එන්ජින් වලින් දාන දුම් වර්ග

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ දැකලා තියෙනවද, වාහනයේ engine එකෙන් දුම් දානවා? සමහර විට දැකලා ඇති, සමහර විට දැකලා නැතුවත් ඇති. ඒ කොහොම වුණත් ඕනම engine එකකින් දුම් දානවා. හැබැයි ඒවා ඇහැට පේන්නේ නැති වෙන්න පුළුවන්. තවත් සමහර දුම් වර්ග ඇහැට පේනවා. ඉතින් වාහනයක් තියෙන කෙනෙක් විදිහට, වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට එහෙමත් නැත්නම් වාහනයක් drive කරන කෙනෙක් විදිහට ඔබ මේ engine වලින් දාන දුම් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා Motorguide අපි හිතුවා ඇහැට පේන engine වලින් දාන දුම් වර්ග ගැන අද ඔබට කියන්න.

Engine එකෙන් එන දුම් වර්ග මොනවද?

Engine එකකින් ඇහැට පේන්න දුමක් එනවා නම්, ඒ engine එකේ යම් ආකාරයක ගැටළුවක් තියෙනවා. සමහර විට ඒකෙන් කියන්නේ, engine එක අලුත්වැඩියා කරන්න කාලය ඇවිත් කියන එක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම engine එකකින් දාන දුම් වර්ග මූලික වශයෙන් වර්ග තුනක් තියෙනවා.

  • සුදු දුම
  • නිල් පාට දුම
  • කළු පාට දුම

මොකක්ද මේ සුදු දුම?

ගොඩක් වෙලාවට engine එකකින් සුදු දුම පිට වෙන්නේ, අදාළ engine එකේ oil පොඩි ප්‍රමාණයක් දහනය වෙනකොට. ඊට අමතරව water cooling වාහනයක් ගත්තාම, ගොඩක් වෙලාවට head gas cut එක ගිහිල්ලා cylinder එකට වතුර leak වෙනවා නම්, ඒ වතුර දහනය වෙලා යනකොටත් මේ කියන සුදු දුම එනවා. Water cooling වාහනයක සුදු පාට දුමක් එනවත් එක්කම, radiator එකේ වතුර අඩු ගතියක් පෙන්වනවා කියන්නේ, අනිවාර්යයෙන්ම engine එකේ head gas cut එක ගිහින්. ඒ head gas cut එක හරහා cylinder එකට leak වෙන වතුර දහනය වෙලා පිටවෙන exhaust steam එක තමයි සුදු පාටට පේන්නේ.

සමහර වාහන උදේ පාන්දර start කළාම engine එකෙන් සුදු දුමක් එනවා. හැබැයි ඒක නම් engine එකේ ප්‍රශ්නයක් නිසා පිට වෙන දුමක් නෙවෙයි. උදේ පාන්දර තියෙන සීතල නිසා තමයි එහෙම වෙන්නේ.

Air cooling වාහනයක engine එකෙන් සුදු පාට දුමක් පිට වෙනවා කියන්නේ, engine oil ගොඩක් පොඩි ප්‍රමාණයක් cylinder එකට leak වෙනවා කියන එක. ඒ engine oil දහනය වෙලා යනකොට එන දුම තමයි, සුදු පාටට එන්නේ.

Engine එකකින් ගොඩක් පොඩි ප්‍රමාණයක් engine oil leak වෙනවා නම්, ඒකට හේතුව තමයි valve seal පරණ වීම. එහෙම වුණාම valve seal හරහා cylinder එකට oil leak වෙනවා. මේ සේරමත් එක්ක පොදුවේ ගත්තාම valve seal පරණ වෙලා හරි valve guide ගෙවිලා හරි තියෙනවා නම්, එහෙමත් නැත්නම් head gas cut එකේ ගැටළු තියෙනවා නම්, cylinder එකට engine oil leak වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ, engine එකෙන් සුදු දුම පිට වෙන එක.

