වාහන Body Paint වල මොනවද මේ 2k 3k

time
මිනිත්තු 4 කියවීම
feature image

Body Paint වල මොනවද මේ 2K සහ 3K

ඇත්තෙන්ම, වාහන වල තීන්ත ගැන කතා කරද්දී මේ 2K සහ 3K කියන වචන ටිකක් පැටලවිලි සහගත වෙන්න පුළුවන්. ඒ නිසා, Moter Guide අපි සරලව මේ දෙකේ ප්‍රධාන වෙනස්කම් ගැන කතා කරන්න හිතුවෙ. ඊට කලින් අපි මේ K අකුරෙන් කියවෙන දේ ගැන බලමු. K වලින් කියවෙන්නේ සංඝටක ගණනයි. ඒ කියන්නේ, තීන්ත භාවිතයට ගැනීමට පෙර මිශ්‍ර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගණන.හරි අපි දැන් බලමු මේ 2k සහ 3k වල වෙනස්කම් ගැන.

Screenshot from 2025-11-18 10-54-56.png

මොනවද මේ 2K?

කලින් කතා කලා වගේම K වලින් පෙන්න්වන්නෙ මිශ්‍ර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගණන. මෙතන 2 වලින් කියන්නෙ ප්‍රධාන ද්‍රව්‍ය දෙකක් කියන එක. එකක්

  • Base Paint (ප්‍රධාන තීන්ත) එක මේකේ තමයි පාට තියෙන්නේ.
  • අනිත් එක තමයි Hardener / Activator (තදකාරකය / සක්‍රියකාරකය) මේ දෙක එකතු කළාම තීන්තයේ රසායනික ප්‍රතික්‍රියාවක් ඇතිවෙලා තීන්ත ඉතා ඉක්මනින් සහ දැඩිව වියළෙනවා. මේක තමයි බොහෝවිට මෝටර් රථ සහ කර්මාන්ත වල භාවිතා වෙන්නේ.

මේකට Thinner කියන තුනීකාරකයත් එකතු කරනවා. මේක දාන්නේ තීන්ත Spray කරන් Gun එකට ගැළපෙන ඝනකමකට පත් කිරීමට සහ නිමාව සුමට කිරීමටයි. නමුත් Thinner එක එකතු කළත්, එය රසායනික ප්‍රතික්‍රියාවට දායක වන්නේ නැහැ. එය කරන්නේ භෞතික ක්‍රියාවක් වන තුනී කිරීමට පමණයි. ඒ නිසා, තාක්ෂණිකව එය තවමත් 2K පද්ධතියක් ලෙස හඳුන්වයි.

දැන් බලමු මේ 2K තීන්ත වල තියන වාසි.

  • දැඩි කල්පැවැත්ම ඒ කියන්නෙ වියළී ගියාට පස්සේ ඉතාම ශක්තිමත් සහ දැඩි මතුපිටක් ලැබෙනවා.
  • ඉන්ධන, තෙල් වර්ග, සහ රසායනික ද්‍රව්‍ය වලට හොඳින් ඔරොත්තු දෙනවා.
  • UV සහ කාලගුණ ප්‍රතිරෝධය ඒ කියන්නෙ අව්වට, වැස්සට, සහ පාරජම්බුල කිරණවලට (UV) ඔරොත්තු දීමේ හැකියාව වැඩියි.

මොනවද මේ 3K?

දැන් බලමු 3K තීන්ත කියන්නෙ මොනවද කියල. 3K තීන්ත තවදුරටත් වැඩිදියුණු කරන ලද තීන්ත වර්ගයක්.

මේ 3K තීන්තවල ප්‍රධාන ද්‍රව්‍ය තුනක් එකතු කරනවා. මෙය බොහෝ විට භාවිතා වන්නේ, තීන්තය නිෂ්පාදකයා විසින්ම Hardener සහ Thinner යන සංඝටක දෙකම මිශ්‍රණය සඳහා අනිවාර්යයෙන් නිර්දේශ කරන අවස්ථා සඳහායි. මෙහිදී Thinner නිෂ්පාදකයා විසින් ඉතා නිවැරදිව මාත්‍රාවක් නියම කර ඇති අතර මිශ්‍රණයේ අනිවාර්ය කොටසක් ලෙස Thinner සලකනු ලබනවා. 3K වල Thinner අනිවාර්ය අංගයක් වීමේ අරමුණ තමයි වඩා හොද ගලායාමක් සහ කණ්නාඩියක් වැනි නිමාවක් ලබා ගැනීම.

