වාහනයේ තෙල් වැඩ කරන එක දෙගුණ කරන engine tune up

time
මිනිත්තු 6 කියවීම
feature image

මේ වාහනේ ගත්තු දවස් වල නම්, හොඳට තෙල් වැඩ කළා. හැබැයි දැන් ඒක හොඳටම අඩු වෙලා' වාහනයක් අරන් කාලයක් යනකොට, ඔබට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි මේ. එහෙම වුණාම ඔබ Engine tune up එකක් කරනවා. හැබැයි ඒක හරියටම වෙනවද? වාහනයේ තෙල් කලින් වගේ වැඩ කරයිද? මේ ප්‍රශ්න නිසා, MotorGuide අපි හිතුවා, වාහනයේ තෙල් වැඩ කරන එක දෙගුණ කරන Engine tune up ගැන අද ඔබට කියන්න.

Engine tuning සහ Engine tune up කියන්නේ එකක්ද?

ගොඩක් අය කියනවා, Engine tuning සහ Engine tune up කියන්නේ එකක් කියලා. සමහර විට ඔබත් එහෙම හිතලා ඇති. Engine tuning වලදි කරන්නේ, engine performance වැඩි කරන එක. ඒ කියන්නේ, engine එකේ පවතින කොටස් වෙනුවට, performance වැඩි engine කොටස් යොදන එක. එතකොට Engine tune up කියන්නේ, කාලයත් එක්ක, එක එක හේතු නිසා නැති වෙලා ගිය engine performance නැවත ලබා ගන්න එක. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති, Engine tuning සහ Engine tune up කියන්නේ පැහැදිලිවම දෙකක් කියලා.

Engine tune up එකක් කරන්නේ මොන කාලයේද?

සාමාන්‍යයෙන් වාහනයක Engine එක, 25 000 km කට සැරයක් නැත්නම්, වසර දෙකකට සැරයක් tune up කරන්න ඕනේ. හැබැයි මේ කාලය හැම වාහනයකටම අදාළ නැහැ. ඔබ ළඟ තියෙන වාහන වර්ගය අනුව Engine එක tune up කරන කාලය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

Engine tune up එකක වැදගත්කම මොකක්ද?

වාහනයක engine එක කාලයක් වැඩ කරනකොට දුර්වල වෙනවා. ඒ කියන්නේ, වාහනය අලුතෙන් ගන්නකොට engine එකේ තියෙන power එක කාලයක් වැඩ කරනකොට අඩු වෙනවා. ඉතින් මේ Engine tune up එකේදි කරන්නේ, වාහනය ගන්නකොට තිබුණා වගේම engine එක ප්‍රබල තත්වයකට පත් කරන එක. ඉතින් වාහනය service කරනවා වගේම, Engine tune up එකත් කලට වෙලාවට කරන එක ගොඩක් වැදගත්.

Engine tune up එකක් කරන්නේ කොහොමද?

Engine tune up එක කරන්න, engine එක ගලවන්නම වෙනවා. මෙතනදි වැදගත්ම දේ තමයි, හොඳ පළපුරුද්දක් තියෙන mechanic කෙනෙක්ට කියලා මේ tune up එක කරන එක.

Engine tune up එකේදි මොකද වෙන්නේ?

මෙතනදි මුළු engine එකේම කොටස් පරීක්ෂා කරලා, ඒවා නැවත recover කරනවා. හොඳ Engine tune up එකකදී, මුළු engine එකම සම්පූර්ණයෙන් ගලවනවා. ඊට පස්සේ ඒකෙ කොටස් repair කරනවා. ඒ නිසා, Engine tune up එකක් කියන්නේ, ලොකු කාලයක් වැය වෙන වැඩක්.

