Engine oil අඩු වුණොත් engine එකට මොකද වෙන්නේ?

time
මිනිත්තු 4 කියවීම
feature image

හදිස්සි ගමනක් යනකොට අතරමගදී වාහනය නැවතුනොත් කොහොමද? හිතා ගන්නත් බෑ නේද? එහෙනම් ඔබ වාහනයේ engine එක ගැන හොඳ අවධානෙකින් ඉන්න ඕනේ. මොකද වාහනයේ engine එක නොපෙනෙන තැනක තිබුණත්, ඒක ආරක්ෂා කර ගන්න එක කරන්නම ඕන දෙයක්. මේ engine එක ඇතුළෙ අපිට නොපෙනෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා. හදිස්සියේ හරි engine එකේ oil අඩු වුණොත් ඒකෙන් engine එකේ ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. මේ වගේ ප්‍රශ්න එන්න එක හේතුවක් තමයි, engine එකේ oil අඩු වෙන එක. ඇත්තටම oil අඩු වුණොත් engine එකට මොන වගේ දෙයක් වෙයිද? ඒ ගැන තමයි MotorGuide තුළින් අපි අද ඔබට කියන්නේ.

Engine එක කියන්නේ මොකක්ද?

Engine එක කියන්නේ, යකඩ කොටස් විශාල ප්‍රමාණයක් එකිනෙකට ඝට්ටනය වීමෙන් power එකක් generate කරන තැනක්. Engine එක transmission එකට සහ ඊට පස්සේ wheels වලට power එක transmit කරනවා. සාමාන්‍යයෙන් electric motors වලට වඩා ගොඩක් complicated process එකක් හරහා තමයි engine එකෙන් power එක wheels වෙත ගමන් කරන්නේ. හැබැයි engine එකේ internal combustion system එකට motor එකක් හෝ controller එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒකෙන් ලොකු weight එකක් ඉතිරි කර ගන්න පුළුවන්.

Engine oil ගැන ටිකක් කතා කරමු

ඔබ හැම වෙලාවකම engine එක සුමටව තියාගන්න ඕනේ. ඒ සුමට කිරීමේ කාර්ය සිදු කරන ලිහිසි ද්‍රාවණයට තමයි engine oil කියන්නේ. ඒ නිසා අමතක නොකර engine oil එකක් ගන්නකොට හොඳ brand එකක් සහ high quality එකක් තියෙන engine oil එකක් තෝරාගන්න. බැරි වෙලාවත් ඔබ බාල වර්ගයේ engine oil වර්ගයක් engine එකට දැම්මොත් ඒකෙන් engine එකට ලොකු damage එකක් වෙනවා. ඒ නිසාම නොහිතන විදිහට වියදම් කරන්නත් වෙනවා. ඉතින් මෙතනදි ඔබට පුළුවන් engine oil මිලදී ගන්නකොට ඒ සඳහා mechanic කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න.

Engine oil පරණ වෙනකොට සහ එහි ඇති additives break down එකත් එක්ක oil thick වෙන්න වගේම sludge හැදෙන්නත් පටන් ගන්නවා. එමඟින් engine එක අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය block කරන්න, oil මාර්ග අවහිර කරන්න වගේම engine එක පුරා oil නිසි විදිහට distribute කරන එක වළක්වන්නත් පුළුවන්.

Engine oil අඩු වෙන්නේ ඇයි?

වාහනයක engine oil අඩු වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි වාහනයේ engine oil leak වෙන එක. අනිත් එක තමයි engine oil burn වෙන එක. මේ අතරින් ඔබට ලොකු වියදමක් නැතුව හදාගන්න පුළුවන් වෙන්නේ, engine එකෙන් oil leak වෙන එක.

Engine එකේ oil level එක බලන්නේ කොහොමද?

වාහනයක oil level එක හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්, oil indicator එකක් අලුතෙන් නිෂ්පාදනය කරන හැම වාහනයකම ඇතුළත් වෙනවා. වාහනයේ oil level එක ගැන හොඳ idea එකක් ගන්න මේ indicator එක ගොඩක් වැදගත්. වාහනය drive කරන ඕනම වෙලාවක indicator bulb වලින් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කරනවා දැක්කොත් අනිවාර්යයෙන්ම වාහනය නවත්වලා engine එක off කරන්න. ඔබ ඒක එච්චර ගණං ගන්නේ නැතුව දිගටම drive කළොත් ඔබට මඟ නතර වෙලා රස්තියාදු වෙන්න සිද්ධ වෙයි.

Engine oil අඩු වීමෙන් engine එකට වෙන දේ

ඔබේ වාහනයේ oil අඩු වුණාම engine එකේ චලනය වෙන කොටස් එකිනෙක rubb කරමින් තියාගන්න ප්‍රමාණවත් තරම් lubrication නැති වෙනවා. මේ මඟින් වැඩි ඝර්ෂණයක් ඇති කරන අතර, වැඩිපුර තියෙන heat එක නිසා engine components damage වෙන්න පුළුවන්. මෙතනදි bent වුණු metal parts නැවත තිබුණු තත්වෙට ගන්නත් අමාරුයි. Repair කරන්නත් ලොකු වියදමක් යනවා.

Engine එකෙන් heat එක ඉවතට ගෙන යන්න oil උදව් වෙනවා. ඒ නිසා engine එකේ oil අඩු වුණාම වැඩිපුර තියෙන heat එක නිසා engine එක overheat වෙනවා. ඊට අමතරව මේක breakdowns නැත්නම් ගිනි ගැනීම් පවා ඇති වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ ඔබට වගේම පාරෙ යන එන අනිත් අයටත් අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක.

Engine එකේ oil අඩු වීමෙන් මෝටර් රථයේ performance වලට වගේම handling වලටත් බලපානවා. මොකද lubrication අඩු වෙනවත් එක්කම මෝටර් රථයේ power එක සහ acceleration එක අඩු වෙනවා. ඒ වගේම speed එක maintain කරන්න, කඳු සහිත තැන් වල යන්න අපහසු වෙනවා. විශේෂයෙන්ම highway එකේදි වගේ quick acceleration අවශ්‍ය වෙන අවස්ථා වලදි ගොඩක් අනතුරුදායක වෙනවා.

මේ තමයි engine එකේ oil අඩු වුණොත් engine එකට වෙන වින්නැහිය. හිතා ගන්න පුළුවන්ද, ඒ වගේ ලොකු damage එකක් වුණොත් මොකද කරන්නේ කියලා? ඒ නිසා තමයි engine එකේ oil level එක නිතරම බලන්න කියන්නේ. Oil අඩුවෙන් drive කරන්න නම් හිතන්නවත් එපා. ඒ වගේම අපි කියපු විදිහට engine එකට නියමෙටම set වෙන high quality engine oil එකක් තෝරාගන්නත් අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!