වාහනයක් තියෙන ඔබ දැන ගත යුතුම tricks

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයක යනකොට ඔයාගේ ආරක්ෂාව ගැන වගේම පාරේ යන අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතන එකත් ගොඩක් වැදගත් දෙයක්. ඔයා වාහනය drive කරද්දී යොදාගන්න පුළුවන් tricks ගැන දන්නවා නම්, ඔයාට වගේම පාරේ යන අනිත් අයටත් වෙන්න පුළුවන් අනතරු වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම අද MotorGuide අපි හිතුවා වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tricks මොනවද කියලා කියන්න.

වාහනයේ key battery එක

දැන් තියෙන වාහන වල ගොඩක් වෙලාවට තියෙන්නේ smart start key facility එක. ඒ කියන්නේ ගොඩක් වාහන start කරගන්න තියෙන්නේ smart key එකකින්. මේ smart key එකට battery එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ smart key එකේ battery එක බහිනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕනේ යතුරින් battery එක open කරගන්න ඕනේ. මේ දේ honda, toyota කියන වාහන දෙකටම වගේම මේ වගේ vehicle key fob එකක් තියෙන ඕනෙම වාහනයකට අදාළ වෙනවා. Battery එක අයින් කරගෙන වාහනය start කරන තැනට ඒක ලං කරලා බැලුවට indicate වෙන්නේ නැහැ කියන එක ඔයාට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ press කරන්න හැදුවට display එකේ පෙන්නනවා key එක නැහැ කියලා. හැබැයි ඔයාට පුළුවන් ඒකේ logo එක වාහනය start කරන තැනට ලං කරන්න. ඊට පස්සේ brake එක පාගන්න. දැන් ඔයාට පුළුවන් වාහනය start කරගන්න. ඉතින් ඔයාගේ වාහනෙත් smart key එකේ battery එක dead වුණොත් මේ trick එක use කරන්න මතක තියාගන්න.

Steering wheel එක

ගොඩක් අය දන්නැති තව දෙයක් තමයි වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකක්ද කියන දේ. වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නවයයි තුන කියන ක්‍රමය. ඉතින් ඔයා වාහනය drive කරනකොට steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන කියන ක්‍රමයට. ඒත් ගොඩක් අය මේ steering wheel එක අල්ලන්නේ දහයයි දෙක කියන ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමය නම් පරණයි. ඉතින් ආරක්ෂිතව වාහනය drive කරන්න නම් steering wheel නිවැරදි විදිහට අල්ලන්න ඕනේ.Steering wheel එක අල්ලන හරිම විදිහ

ගොඩක් අය දන්නැති තව දෙයක් තමයි වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකක්ද කියන දේ. වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නවයයි තුන කියන ක්‍රමය. ඉතින් ඔයා වාහනය drive කරනකොට steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන කියන ක්‍රමයට. ඒත් ගොඩක් අය මේ steering wheel එක අල්ලන්නේ දහයයි දෙක කියන ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමය නම් පරණයි මොකද දැන් steering wheel එක මැද airbag තියෙන නිසා අනතුරකදී ඔයාගේ අත්වලට වෙන්න පුලුවන් හානිය අවම කරගන්න තමයි අත් steering එකෙන් නිරායාසයකින් ඉවත් වෙන තැනකින් අල්ලන්න recommend karanne. ඉතින් ආරක්ෂිතව වාහනය drive කරන්න නම් steering wheel නිවැරදි විදිහට අල්ලන්න ඕනේ.

Front mirror එක

පාරේ යනකොට අනිත් වාහන ගැන බලාගන්න front mirror එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ font mirror එක හරි විදිහට හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වාහනය drive කරද්දී පාරේ යන අනිත් වාහන හරියට පේන විදිහට හදා ගන්න ඕනේ.

ඒ වගේම තමයි ඔයාගේ වාහනයේ front mirror එකේ මීදුම බැඳුණු අවස්ථාවක dash board එකේ icon දෙකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ icon වලින් front mirror එකේ බැඳිලා තියෙන මීදුම අයින් කරගන්න.