Engine එකක් හරිම විදිහට ක්‍රියාත්මක වෙන්න නම්, ප්‍රධාන දේවල් තුනක් නිසියාකාරව සිද්ධ වෙන්න ඕනේ. ඒ තමයි, Fuel, Air සහ Ignition. Petrol 4-stroke engine එකක නම්, පළවෙනි stroke එකේදි valve එක open වෙලා petrol සහ air එක cylinder එකට ඇදලා ගන්නවා. ඊට පස්සේ petrol mix වුණු air එක compression කරනවා. ඊළඟට මේක spark plug එකක් මඟින් combustion කරන අතර ඉන් පසු combustion වුණු air එක exhaust valve එක මඟින් එළියට යවනවා. මේ වැඩේ හරියට වෙන්න නම්, fuel, air සහ Ignition කියන factors නිසියාකාරව වැඩ කරන්න ඕනේ. මේ factors එකක හරි ප්‍රශ්නයක් ආවොත් ඒක engine එකේ ක්‍රියාකාරීත්වයට ලොකු effect එකක් ඇති කරනවා. විශේෂයෙන්ම cylinder එක තුළට නියමිත වායු ප්‍රමාණය ලැබෙන්න ඕනේ. ඒ වගේම ඒ වායු ප්‍රමාණයට match වෙන්න, petrol ප්‍රමාණයත් ලැබෙන්න ඕනේ. ඊට පස්සේ petrol සහ air mix එක නියම වෙලාවට combustion වෙන්නත් ඕනේ.

අපි ඊළඟට ඔබට කියන්නේ, හරිම Engine tune up එකකදී, Engine එකේ check කරන දේවල් මොනවද කියලා.

Air filter

Engine එකට වැදගත්ම දේ තමයි, Air filter එක. හදිස්සියේ හරි මේක block වුණොත්, වාහනයට නියමිත වායු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එතකොට air එක අඩු වෙලා, petrol වැඩි වෙනවා. ඒ නිසා, කළු දුමක් පිටවන අතර, burn වෙන petrol ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් Engine tune up එකකදි බලන ප්‍රධාන දෙයක් තමයි, Air filter එක කියන්නේ. ඒක block වෙලා නම් මෙතනදි ඒක clean කරනවා. ඒ වගේම Air filter එකක් අලුතෙන් දාන්න ඕනේ නම් තියෙන air filter එක replace කරනවා. හැබැයි ඉතින් Air filter එක මාරු කරන්න, Engine tune up එකක් කරනකං ඉන්න ඕනේ නැහැ.

Spark plug

Engine tune up එකකදී විශේෂයෙන්ම සළකා බලන දෙයක් තමයි, Spark plug. මේකෙන් තමයි කලින් කියපු petrol සහ air mix එක combustion කරන්නේ. මේ mix එක හරියට combustion වුණේ නැත්නම්, burn නොවුණු petrol කොටස් එළියට යනවා. මේක පරිසරයට ගොඩක් අහිතකරයි. ඒ වගේම මේ නිසා දුම් වාර්තාව fail වෙන්නත් පුළුවන්. ඊට අමතරව Spark plug නිසි කාලයේදී මාරු කරන එකත් වැදගත් වෙනවා. ඒ වගේම Engine එක හා සම්බන්ධ Distributor, Ignition wire සහ Distributor cap කියන දේවලුත් හොඳින් පරීක්ෂා කරලා අවශ්‍ය වෙනස්කම් සිදු කරන එකත් Engine tune up එකකදි වෙනවා.

Air flow sensor

Engine එකට යන වායු ප්‍රමාණය මනින්නේ, Air flow sensor එක මඟින්. මේ sensor එක මඟින් ලැබෙන information අනුව තමයි, කොච්චර fuel ප්‍රමාණයක් ලබා දෙනවද කියලා ECU එක තීරණය කරන්නේ. සමහර අවස්ථා වල Air එක, temperature එක සහ pressure වගේ දේවලුත් මේ Air flow sensor එකෙන්ම මනිනවා. සාමාන්‍යයෙන් Air flow sensor එකේ ප්‍රශ්නයක් ආවම ඔබටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක ප්‍රශ්නයක් තමයි, වාහනය drive කරනකොට, engine එකේ power එක අඩු ගතියක් දැනෙන එක. සමහර අවස්ථා වලදි engine එක දෙදරන එක වගේම සමහර විට වාහනය start නොවෙන්නත් පුළුවන්.

