව තමයි, කිළුටු නොවී තිබුණත් දූවිලි, දාඩිය එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි වාහනෙත්, මහා ලොකු වෙනසක් නෑ. මහ පාරෙ යනවා කියන්නෙත් එසේ මෙසේ දෙයක් නෙවෙයිනෙ. දූවිලි වැදෙනවා, මඩ වලවල් වලින් යන්න වෙනවා, මේ වගේ ප්‍රශ්න ගොඩයි. හැබැයි මේ කියන්නෙ, ඇඳුම් වගේ දවස ගාණෙ වාහනේ හෝදන්න කියන එක නෙවෙයි. හරිම වෙලාවට වාහනේ wash කරන්න. එක දිගට කාලයක් wash කරන්නේ නැතුව හිටියොත් පහු වෙනකොට වාහනය පතුලේ, දොරවල් වල මලකඩ දකින්න පුළුවන්. ඔහොම ගිහින් මේ විඛාදනය brake line වගේ වාහනයේ underbody එකේ ඇති කොටස් වලට පවා ඇතුළු වෙනවා. අනිත් එක ටික ටික තමයි මේ හානිය සිද්ධ වෙන්නෙ. ඒ නිසා මඟ හරින්නේ නැතුව අවශ්‍ය අවස්ථාවේදී වාහනය wash කරන්න.

Drive කරන විට ඇති නරක පුරුදු අත් හරින්න

අපි පාරට බැහැලා පොඩි වෙලාවක් යන එන වාහන දිහා බලාගෙන හිටියොත්, drive කරනකොට මතුවන නරක පුරුදු ඕන තරම් බලා ගන්න පුළුවන්. වෙනම වෙලාවක් ගන්න ඕනෙත් නෑ. යන එන ගමන් පොඩ්ඩක් පාරෙ යන වාහන දිහා බලන්නකො. අධික වේගයෙන් වංගු ගැනීම, අධික වේගයෙන් drive කිරීම, තදින් brake ගැසීම වගේ දේවල් ඕන තරම් දකින්න පුළුවන්. හරියටම වාහනයක් drive කරන අය ඉන්නෙ, අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු ප්‍රමාණයක්. සමහර විට ඔබ ළඟත් මේ එක පුරුද්දක් හරි ඇති. ඒ කොහොම වුණත් මේ දේවල් වාහනේ කල් පැවැත්මට බලපානවා. විශේෂයෙන්ම තදින් brake ගැසීම වාහනයේ brake pad deterioration වීමට හේතු වෙනවා.

අලුත් වාහනයක් වුණත්, පරණ වාහනයක් වුණත් ලෙඩක් නැතුව ලොකු කාලයක් තියාගන්න එක තමන්ට වටිනවනෙ. ඒ නිසා අපි අද කියපු දේවල් හරියටම try කරන්න. එතකොට ඔබට පුළුවන්, ඔබේ වාහනේ ආයු කාලය හිතනවටත් වඩා වැඩි කර ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!