Vehicle Interior එක Service කරමු

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයා job එක කරනකොට හෝ daily කරන වැඩ වලදී වැඩිපුරම කාලය ගත කරන්නේ වාහනයත් එක්ක නම්, දරුවන් සහ සුරතල් සතුන් ගෙදර ඉන්නවා නම්, ඔයාගේ වාහනය නිතරම අපිරිසිදු වෙනවා. ඉතින් වාහනයේ interior එක පිරිසිදුව තියාගන්න කොච්චර අමාරු වැඩක්ද කියලා ඔයා දන්නවා ඇති. අද MotorGuide අපි කියන්නේ වාහනයක interior එක පිරිසිදුව තියාගන්න විදිහ ගැන.

කුණු දූවිලි ඉවත් කරගන්න

ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි කුණු ඉවත් කරගන්න එක. Interior එකේ හැම තැනක්ම හොඳට check කරන්න. Floor එක, carpets යට සහ seat යට කුණු දූවිලි තියෙන්න පුළුවන්. Vacuum එකෙන් ඉවත් කරන්න බැරි හැමදෙයක්ම අයින් කරන්න.

Floor mats පිරිසිදු කරගන්න

Floor mats වාහනයෙන් එළියට අරගෙන ඒවා වල තියෙන වැලි ඉවත් කරන්න. එමඟින් vacuum කරන එක ලේසි වෙනවා. සබන් සහ උණු වතුර හෝ පෙණ නඟින carpet cleaner එකකින් floor mats ටික හෝදන්න. ඊට පස්සේ ඒවා නැවත වාහනයට දාන්න කලින් හොඳට dry කරගන්න.

Car seats සහ floors පිරිසිදු කරගන්න

වාහනයේ ඉදිරිපස හා පිටුපස seats, floor එක, pedals සහ side doors vacuum කරගන්න. එය වාහනයේ ඇතුළත පිරිසිදු කිරීමේ වැදගත්ම පියවරක්.

කුණු සහ දූවිලි පිස දමන්න

වාහනය vacuum කරගත්තට පස්සේ ඔයා අපිරිසිදු, ඇලෙන සුළු දේවල් සහ දූවිලි පිසදාන්න soft රෙදි කැබැල්ලක් ගන්න ඕනේ. ඒ විදිහට පිරිසිදු කර ගත්තට පස්සේ ඔයාට පුළුවන් වාහනයේ interior එකේ look එක තවත් වැඩි කරගන්න console, steering wheel සහ seats අතර වාහන වලටම එන cleaner එකක් use කරන්න.

Windows පිරිසිදු කරගන්න

Windows cleaning solution එකක් windows මත ඉසින්න. ඊට පස්සේ paper towel හෝ microfiber රෙදි කැබැල්ලකින් පිහදාගන්න ඕනේ. වතුර කෝප්පයක්, විනාකිරි මේස හැඳි දෙකක් සහ මද්‍යසාර කෝප්පයක් mix කරලත් ගෙදරදීම windows cleaning solution එකක් ඔයාට හදා ගන්න පුළුවන්.

පැල්ලම් ඉවත් කරගන්න

Seats මත හෝ carpet වල පැල්ලම් තියෙනවා නම්. ඒවා ඉවත් කරගන්න ඔයාට පුළුවන් ගෙදරදීම හදාගන්න පුළුවන් දෙයක් use කරන්න. Spray bottle එකකට වතුර කෝප්ප දෙකක්, විනාකිරි කෝප්පයක් සහ සබන් වතුර මේස හැන්දක් පමණ මිශ්‍ර කරන්න. ඊට පස්සේ ඒ පැල්ලම් මත ඉහලා විනාඩි 15 ක් තියන්න. ඊට පස්සේ තෙත රෙදි කැබැල්ලකින් පිස දමන්න. පැල්ලම් දිගටම තියෙනවා නම්, spot shot හෝ resolve වැනි product එකක් use කරන්න.

Pet hair ඉවත් කරගන්න

ඔයාටත් සුරතලෙක් ඉන්නවා නම්, වාහනය තුළ සුරතල් සතුන්ගේ ලොම් ඉවත් කරගන්න එක කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා ඇති. Vacuum කිරීම මඟින් සියලුම ලොම් සියල්ලම ඉවත් කරගන්න බැහැ. ඉතින් ඒ සඳහා රබර් අත්වැසුම් භාවිතා කරන්න.

Homemade car freshener එකක් හදන්න

ඉතින් මේ සඳහා baking soda කෝප්පයක් සහ favorite essential oil බිංදු පහක් ඕනේ වෙනවා. මේ car freshener එක පැය 24 ක් තියාගන්න පුළුවන්. ප්ලාස්ටික් බෑග් එකක හෝ වීදුරු බඳුනක soda සහ තෙල් දෙකම තියන්න. ඉන්පසු එය shake කරගන්න. ඊට පස්සේ වාහනයේ floor එකේ ඉහලා විනාඩි 20 ක් පමණ තියන්න. ඊට පස්සේ baking soda vacuum කරගන්න. මේ නිසා වාහනයේ interior එක ඇතුළේ fresh සුවදක් රැඳීලා තියෙනවා වගේම ඔයාගේ වාහනය නැවුම් සහ පිරිසිදුව තියාගන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔයා වාහනයේ interior එක service කරගන්න ඕනේ. ඉතින් ඔයත් මේ දේවල් කරලා වාහනය නැවුම්ව හා පිරිසිදුව තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!