Air flow sensor එකේ තියෙනවා, Air filter pipe එකේ size එකටම match වෙන cylinder එකක්. ඒ cylinder එකෙන් තමයි, sensor එක filter pipe එකට set වෙන්නේ. මේ cylinder එකේ මැද කම්බියක් තියෙනවා. ඒ කම්බිය එක්තරා උෂ්ණත්වයකට රත් වෙලා තමයි තියෙන්නේ. ECU එකෙන් කම්බිය හරහා Electric current එකක් යවලා තමයි මේ විදිහට රත් වෙන්නේ. ඒ විදිහට රත් වෙලා තියෙන කම්බිය හරහා air එක වේගයෙන් යනකොට, කම්බියේ උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. මේ අඩු වෙන උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙන නිසා, කම්බියේ resistance එක වෙනස් වෙලා, ඒකෙ වෝල්ටීයතාවයත් වෙනස් වෙනවා. ඒ වෝල්ටීයතාවය තමයි ECU එක කියවන්නේ. ඒ කියන්නේ, වෙනස් වෙන වෝල්ටීයතාවය අනුව ECU එක දන්නවා කොච්චර වායු ප්‍රමාණයක් ඒ මොහොතේදී Air flow sensor එක හරහා engine එකට යනවද කියලා. ඉතින් මේ process එක වැරදියට වෙනවා නම්, Engine tune up වලදි ඒක නිවැරදි කරනවා. ඒ කියන්නේ, Air flow sensor එක නිවැරදිව නැවත සකස් කරනවා.

Oxygen sensor

Oxygen sensor එකේ කාර්යය වෙන්නේ, කලින් කියපු petrol සහ air mix එකේ fuel සහ air rate එක හරිද කියලා බලන එක. Fuel gas එක combustion වෙලා, exhaust valve එක හරහා පිට වෙන exhaust gas එක මඟින්, ඇතුළෙ තියෙන වායු කොටස් මැනලා ECU එකට signal එකක් දෙනවා.

Fuel pump හා Fuel filter

සමහර වාහන වල Fuel pump එකත් එක්කම filter එකක් එනවා. තවත් සමහර වාහන වල filter එක විතරක් වෙනම එනවා. Engine tune up එකකදී fuel pressure එක check කරනවා. ඒ වගේම drive belt එක check කරලා ඉරි තැලිලා වගේ නම්, මාරු කරනවා. Adjust කරන්න පුළුවන් නම් adjust කරනවා. ඒ වගේම timing belt check කරන එකත් සිද්ධ වෙනවා. අවශ්‍ය නම් ඒවා මාරු කරනවා. ඊළඟට Brake oil, Engine oil, Power steering oil සහ Coolant කියන දේවල් check කරනවා.

Brake bind

Engine tune up එකකදී, Brake bind නිවැරදිව තියෙනවද කියලා බලනවා. මීට අමතරව RPM එක නිවැරදිව සකස් කරන එකත් මෙතනදි කරනවා.

මේ විදිහට තමයි හරියටම Engine tune up එකක් කරන්නේ. සමහර විට, ඔබට මේ Engine tune up එක පැයෙන් දෙකෙන් කර ගන්න පුළුවන් වෙලා ඇති. හැබැයි ඒක නියම විදිහට වෙන Engine tune up එකක් නෙවෙයි. මොකද හරියටම කරනවා නම්, මේකට ලොකු time එකක් යනවා. මේ ගැන කලින් ඔබ හරියටම දැනගෙන හිටියේ නැති වුණත්, දැන් හරියටම දන්නවනේ. ඒ නිසා, මීට පස්සේ අමාරුවේ වැටෙන්නේ නැතුව, Engine tune up එකක් කරගෙන, වාහනය ගත්තු දවස් වල වගේම තෙල් වැඩ කරන එක දෙගුණ කර ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    කවුරුත් වැඩිය නොදන්න Tire profiles

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    බැටරි එකක ආයු කාලය තීරණය වෙන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!