Hybrid බැටරි ගැන දැනගත යුතුම දේවල්

time
මිනිත්තු 3 කියවීම
feature image

Hybrid කියපු ගමන් දන්න නොදන්න හැමෝටම මතක් වෙන්නෙ, පරිසර හිතකාමී කියන දේ. හැබැයි ඇත්තටම Hybrid බැටරි ගැන ඔබ දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි අද MotorGuide තුළින් කතා කරමු, Hybrid බැටරි ගැන ඔබ දැනගත යුතුම දේවල් මොනවද කියලා.

Hybrid බැටරියක් කියන්නෙ මොකක්ද?

Hybrid වාහනයක තියෙන්නෙ, ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන මෝටරයක සහ hybrid බැටරියක ක්‍රියාකාරීත්වය. එය recharge කළ හැකි අතර විශාල වාහනයක් චලනය කිරීමට ප්‍රමාණවත් බලයක් සපයනවා.

Hybrid බැටරි ගැන දැනගත යුතු මූලික කරුණු මොනවද?

Hybrid වාහන අද වෙනකොට ගොඩාක් දියුණු වෙලා තියෙනවා. හැබැයි තවමත් දැරිය හැකි මිලකට ඔබට මිලදී ගන්න පුළුවන්. Hybrid වාහන, අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහන සඳහා හොඳ විකල්පයක්. ඒ වගේම විදුලිය සහ පෙට්‍රල් අතර පරතරය අඩු කරනවා. කැපී පෙනෙන ඉන්ධන පිරිමැස්ම වගේ පැහැදිලි වරප්‍රසාදත් Hybrid බැටරි ඔබට ලබා දෙනවා. තව දෙයක් තමයි Hybrid බැටරි හදලා තියෙන්නෙ, දිගු දුරක් ගමන් කිරීමට හැකි වන පරිදි වීමත් විශේෂත්වයක්.

Hybrid බැටරි වැඩ කරන්නෙ කොහොමද?

Hybrid බැටරියක ඇති පුංචි අඩුපාඩුවක් තමයි එහි සීමිත ආයු කාලය. Bumblebee Batteries අනුව බොහෝ hybrid බැටරි සඳහා වසර 8 ක හෝ සැතපුම් 100,000 ක වගකීමක් තියෙනවා. නමුත් සමහර ඒවා ඒ කාලෙට කළිං අසාර්ථක වෙනවා. අනිත් එක තමයි Hybrid වාහනයක්, Hybrid බැටරියක් නැතුව ධාවනය කරන්න බැහැ. වාසනාවකට Hybrid technology එක සෑම විටම develope වෙමින් පවතිනවා. අලුත් hybrid බැටරි, පැරණි hybrid බැටරි වලට වඩා දියුණු වෙනවා. ඇත්තටම වාහනය බලගැන්වීමට අවශ්‍ය massive charge නිර්මාණය කිරීම සඳහා එකට ක්‍රියා කරන බහු සෛල අඩංගු බැටරි pack එකක් තමයි Hybrid බැටරි කියන්නෙ.

Hybrid බැටරියකින් නිපදවන ශක්තිය, වාහනයේ හැකියාව ඇති විදුලි පරාසය තීරණය කරනවා. ඒ වගේම දී ඇති මොහොතක බැටරියෙන් ලබා ගත හැකි බලය, වාහනයේ acceleration එක තීරණය කරනවා.

Hybrid බැටරි වර්ග මොනවද?

Toyota Prius Hybrid බැටරිය

අඩු උෂ්ණත්ව වලදී බැටරියේ හැකියාවන් අඩු වන අතර ඉහළ උෂ්ණත්ව වලදී බැටරියේ හැකියාවන් වැඩි වෙනවා. Prius බැටරිය, වාහනය නියමිත උෂ්ණත්වයක සහ charge level එකේ තියා ගන්න කැප වෙනවා. ඒ වගේම මේ බැටරිය 201.6 V ක වෝල්ටීයතාවයක් නිපදවනවා.

Toyota Highlander Hybrid බැටරිය

Prius බැටරියට වඩා කුඩා වන අතර අධි වෝල්ටීයතාවයකින් 288 V ක් ලබා දෙනවා.

Ford Escape Hybrid බැටරිය

220 V ක සම්පූර්ණ වෝල්ටීයතාවයක් නිපදවනවා.

Honda Insight බැටරිය

144 V ක සම්පූර්ණ වෝල්ටීයතාවයක් නිපදවනවා. බැටරි පද්ධතිය කළමනාකරණය කරන technology එක EV Plus electric වාහන සඳහා develop කරපු technology එකට සමානයි.

Saturn Vue Hybrid බැටරිය

36 V ක වෝල්ටීයතාවයක් නිපදවනවා. ඒ වගේම මේ බැටරියට 14.5 kW උපරිම බලය ලබා දීමට සහ ලබා ගැනීමට හැකියාව තියෙනවා.

ඉතින් මේ කියපු දේවල් එක්ක වෙනත් බැටරි වලට වඩා Hybrid බැටරි වල තියෙන තාක්ෂණික වෙනස්කම් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඒක ඔබේ වාහනය සඳහා hybrid බලය උපරිම ලෙස භාවිතා කරන්න උදව් වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!