නිල් පාට දුම කියන්නේ මොකක්ද?

Engine oil ලොකු ප්‍රමාණයක් දහනය වෙනවා නම්, ඒ වෙලාවට තමයි නිල් පාට දුම දාන්නේ. Oil ලොකු ප්‍රමාණයක් දහනය වෙන වෙලාවට සාමාන්‍යයෙන් මේ නිල් පාට දුම engine එකක් start කරපු මොහොතේ ඉඳලා එනවා. එතනදි වෙන්නේ, engine එකේ cylinder එක ඇතුළට engine oil ලොකු ප්‍රමාණයක් leak වෙන එක. එහෙම leak වෙනකොට ඒ engine oil දහනය වෙලා එළියට එන්නේ නිල් පාට දුමක් විදිහට. කලින් කියපු විදිහටම තමයි මෙතනදිත් engine oil leak වෙන්නේ. හැබැයි මූලිකවම cylinder එකට engine oil leak වීමට හේතු වෙන්නේ, piston rings සවුත්තු වීම. ඊට අමතරව නිල් පාට දුම පිට වෙන අවස්ථාවකදී සිද්ධ වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි, නිතරම plug පිච්චෙන එක.

Engine එකෙන් පිටවෙන කළු පාට දුම මොකක්ද?

අපි කලින් කියපු සුදු දුම වගේම නිල් දුමත් පිට වුණේ, engine එකේ ප්‍රශ්නයක් නිසානේ. හැබැයි මේ කළු පාට දුම පිට වෙන්නේ නම්, engine එකේ තියෙන ගැටළුවක් නිසා නෙවෙයි. ඒත් කළු පාට දුම පිට වීම නිසා, engine එකට වෙන්න පුළුවන් හානිය ගොඩක් වැඩියි.

සාමාන්‍යයෙන් engine එකකින් කළු පාට දුමක් එන්නේ, engine එකෙන් අනවශ්‍ය විදිහට පෙට්‍රල් අඩු කළාට පස්සේ. අපි ඒකට කියනවා, carburetor එකේ තෙල් වහනවා කියලා. පෙට්‍රල් අඩු කරනවා කියන්නේ, air fuel mixture එක lean කරනවා කියන එක. ඒ කියන්නේ, air fuel mixture එකේ තියෙන පෙට්‍රල් ප්‍රමාණය අඩු කරනවා. එතකොට engine එකට යන්නේ දුර්වල air fuel mixture එකක්. මේ විදිහට lean air fuel mixture එකක් දහනය වෙනකොට තමයි, ගොඩක් වෙලාවට කළු පාට දුම එන්නේ. මේ කළු පාට දුම එනකොට, engine එක over heat වෙනවා. ඒක ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒකෙන් engine එකේ mechanical failure එකක් වෙන්න chance එක තියෙනවා. ඉතින් කළු දුමක් එනවා නම්, ඒක carburetor එකේ air fuel mixture එක lean කිරීම නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඒ නිසා air fuel mixture එක සාමාන්‍ය තත්වයට අරගෙන, carburetor එක සාමාන්‍ය විදිහට tune කරලා යථා තත්වයට ගන්න ඕනේ. ඒ නිසා කළු දුමක් එනකොට දැන ගන්න ඕනේ, "මේක engine එකේ ගැටළුවක් නෙවෙයි, හැබැයි මේ විදිහට දිගටම කළු පාට දුම පිට වුණොත්, engine එකට ලොකු හානියක් වෙන්න පුළුවන්" කියලා.

මේ තමයි engine වලින් දාන ඇහැට පේන දුම් වර්ග. දුම් පිට වෙන්න හේතු මොනවද, සමහර දුම් පිට වීමෙන් engine එකට වෙන damage එක මොන වගේද කියන දේවල් ගැන ඔබට මේ Article එකෙන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මීට පස්සේ, මේ කියපු දුම් වර්ග වලින් එක දුමක් හරි engine එකෙන් පිට වෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔබ ඒ ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!