වාහනයේ engine එක බෝර් කරනවා කියන්නේ මොකක්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image
ඔයා වාහනයක හිමිකරුවෙක්ද? ඔයා වාහනයේ හැම දෙයක් ගැනම දැනුවත්ද? හැබැයි වාහනයක් drive කරන ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි engine එක බෝර් කරනවා කියන්නේ. අන්න ඒ නිසා MotorGuide අපි අද ඔයාට කියන්නේ වාහනයේ engine එක බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා.

Engine එකක කොටස්

- සිලින්ඩරය

Engine එකේ වැදගත්ම කොටසක් තමයි සිලින්ඩරය කියන්නේ. Engine එකේ උෂ්ණත්වය පාලනය කිරීම වගේ ප්‍රධාන කාර්යභාරයන් කිහිපයක් ඉටු කරන අතර සිලින්ඩරය ඉහළම ගුණාත්මකභාවයෙන් තියෙන්න ඕනේ.

- පිස්ටනය

පිස්ටනය කියන්නේ සිලින්ඩරයේ ඇතුළත තියෙන සිලින්ඩරාකාර හැඩති plug එකටයි. ඉන්ධන දහනය කිරීමේ පීඩන ශක්තිය ප්‍රයෝජනවත් යාන්ත්‍රික බලය බවට පරිවර්තනය කිරීමට පිස්ටනය උදව් වෙනවා.

- Intake and exhaust valves

දහනය සඳහා engine එකට ඇතුළු වන වාතය සහ සිලින්ඩරයෙන් පිටවන පිටාර වායූන් පාලනය කිරීම සහ නියාමනය කිරීම සිදු කරන්නේ මේ කොටස මඟින්.

- Connecting rod

Connecting rod එකේ ප්‍රධානම කාර්යය තමයි පිස්ටනයේ චලිතය crank shaft එකේ භ්‍රමණය වන චලිතය බවට වෙනස් කිරීම. Connecting rod සාමාන්‍යයෙන් මිශ්‍ර වානේ වලින් සාදනු ලබනවා.

- Camshaft

කැමරා සවි කර ඇති පතුවළ camshaft ලෙස හැඳින්වෙනවා. Engine එකේ ප්‍රධාන camshaft වර්ග දෙකක් තියෙනවා. ඒ අනුව camshaft වර්ග flat tappet සහ roll කියලා වර්ග දෙකකින් යුක්ත වෙනවා.

- Crank shaft

Engine එකේ බලය ඇද ගන්නා කොටසට තමයි crank shaft එක කියන්නේ. Crank Shaft එක සෑදී ඇත්තේ තාප පිරියම් කරන ලද මිශ්‍ර වානේ වලින්.

සිලින්ඩරයේ බෝර් එක කියන්නේ මොකද්ද?

වාහනයේ engine එකේ සිලින්ඩරයක් හෝ කිහිපයක් තියෙනවා. මේ සිලින්ඩර් ප්‍රමාණය වාහනයෙන් වාහනය වෙනස් වෙන්න පුළුවන් වගේම මේ සිලින්ඩර ඕනෑම වාහනයක දකින්නත් පුළුවන්. සිලින්ඩරයේ para meters දෙකක් තියෙනවා. ඒ තමයි stroke සහ බෝර් එක කියන්නේ. ඒ වගේම engine එකේ තියෙන සිලින්ඩරය ඇතුලේ තමයි පිස්ටනය චලනය වෙන්නේ. මේ සිලින්ඩරයේ අභ්‍යන්තර විෂ්කම්භයට තමයි බෝර් එක කියලා කියන්නේ. බෝර් එක සහ stroke එක හරහා තමයි engine එකේ engine ධාරිතාව හොයාගන්නේ.

බෝර් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි?

වාහනයේ engine එකේ oil ටිකක් පිච්චෙනකොටම ගොඩක් අය කරන්න හදන්නේ engine එක බෝර් කරන එක. නමුත් බොහෝ වෙලාවට engine එකක් බෝර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිලින්ඩරයේ තියෙන පිස්ටනයට චලනය වෙලා සිලින්ඩරය ගෙවෙනවා. නමුත් බෝර් කරන්න තරම් engine එකට හානියක් වෙලා නැත්නම් පිස්ටනය මාරු කරලා engine එකට හානියක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. නමුත් වාහනයේ තියෙන engine එක ගොඩක් පරණයි නම් පිස්ටනය විතරක් මාරු කරලා වැඩක් නැහැ. එතකොට engine එකේ තියෙන සිලින්ඩරයේ බෝර් එක වැඩි මේ වෙනවා. මේ වගේ අවස්ථාවල ඔය engine එක බෝර් කරන්න ඕනේ.

Engine එක බෝර් කරන්නේ කොහොමද?

Engine එක බෝර් කිරීම සිදු කරන්නේ engine boring machine එක මඟින්. මේ machine එකට සිලින්ඩරය දාලා ඒකෙ විෂ්කම්භය වැඩි කරනවා. ඊට පස්සේ ඒ සිලින්ඩරයේ විෂ්කම්භයට ගැළපෙන අලුත් පිස්ටනයක් දැමීම සිදු කරනවා. මේ විදිහට සාමාන්‍යයෙන් හතර වතාවක් පමණ engine එක බෝර් කරන්න හැකියාව තියෙනවා.

Engine එක බෝර් කිරීමෙන් සිදු වන අවාසි

අපිට engine එකක් බෝර් කරන්න වියදම් වෙන්නේ පිස්ටනයට යන මුදල සහ බෝර් කරන්න යන මුදල විතරයි. නමුත් engine එකක් බෝර් කිරීමෙන් සිදු වන ලොකු අවාසියක් තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන්නේ. Engine එකක් බෝර් කළාට පසුව ඒ engine එකේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුවෙනවා. ඒ වගේම සිලින්ඩරයේ බිත්ති තුනී වෙලා සිලින්ඩරය දුර්වල වීම සහ සමහර විට engine එකේ ආයු කාලය අඩුවීම වගේ අවාසි ඔයාට ලැබෙන්න පුළුවන්. මේ නිසා ඔයා වාහනය ගොඩක් භාවිතා කරනවා නම් engine එක බෝර් කිරීම එතරම් සාර්ථක වෙන්නේ නැහැ.

Engine එක බෝර් කරනවා කියලා හඳුනා ගන්නේ කොහොමද?

වාහනයේ engine එක බෝර් කරන්න ඕනෙද කියලා දැනගන්න තියෙන එක ක්‍රමය තමයි සිලින්ඩරයේ බෝර් එක මැනීම කියන්නේ. මෙහිදී සිලින්ඩරයේ බෝර් එක තියෙන්න ඕනේ තරමට වඩා වැඩිනම් එතැනදී කියන්නේ engine එක බෝර් කරන්න ඕනේ කියලා. ඉතින් අද අපි කිව්වේ වාහනයක engine එක බෝර් කරන විදිහ ගැනයි. Engine එක බෝර් කරනවා කියන එක ගැන දැන් ඔයාට ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!