හරියටම Car එක Wax කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image
වාහනයක් හරියට maintain කරනවා කියන එක ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. මොකද අපි වාහනයක් තාක්ෂණික ගැටළු වගේම බාහිර අලංකාරය ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. ඉතින් වාහනයේ බාහිර අලංකාරය ගැන සැළකිලිමත් වෙනකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි නිතරම කුණු දුහුවිලි ඉවත් වෙන විදිහට වාහනය සෝදා පිරිසිදු කරගන්න එක. හැබැයි සේදුවට විතරක් මදි. වාහනයට අලුත්ම පෙනුමක් ලබා දෙන්න නම් අපි අනිවාර්යයෙන්ම Wax කරන්නත් ඕනේ. අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ හරියටම Car එක Wax කරන්නේ කොහොමද කියලා.

මෝටර් රථය සෝදන්න

Mild soap සහ ජලය භාවිතා කරමින්, ඔබේ මෝටර් රථය wax කිරීමට සූදානම් කිරීම සඳහා හොඳින් පිරිසිදු කරන්න ඕනේ. Wax කරන්න කලින් car එක හොඳින් පිරිසිදු කිරීම ගොඩක් වැදගත් වෙනවා. මොකද Wax එකේ කල්පැවැත්ම තීරණය කරන්න මෝටර් රථයේ පිරිසිදු බව බලපානවා. ඒ වගේම wax apply කරන්න කලින් car එක හොඳින් සෝදාගෙන වියළා ගන්නත් ඕනේ.

polishing compound එකක් භාවිතා කරන්න

අඳුරු, සීරීම් හෝ වෙනත් ආකාරයකින් හානි වූ තීන්ත සඳහා, wax apply කිරීමට පෙර polishing compound එකක් භාවිතා කර වාහනය හොඳින් අතුල්ලමින් ඔබ දමන්න. මෙහිදී ඔබ මතක තබාගන්න ඕනේ දෙයක් තමයි ගොඩක් තද කරන්නේ නැතුව මයික්‍රෝෆයිබර් රෙදිකඩක් භාවිතා කරමින් වාහනය පිරිසිදු කරන්න.

උෂ්ණත්වය ගැන අවධානය යොමු කරන්න

Wax කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම උෂ්ණත්යව ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 13°C සහ 30°C අතර උෂ්ණත්වයේදී තමයි වාහනයක් wax කරන්න වඩාත් සුදුසු වන්නේ. මොකද ඉතා උණුසුම් කාලගුණයක් තුළදී මෝටර් රථයට යොදන wax ක්ෂණිකව වියළී යන අතර, buffing කිරීම තරමක් අපහසු වෙනවා. මේ හේතුව නිසාම wax ඉවත් කිරීමද අපහසු වෙන්න පුළුවන්.

ඉර එළිය ගැන සැලකිලිමත් වෙන්න

Wax apply කරන්න කලින් අපි හිතන්න ඕනේ තවත් දෙයක් තමයි ඉර එළිය කියන්නේ. කිසිම අවස්ථාවක සෘජු ඉර එළිය වැටෙන ස්ථානයක් wax කරන්න තෝරාගන්න එපා. අනිවාර්යයෙන්ම ගරාජයක් වැනි සෙවන සහිත ස්ථානයක් මේ සඳහා තෝරාගන්න පුරුදු වෙන්න. විශේෂයන්ම උදෑසන හෝ සවස් කාලයේ මෝටර් රථය wax කිරීමට පුරුදු වෙන්න.

නිවැරදි wax වර්ගයක් තෝරාගන්න

මෝටර් රථයට තත්වයෙන් උසස් wax වර්ගයක් භාවිතා කරන්න පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් ටිකක් මිල අධික වුවද හොඳම නිෂ්පාදනයක් භාවිතා කරන්න පුරුදු වෙන්න. එය ඔබේ වාහනයේ paint එකේ කල්පැවැත්ම දිගු කාලයක් පවත්වා ගන්න උපකාරී වෙනවා.