කලාතුරකින්, සමහර Ultra High Performance තීන්ත වලදී, Hardener සහ Thinner වලට අමතරව තෙවන සක්‍රීය රසායනික ද්‍රව්‍යක් (උදා: විශේෂ ඇඩිටිව් එකක්) එකතු කරන අවස්ථා තිබේනවා. මෙවැනි අවස්ථාවලදී තුන්වන සංඝටකය Hardener වගේම රසායනික ප්‍රතික්‍රියාවට සෘජුවම දායක වන බැවින්, එය සැබෑ True Three-Component පද්ධතියක් බවට පත්වේනවා නමුත් මේවා වාහන Body Paint වලදී සාපේක්ෂව අඩුයි.

සරලව කිව්වොත්, 2K කියන්නේ හොඳම ප්‍රමිතියේ ශක්තිමත් තීන්ත වර්ගයක්. 3K කියන්නේ තවත් වැසිදියුණු වූ පද්ධතියක්, විශේෂයෙන්ම හොඳම ගලා යාමක් සහ සුමට නිමාවක් ලබා ගැනීම සඳහා අමතර තුනීකාරකයක් (Thinner) යොදා ගන්නා ක්‍රමයක්.

බොහෝවිට ඉතා ඉහල රසායනික ප්‍රතිරෝධයක්, කල්පැවැත්මක්, සහ දැඩිකමක් අවශ්‍ය වන මෝටර් රථ සඳහා යොදාගන්නවා. එදිනෙදා අපි පාවිච්චි කරන වාහන වලට වුනත් යොදාගන්න පුළුවන්. 3K තීන්ත පාවිච්චි කරනකොට ඉතා නිවැරදි මාත්‍රාවට මිශ්‍ර කිරීමට වග බලාගන්න ඕනෙ. එතකොට තමයි 3K වල නියම ගුණාත්මක භාවය ලබාගන්න පුලුවන් වෙන්නෙ.

මේ 2K සහ 3K කියන තීන්ත වර්ග දෙකේම රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා, අනිවාර්යයෙන් ආරක්ෂක උපකාරණ (Respirator, අත්වැසුම්, කණ්ණාඩි) පාවිච්චි කරන්න ඕනෙ.

මිල ගණන් වල වෙනස

මිල ගණන් වල වෙනස බලන විට 3K තීන්ත වල හොද නිමාවක් ලබා ගැනීමට අවශ්‍ය වන Hardener සහ Premium Thinner වැනි උසස තත්වයේ අමතර ද්‍රව්‍ය භාවිත කිරීම නිසා මිල ඉහලයි. සාමාන්‍යයෙන් 2K තීන්ත වල මිල 3K වලට සාපේක්ෂව අඩු වෙනවා.

වෙළඳ නාමය සහ රට මිල ගණන් තීරණය කරන තවත් සාධකයක්. PPG, 3M, Sikkens, MaxMeyer, De beer වැනි ජාත්‍යන්තර සන්නාමවල තීන්ත සහ ද්‍රව්‍ය, දේශීයව නිෂ්පාදනය කරන හෝ අඩු ප්‍රසිද්ධ සන්නාමවලට වඩා මිල අධිකයි

download (10).png

මිල ගැන දැනගන්න ශ්‍රී ලංකාවෙ වෘත්තීය පින්තාරු ශිල්පීන් අතර ප්‍රසිද්ධ De beer සන්නාමයේ තීන්ත වල මිල ගණන් ගැන කතා කරමු. DeBeer යනු Valspar Automotive යටතේ එන, උසස් තත්ත්වයේ මෝටර් රථ අලුත්වැඩියා තීන්ත සන්නාමයකි. ශ්‍රී ලංකාවේ DeBeer නියෝජනය කරන්නෙ Causeway විසින්. DeBeer සන්නාමය සාමාන්‍යයෙන් වෙළඳපොළේ මධ්‍යම මට්ටමේ සිට ඉහළ මට්ටමේ සන්නාමයක් ලෙස සැලකෙන අතර, එහි ගුණාත්මකභාවය ඉහළ නිසා මිල ගණන් ද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.මෙහි ලීටරයක මිල පරාසය රුපියල් 6000 ත් 11,000 ත් අතර පවතින අතර එය වෙනස් විය හැකී.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!