Rear view mirror එක

ඔයා රාත්‍රී කාලයේ වාහනය drive කරනකොට පිටුපස තියෙන වාහන වල headlight මේ rear view mirror එකෙන් පරාවර්තනය වෙනවා. එතකොට ඔයාට වාහනය drive කරන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඔයා රාත්‍රී කාලයේ වාහනය drive කරනකොට rear view mirror එකේ පහළ තියෙන කුඩා කොටස උඩට දාන්න. ඒකෙන් ඔයාට අපහසුවක් නැතුව වාහනය drive කරන්න පුළුවන්.

Child safety lock එක

ඔයා ගමනක් යද්දී පොඩි අය එක්කන් යනවා නම් ඔයාට පුළුවන් මේ trick එක use කරන්න. සාමාන්‍යයෙන් පොඩි අය වාහනේ දොරවල් එක පාරට open කරනවා. ඉතින් එහෙම කළොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අන්න ඒ නිසාම ඔයාලට දීලා තියෙනවා වාහනයේ manufacture feature එකක්. ඒක තමයි child lock කියන්නේ. ඒකෙන් වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැරි වෙනවා. මේක තියෙන්නේ වාහන වල දොරේ. මේ lock එක දැම්මට පස්සේ වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැහැ පිටතින් විතරයි අරින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා පොඩි අය එක්ක ගමනක් යනකොට child lock එක on කරගෙන යන්න.

Brake නැති වුණු වෙලාවක

ඔයාගේ වාහනයේ Brake නැති වුණු අවස්ථාවක manual වාහනයක නම් gear එක low කරගන්න ඕනේ වාහනයේ speed එකත් එක්ක. ඊට පස්සේ gear එක හිමීට අඩු කරගන්න ඕනේ. ඒ වගේම auto gear එකක නම් drive එකේ වාහනය යන එක s එකට දාගන්න ඕනේ. ඊට පස්සේ වාහනය b එකට දාලා accelerator එකෙන් කකුල ගත්තට පස්සේ hand brake එක ඇඳගන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් වාහනය නවත්තගන්න පුළුවන්.

Parking වලදී

වාහනය park කරද්දී ඔයා වාහනයේ drive එකේ යන ගමන් වාහනය neutral එකට දාලා hand brake එක ඇඳගන්න ඕනේ. ඊට පස්සේ ඔයා foot brake එක කකුලෙන් release කරගන්න ඕනේ. එතකොට වාහනය ඉස්සරහට ගිහින් නවතිනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් parking එකට දාන්න. ඔයා මේ විදිහට park කරන එකෙන් වාහනයේ gear box එකත් ආරක්ෂා වෙනවා.

වාහනයේ model code එක

සාමාන්‍යයෙන් ජපන් වාහන වල passenger side එකේ වම් පැත්තේ frame එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ frame එකෙන් ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ වාහනයේ model එක මොකක්ද කියලා. ඒ වගේම වාහනයේ grade එක engine එක ගැන වගේ වාහනයේ හැමදෙයක්ම මේ frame එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.

මෙන්න මේ දේවල් තමයි වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tricks. ඉතින් ඔයා ආරක්ෂිතව පාරේ වාහනය drive කරන්න නම් මේ tricks ගැන සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Parking වලදී හරියටම hand brake සහ GEAR brake combination එක

වාහනයක් park බලන්න අවශ්‍ය ප්‍රධානම දේ තමයි parking එක කරන තැන කෙසේ වෙතත් තැනිතලාවක හෝ බෑමුවක හෝ හෙලක වුනත් වාහනයක් stable තියෙන එක, එකට රුකුලක් විදිහට තමයි hand brake එක තියෙන්නේ assist කරගන්න parking වලදී.

ඉතින් parking කරද්දී වාහනය ඔයා ඉස්සෙල්ලාම ප්‍රතිවිරුද්ධ දිසාවට low gear එකක තියලා switch off කරන්න ඕනේ.ඒ කියන්නේ වාහනය කන්දක් නගින ගමන් නම් තියෙන්නේ 1st එකට දාලා park කරන්න ඕනේ. මොකද වාහනය යන්න බලන්නේ පිටිපස්සට නිසා, ඊටපස්සේ ඔයාට තියෙන්නේ assist brake එක, ඒ කියන්නේ hand brake එක අදින්න, වාහනයේ handbrake වැඩ නැතිනම් අපි tyres block කරන්න recommend කරනවා opposite sides. ඒ කිව්වේ ඔයා ඉස්සරහ වමට ඇදයක් තිබ්බානම් ඊටපසසේ දකුණට තමයි අනික තියෙන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!