එන්ජින් Oil වල API SP ප්‍රමිතිය

time
මිනිත්තු 4 කියවීම
feature image

API SP ප්‍රමිතිය කියන්නේ මොකක්ද?

API කියන්නේ American Petroleum Institute එක. මෙයාලා තමයි පෙට්‍රල් (ගැසොලින්) සහ ඩීසල් එන්ජින් ඔයිල් වල තත්ත්ව මට්ටම් සහ කාර්යසාධනය (Performance) මනින ප්‍රමිතීන් හඳුන්වා දෙන්නේ.

API SP ප්‍රමිතිය හඳුන්වා දුන්නේ ඊට කලින් තිබුණු API SN PLUS (SN+ ලෙසද හැඳින්වේ) සහ API SN ප්‍රමිතීන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරන්න සහ නවීන එන්ජින් අවශ්‍යතා වලට ගැලපෙන්නයි. API "S" (Service) අකුරෙන් පෙට්‍රල් එන්ජින් ඔයිල් වර්ගීකරණය කරන අතර, ඊට පස්සේ එන අකුරෙන් තමයි ඔයිල් එකේ තාක්ෂණික දියුණුව සහ ගුණාත්මකභාවය පෙන්නුම් කරන්නේ. SP කියන්නේ දැනට පවතින අලුත්ම සහ ඉහළම පෙට්‍රල් එන්ජින් ඔයිල් ප්‍රමිතියයි. මේක 2020 මැයි මාසයේදී තමයි හඳුන්වා දුන්නේ.

download (17).png

API SP ප්‍රමිතියට සමගාමීව ILSAC GF-6 ප්‍රමිතියත් හඳුන්වා දුන්නා. ILSAC කියන්නේ International Lubricant Specification Advisory Committee එකයි. මෙය ඇමරිකානු සහ ජපන් වාහන නිෂ්පාදකයින්ගේ (GM, Ford, Chrysler, Toyota, Honda, Nissan වැනි) ඒකාබද්ධ කමිටුවකි.

  • API SP වල මූලික වශයෙන් එන්ජිම ආරක්ෂා කිරීමේ කාර්යසාධනය සහ රසායනික ගුණාංග පරීක්ෂා කරනවා.
  • ILSAC GF-6 වල ඉන්ධන කාර්යක්ෂමතාව (Fuel Economy), විමෝචන පද්ධති ආරක්ෂාව (Emission System Protection) සහ ඔයිල් වල ආයු කාලය වැනි පරිසර හිතකාමී සහ පිරිවැය-කාර්යක්ෂම අංಶ කෙරෙහි අවධානය යොමු කරනවා.

ILSAC GF-6 හි කොටස්

GF-6 ප්‍රමිතියේ කොටස් දෙකක් තියෙනවා.

  • GF-6A කියන්නෙ සාමාන්‍යයෙන් ඉහළ දුස්ස්රාවිතා ශ්‍රේණි සඳහා (උදා: 5W-30, 10W-30). මේවාට API SP Resource Conserving ලේබලය ලැබෙනවා.

    download (20).png

  • GF-6B කියන්නෙ අඩු දුස්ස්රාවිතා ශ්‍රේණි සඳහා (උදා: 0W-16) වන Oil.

ඒ වගේම හොඳම නවීන ඔයිල් වල සාමාන්‍යයෙන් API SP සහ ILSAC GF-6A (හෝ GF-6B) යන දෙකම සඳහන් වේ.

download (19).png


SN Plus සිට SP දක්වා දියුණුව

API SN Plus (SN+) කියන මෙය ඉක්මනින් හඳුන්වා දුන්නේ LSPI ගැටලුව පාලනය කිරීමටයි. නමුත් එය සම්පූර්ණ නවීකරණය වූ ප්‍රමිතියක් වුණේ නැහැ.

පසුව API SP එක LSPI පාලනයට අමතරව, ටයිමින් චේන් ඇඳීම සහ අධික උෂ්ණත්ව තැන්පතු පාලනය කිරීම සඳහා නව, වඩාත් දැඩි එන්ජින් පරීක්ෂණ (Sequence X, Sequence IVB වැනි) කිහිපයක් සාර්ථකව සමත් වෙනවා. SP ප්‍රමිතිය SN+ වලට වඩා සමස්තයක් ලෙස උසස් සහ කල් පවතින ආරක්ෂාවක් සපයනවා.

API SP වල විශේෂත්වය මොකක්ද?

API SP ප්‍රමිතිය හඳුන්වා දුන්නේ අද තියෙන නවීන එන්ජින් වලට විශේෂයෙන්ම අවශ්‍ය වන ආරක්ෂාව සහ ඉහළ කාර්යසාධනය ලබා දීම සඳහායි. විශේෂයෙන්ම, පොඩි එන්ජින් වලින් වැඩි බලයක් ගන්නා Turbocharged Gasoline Direct Injection (TGDI) එන්ජින් වලට මේක ගොඩක් වැදගත්. එයට හේතුව නම් මෙම එන්ජින් වල ක්‍රියාකාරීත්වය ඉතා ඉහල වීමයි.

