ලෙඩ ගොඩකට අහු වෙන්නේ නැතුව වාහනයක් ගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image

ගොඩක් අයගේ හීනයක් තමයි හොඳ වාහනයක් ගන්නවා කියන එක. ගොඩක් අය සල්ලි දීලා වාහන ගන්නවා. හැබැයි ටික කාලයක් ගියාම තමයි දැනගන්නේ අරන් තියෙන්නේ ලෙඩ ගොඩක් කියලා. ඔයා second hand වාහනයක් ගන්නකොට ඒ වාහනේ accident වුණ වාහනයක් ද, ලෙඩ තියෙන වාහනයක් ද කියලා බලන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔයාගේ සල්ලි නිරපරාදේ වියදම් වෙන එක විතරයි. ඉතින් ඒ නිසාම අද MotorGuide අපි කියන්නේ ලෙඩ ගොඩකට අහුවෙන්නේ නැතුව හොඳ වාහනයක් හොයාගන්නේ කොහොමද කියලා.

Windscreen එක බලන්න

වාහනයක් ගන්න කලින් ඔයා මුලින්ම බලන්න ඕනේ වාහනයේ windscreen එක. Windscreen එකේ තියෙන sticker එක ගැන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ sticker එක ගලවලා හරි නැත්නම් අලවලා හරි කියලා පේනවා නම් තමයි. ඒ කියන්නේ windscreen එක බිදිලා නැවත සකස් කරලා කියන එක.

වාහනයේ bonnet එක බලන්න

වාහනයේ bonnet එක ගැනත් සැළකිලිමත් වෙන්න. Bonnet එකේ දාර බලන්න. ඔයාට වෙනස් කරලා හරි paint කරලා හරි කියලා පේනවා නම්, ඒ වගේම එහි තියෙන සිදුරු මොට වෙලා වගේම නම් ඔයා ගන්න යන වාහනය අනතුරකට පත් වෙච්ච වාහනයක්.

Bumpers වලට හානි වෙලාද බලන්න

වාහනයේ bumpers වල තැනින් තැන හානි වෙලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙච්ච වාහනයක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි.

Lights බලන්න

Lights අලුතින් දාලා ද බලන්න. සමහර විට අලුතින් lights දාන්න ඇත්තේ accident එකකින් වාහනයේ lights වලට damage වුණ නිසා. එහෙමත් නැත්නම් වාහනය අලුත්වැඩියා කිරීමක් කරලා නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන්න.

Angle එකෙන් බලන්න

ඔයා වාහනය angel එකෙන් බැලුවම වාහනය ඇද වෙලා හරි නැත්නම් හදපු තැන් තියෙනවාද බලන්න. එහෙම වෙලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා තියෙන්න පුළුවන්.

වාහනයට තට්ටු කරලා බලන්න

ඔයා වාහනය වටේට ඇවිදින ගමන් වාහනයට තට්ටු කරලා බලන්න. සාමාන්‍යයෙන් එතකොට ඇහෙන්නේ තහඩුවකට තට්ටු කරද්දී ඇහෙන ශබ්දය. ඒත් ඔයාට එහෙම ශබ්දයක් ඇහෙන්නේ නැහැ කියන්නේ ඒ වාහනය accident වෙලා නැවත අලුත්වැඩියා කරපු එකක් නිසා වෙන්න පුළුවන්.

දිරපු තැන් තියෙනවද බලන්න

වාහනයේ දිරපු තැන් තියෙනවද කියලත් බලන්න අමතක කරන්න එපා. මොකද ඒකෙන් ඔයාටම තමයි කරදර වෙන්න වෙන්නේ. ඒ වගේම ඒ කොටස් ගලවලා ඉවත් කරලා paint කරන්නත් වෙනවා. ඉතින් මේකෙන් ඔයාගේ මුදල් වගේම කාලයත් වැය වෙනවා.

Gas pedal එක ළඟ

විශේෂයෙන් වාහනයේ gas pedal එක ළඟ තියෙන carpet එක අයින් කරලා බලන්න ඕනේ. ඒ තැන් දිරලා තියෙන්න පුළුවන්. ඒ වගේම වාහනයේ යට පැත්ත සම්පූර්ණයෙන්ම check කරන්න.

වාහනය විකුණන්නේ ඇයි?

ඔයා අනිවාර්යයෙන්ම මේ දේ බලන්න ඕනේ. වාහනය විකුණන කෙනා ඇයි මේ වාහනය විකුණන්නේ කියන දේ හොඳට හොයලා බලන්න. කියන දේවල් ඇත්තද කියලත් හොයාලා බලන්න. නැත්නම් අපිම තමයි කරදරේ වැටෙන්නේ.

වාහනයේ මිල ගණන් අඩු වීම

ඒ වගේම වාහනයේ මිල ගණන් අඩුයි නම්, ඒ ගැනත් විශේෂයෙන්ම හොයලා බලන්න වෙනවා. මොකද එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.

Engine එක ගැන බලන්න

Engine එක කියන්නේ වාහනයක හදවත හා සමාන වෙන දෙයක්. ඒකේ මලකඩ, දිරපු කොටස් වගේම leak වෙන තැන් තියෙනවද බලන්නත් මතක තියාගන්න.

වාහනයේ leak තියෙනවද බලන්න

Leak තියෙනවද, අවපැහැ වෙලාද තියෙන්නේ කියලත් බලන්න. සාමාන්‍යයෙන් engine oil වල පාට වෙන්නේ ලා දුඹුරැ පාට. Transmission oil රෝස හෝ රතු පාටක් ගන්නවා.

Tyres

Tyres නියමිත ගානට වඩා ගෙවිලද බලන්න, tyres 4ම එකම ප්‍රමාණයට ගෙවිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් tyres වල frame එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

වාහනයේ interior

වාහනය ඇතුළත dashboard, headlights, signal lights, ac, wiper වගේම sounds ගැනත් අවධානය දෙන්න. ඒ වගේම seat covers වලට damage වෙලාද බලන්න. Seat covers දාලා නම් තියෙන්නේ ඒවා ගලවලා check කරන්නත් මතක තියාගන්න.

වාහනය drive කරලම බලන්න

ඔයා වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ දේ කරලා බලන්න ඕනේ. ඉතින් එහෙම ඔයා drive කරද්දී විවිධ ශබ්ද ඇහෙනවාද, brake හරියට වැඩ කරනවද කියලත් බලන්න. ඒ විදිහට වාහනයේ හැම option එකක්ම හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ. වාහනය හයියෙන් වගේම හිමිනුත් drive කරලා බලන්න.

අමතර කොටස්

ඒ වගේම තමන් ගන්න වාහනයට අදාලව අමතර කොටස් ගන්න පුළුවන් වෙයිද කියලත් බලන්න අමතක කරන්න එපා. අමතර කොටස් තිබ්බත් ඒවා ගොඩක් ගණන් වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ඔයාට එහෙම වුණොත් මුදල් ප්‍රශ්න ගැනත් හිතලා බලන්න.

ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයා හොඳ වාහනයක් තෝරගද්දී බලන්න ඕනේ දේවල්. ඔයා වාහනයක් ගන්න නම් ඉන්නේ ඔයාට පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ලෙඩ ගොඩකට අහුවෙන්නේ නැතුව හොඳ වාහනයක් තෝරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!