හරි ප්‍රමාණයට wax ගන්න

Wax එකත් සමඟ පැමිණෙන foam applicator එක මත wax ටිකක් තබන්න. මෙහිදී ඔබ භාවිතා කරන product එකේ සඳහන් උපදෙස් දෙස පළමුව අවධානය යොමු කරන්න. ගොඩක් දෙනා කරන වැරැද්දක් තමයි අනවශ්‍ය විදිහට wax apply කිරීම. එමඟින් සිදු වන්නේ වැඩිපුර කුණු රැඳීම සහ ඉවත් කිරීම අපහසු වීමයි. එසේම වාහනයට smooth පෙනුමක් ලබන්නේද නැත. ඒ නිසා product එකේ සඳහන් උපදෙස් අනුව wax apply කිරීමට අමතක කරන්න එපා. විශේෂයෙන්ම foam applicator එක නැත්නම් ඔබට ඒ වෙනුවට තෙත sponge එකක් භාවිතා කරන්න පුළුවන්.

Circular motion එකට apply කරන්න

Wax කරනවා කියන එක කරන්නන් වාලේ කරන්න පුළුවන් වැඩක් නම් නෙවෙයි. මොකද wax apply කරන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. Wax ටික මෝටර් රථයේ කුඩා කොටසකටත් ඒකාකාරව සිටින ලෙස Circular motion එකට තමයි apply කරන්න ඕනේ. පසුව ඔබේ මෝටර් රථය කොටස් වලට බෙදා අවශ්‍ය පරිදි තවත් wax යොදමින් එක් එක් කොටසට wax apply කරන්න.

මිනිත්තු කිහිපයක් තියන්න

ඔබ භාවිතා කළ wax එකේ උපදෙස් අනුව මිනිත්තු කිහිපයක් wax එක වියළීමට ඉඩ ලබා දෙන්න. අවශ්‍ය කාලය ගත වුවාට පසු wax ඉවත් කිරීමට ඔබට පුළුවන්. මේ සඳහා නිවැරදිම වේලාව දැනගන්න පහසුම ක්‍රමය තමයි ඔබේ ඇඟිල්ලෙන් wax එක තරමක් තදින් අල්ලන්න. එවිට ඇගිල්ලේ සලකුණු දැකගන්න පුළුවන් නම් තවත් wax ඉවත් කිරීමේ වෙලාව පැමිණ නැහැ. නමුත් ඇගිල්ලෙන් ඇල්ලීමෙන් පසුවත් wax එක clear නම්, ඔබට දැන් wax ඉවත් කරන්න පුළුවන්.

Wax ඉවත් කරන්න

මයික්‍රෝ ෆයිබර් රෙද්දක් භාවිතයෙන් wax ඉවත් කර ඔබේ මෝටර් රථය නිවැරදිව polish කරන්න පුළුවන්. Wax ඉවත් කිරීමේදීත්, අලේප කල ආකාරයටම රවුම් චලිතයකින් පිසදැමීමට අමතක කරන්න එපා. ඒ වගේම රෙදි කැබැල්ලේ එක් පැත්තක් පමණක් මේ සඳහා භාවිතා කරන්න. Car එකට හොඳ shine එකක් එනකම් polish කරන්න.

Car එක සෝදන්න

Wax finishes සහිත මෝටර් රථ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මිශ්‍රණයකින් ඔබේ මෝටර් රථය සේදීමට වග බලා ගන්න. මේ සඳහා සාමාන්‍ය ඩිටර්ජන්ට් භාවිතා කරන්න පුළුවන්. නමුත් එය ඔබේ අලංකාර wax finishing එක ආරක්ෂා කර ගැනීමට ලොකු support එකක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සඳහාම විශේෂ වුණු මිශ්‍රණයක් භාවිතා කරන්න ඔබට පුළුවන්. ඉත්න් මේ විදිහට තමයි ගෙදරදීම car එක wax කරගන්නේ. අදින් පස්සේ ඔබත් ගෙදරදීම car එක wax කරන්න හිතාගෙන ඉන්නවා නම් MotorGuide අපි අද කිව්වා tips try කරන්න අමතක කරන්න එපා.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!