මේව තමයි මූලිකවම ලැබෙන ආරක්ෂාව සහ වාසි

  • අඩු වේගයේදී සිදුවන පූර්ව ජ්වලනය (LSPI) අවම කිරීම

    නවීන TGDI එන්ජින් වල අඩු වේගයකදී සහ අධික බරක් යටතේදී සිලින්ඩරය ඇතුළේ නොදැනුවත්ව සිදුවන පිපිරීමක් (Pre-Ignition) ඇති වෙන්න පුළුවන්. මේකට තමයි LSPI කියන්නේ. මේ තත්ත්වය නිසා එන්ජිමට බරපතල හානි වෙන්න පුළුවන්. API SP ඔයිල් විශේෂයෙන්ම හදලා තියෙන්නේ මේ LSPI අවදානම අවම කරන්නයි.
  • Timing Chain ආරක්ෂාව

    නවීන එන්ජින් වල ටයිමින් බෙල්ට් එක වෙනුවට ටයිමින් චේන් එකක් භාවිතා කරනවා. API SP ඔයිල්, මේ ටයිමින් චේන් එක ගෙවීයාමෙන් ආරක්ෂා කරලා, එහි ආයු කාලය වැඩි කරනවා.
  • තැන්පතු පාලනය

    පිස්ටන් සහ ටර්බෝචාජර් වැනි කොටස් වල අධික උෂ්ණත්වයේදී තැන්පතු ඇතිවීම වළක්වනවා. එන්ජින් එක ඇතුළත පිරිසිදුව තියාගන්න උපකාරී වෙනවා.
  • ඉන්ධන කාර්යක්ෂමතාව (Resource Conserving)

    මෙම Oil වර්ග ILSAC GF-6A ප්‍රමිතියට (තවත් ඉහළ තත්ත්ව ප්‍රමිතියක්) සමගාමීව ත් එනවා. මේ නිසා API SP "Resource Conserving" ලෙස ලේබල් කර ඇති ඔයිල්, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනවා.
  • පැරණි ප්‍රමිතීන්ට ගැළපීම (Backward Compatible)

    මේ නවීන Oil එක සියලුම පැරණි ප්‍රමිතීන්ට ත් ගැළපෙනවා. ඔයාගේ වාහනයේ අත්පොතේ API SN, SM, SL, හෝ SJ වගේ පැරණි ප්‍රමිතියක් නිර්දේශ කරලා තිබුණත්, API SP ඔයිල් එකක් ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන්. මොකද මේක කලින් තිබූ හැම ප්‍රමිතියකම ගුණාංග වලට වඩා උසස් ලෙස සලකනවා.

API SP ප්‍රමිතිය සියලුම දුස්ස්රාවිතා ශ්‍රේණි සඳහා අදාළ වෙනවා, නමුත් එය විශේෂයෙන්ම අඩු දුස්ස්රාවිතා ඔයිල් (Low-Viscosity Oils) භාවිත කරන නවීන එන්ජින් සඳහා වැදගත් වෙනවා. අද බොහෝ නවීන වාහන නිෂ්පාදකයින් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා 0W-20, 5W-20, 0W-16 වැනි ඔයිල් නිර්දේශ කරනවා. API SP සහ GF-6B ප්‍රමිතීන් වල පවතින මෙම OIL ඉතා සිහින් ඔයිල් වර්ග, ඉහළ උෂ්ණත්වයේදී සහ අධික බර යටතේදී පවා එන්ජිම නිසි ලෙස ආරක්ෂා කරන බව සහතික කරයි.

API විසින් ඔයිල් වර්ගයකට SP සහතිකය ලබා දීමට පෙර, එය පහත සඳහන් ප්‍රධාන එන්ජින් පරීක්ෂණ වලට භාජනය කරන්න ඕනේ. මෙම පරීක්ෂණ SP ප්‍රමිතිය මගින් වඩාත් සංකීර්ණ කර තිබෙනවා. ඒ පරීක්ෂණ වෙන්නෙ LSPI Test, Chain Wear Test, Sludge & Varnish Test, High-Temperature Deposit Test යන ඒවා.

API SP කියන්නේ නිකම්ම අලුත් ඔයිල් එකක් නෙවෙයි. එය නවීන Turbo එන්ජින් (TGDI) සඳහා අත්‍යවශ්‍ය වන LSPI අවදානම ඉවත් කරන විසඳුමක්. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව. ටයිමින් චේන් වැනි සංවේදී කොටස් වලට දීර්ඝ කාලීන ආරක්ෂාවක් සපයන ප්‍රමිතියක්. ඒ වගේම පැරණි ප්‍රමිතීන්ට වඩා සියලු අතින් උසස් සහ ආරක්ෂිතයි.

ඔයාගේ වාහනය නවීන පෙට්‍රල් එන්ජිමක් නම්, විශේෂයෙන්ම ටර්බෝ (Turbo) එකක් තියෙනවා නම්, API SP ප්‍රමිතියේ එන්ජින් ඔයිල් එකක් භාවිතා කිරීමෙන් ඔයාගේ එන්ජිමට උපරිම ආරක්ෂාවක් සහ කාර්යසාධනයක් ලැබෙනවා. ඔයිල් කෑන් එකේ API Service Symbol එකේ Donut එකේ උඩ කොටසේ "API SP" කියලා තියෙනවා දැක ගන්න පුළුවන්.

Screenshot from 2025-11-19 11-09-42.png

ඒ වගේම ඔයාගේ වාහනයේ නිෂ්පාදකයා නිර්දේශ කරන API ප්‍රමිතියට සහ දුස්ස්රාවිතා ශ්‍රේණියට (SAE Viscosity Grade) ගැලපෙන ඔයිල් එකක්ම භාවිතා කරන්න වග බලා ගන්න.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!