වාහනයක් හිමි ඔබ දැනගත යුතුම දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් කියන්නේ හැමෝගෙම හීනයක්. හැබැයි වාහනයක් ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඒ ගන්න වාහනය නඩත්තු කරන එකත් ලේසි නැහැ. වාහනයක් හරියට නඩත්තු කරන්න නම් ඔයා වාහනය ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අද MotorGuide අපි හිතුවා වාහනයක් හිමි ඔයා දැනගතයුතු දේවල් මොනවද කියලා කියන්න.

වාහනයේ year එක, manufacture සහ model එක ගැන දැනගන්න

ඔයාගේ වාහනය ගැන දැනගන්න ඕනේ පළවෙනි දේ තමයි වාහනය manufacture කරපු year එක, vehicle type වගේම model එක. ඉතින් ගොඩක් අය මේ ගැන සැළකිල්ලක් දක්වනවා කියලා නම් පේන්නෙ නැහැ. වාහනය නඩත්තු කරන්න සහ අලුත්වැඩියා කරන්න නම් ඔයා මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද වාහනයේ සියලුම කොටස් වාහනයේ manufacture හා model එක මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒක නිසා ඔයා මේ තොරතුරු දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම වාහන වල design, construction සහ models අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්.

VIN code එක

ඉතින් මේ VIN code එක කියන්නේ ඔයාගේ වාහනය හඳුනා ගන්න තියෙන ඉලක්කම් 17ක code එකක්. වාහනයේ නිෂ්පාදිත දිනය, ස්ථානය, model එක, engine size එක සහ වෙනත් තොරතුරු ගැන හඳුනා ගන්න මේ code එක ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේ VIN code එක ඔයාගේ වාහනයත් එක්ක දිගටම තියෙනවා. ඔයා වාහන රක්ෂණ සමාගම් හා කතා කරන කොට මේ VIN code එක ප්‍රයෝජනවත් වෙනවා. මොකද වාහන රක්ෂණ ඔප්පු නිකුත් කරන්න මේ VIN code එක පාවිච්චි කරනවා. ඔයා වාහනයක් ගන්නවා නම් හරි, නැත්තන් අමතර කොටස් මිලදී ගන්න ඕනේ නම් හරි VIN code එක පාවිච්චි කරන්න පුළුවන්.

නඩත්තු කටයුතු

වාහනය හොදින් drive කරන්න නම් ඔයා නිශ්චිත කාලසටහනකට අනුව නඩත්තු කටයුතු කරගන්න ඕනේ. ඒකෙන් ඔයාට oil change, fluids check, tires, battery වගේම අනිත් සියලුම දේ නියමිත වෙලාවේදී නඩත්තු කරගන්න පහසු වෙනවා. ඒ විදිහට නියමිත කාලසීමාවේදී ඔයා නඩත්තු කටයුතු කිරීමෙන් වාහනය හොඳින් drive කරගන්න වගේම වැඩි කාලයක් වාහනය පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ සඳහා වැඩි විස්තර owner’s manual book ඒකෙන් දැනගන්න පුළුවන්.

Tire pressure එක

Tire pressure එක ගැන ගොඩක් අය වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් ඔයා tires ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියන්නේ tires වල ඉක්මනටම ආයු කාලය අඩු වෙනවා කියන එක තමයි. ඉතින් ඔයාලා දන්නවා tires ගොඩක් මිල අධිකයි. ඒත් ඔයා tires නිවැරදිව බලාගන්නවා නම් සමහර ඒවා සැතපුම් 50,000 කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

Dashboard warning lights

ඉතින් dashboard warning light වාහනයේ ක්‍රියාකාරිත්වයට ගොඩක් වැදගත් වෙනවා. වාහන නිෂ්පාදකයින් අතර dashboard lights වෙනස් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන් owner’s manual book එකෙන්. මේ dashboard lights කාණ්ඩ 3කට බෙදලා තියෙනවා.

  • රතු - දැන් උදව් ලබා ගන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. මේවා සමහර විට මගී ආරක්ෂාවට සම්බන්ධව තමයි තියෙන්නේ.
  • කහ - හැකි ඉක්මනින් මෙය පරීක්ෂා කරන්න කියන එක තමයි මේකෙන් කියන්නේ.
  • කොළ හෝ නිල් - තොරතුරු හා අරමුණු සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් කියන්නේ.

වාහනයේ mechanics පැත්ත

ඔයා වාහනය හසුරුවන ආකාරය වගේම නිපදවන sounds/smells ගැනත් දැනගෙන ඉන්න ඕනේ. Engine sounds හා smells කියන්නේ ඔයාගේ වාහනයේ කිසියම් දෙයක් ගැන අනතුරු ඇඟවිමක් පෙන්වන කාරණයක්. ඉතින් ඔයා වාහනයේ sounds වලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වගේ sounds වාහනයෙන් ඇසෙනවා නම්, වාහනයේ ඉන්ධන හෝ තෙල් අඩුවීම නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැටලු ඇති වුණොත් ඉක්මනටම අලුත්වැඩියා කටයුතු කරගන්න ඕනේ.

Parking spot එක check කරන්න

ඔයා වාහනය park කරපු තැන පරික්ෂා කරන එක ගොඩක් වැදගත් දෙයක්. නිතරම මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට තෙල් කාන්දුවීම් හෝ බිම කළු පැල්ලම් තියෙනවද කියලා බලන්න වගේම tires නිසි ආකාරයට තියෙනවද කියලත් බලන එක. මේ විදිහට ඔයා බැලුවොත් ඉදිරියේදී වාහනයේ ඇති වෙන්න පුළුවන් ගැටලු ගැන කලින්ම දැන ගන්න පුළුවන්.

Oil සහ water levels check කරන්න

වාහනය drive කරන්න කළින් හැමදාම oil සහ water levels check කිරීම ගොඩක් වැදගත්. Oil දීප්තිමත් හා පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම oil අඳුරු හා අපිරිසිදු වෙලා නම් ඒ කියන්නේ වාහනයේ oil change කරන්න කාලය හරි කියලා. ඒ වගේම වාහනයේ water levels check කිරීමෙන් වාහනය අධිකව රත් වෙන එක වළක්වා ගන්නත් ඔයාට පුළුවන්.

Tailgate කරන්න එපා

Drive කරද්දී ඔයාගේ වාහනය සහ ඔයාගේ ඉස්සරහින් තියෙන වාහනය අතර යම් දුරක් තබාගන්න ඕනේ. මොකද ඉදිරියේ තියෙන වාහනය හදිසියේ brake කළොත් වාහනය හැප්පෙන එකෙන් වළක්වා ගන්න පුළුවන්.

පිරිසිදු බව

ඉතින් ගොඩක් වාහන වල ගැටලු ඇති වෙන්නේ අපිරිසිදු වීම නිසා. ඔයා අවම වශයෙන් වාහනයේ ඇතුළතවත් පිරිසිදුව තියා ගන්න එක වැදගත්. මොකද ඒකෙන් වාහනයේ ගැටලු ඇතිවීම වළක්වනවා වගේම ඔයාට නැවුම් සුවපහසු බවක් ලැබෙනවා.

ඉතින් මෙන්න මේ දේවල් තමයි වාහනයක් තියෙන ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දේවල්. අද ඉදන් ඔයත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!