Engine timing කියන්නෙ මොකක්ද

time
මිනිත්තු 3 කියවීම
feature image

ඇත්තටම ඔබේ වාහනයේ engine එක කොච්චර efficiently සහ powerfully ක්‍රියා කරනවද කියලා, තීරණය කරන්නේ මොකක්ද? මේකට උත්තරය තමයි, engine timing. මෙතනදි වෙන්නේ, engine එකේ valves සහ පිස්ටන් වල movement එකම වෙලාවෙ සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් මේ engine timing හරහා සිද්ධ වෙනවා. සමහර විට ඔබ engine timing ගැන හරියටම දන්නේ නැතුවත් ඇති. ඒ නිසා, MotorGuide අපි හිතුවා, engine timing ගැන අද ඔබට කියන්න.

Engine timing එකේ basics

Engine timing කියන්නේ, පිස්ටන් වල movement වලට අදාළව engine එකේ valves විවෘත කිරීම සහ වසා දැමීම coordinate කිරීමයි. මේ එකම මොහොතේ සිදු වීම mechanical formality එකක් නෙවෙයි. වාහනයේ engine එක එහි සුදුසුම efficiency එකෙන් ක්‍රියාත්මක වන බව සහතික කරන හරිම පරිස්සමින් calculate කරපු maneuver එකක්.

Ignition timing

Ignition timing කියන්නේ, engine timing එකේ වැදගත් subset එකක්. Spark plugs මඟින් දහන කුටියේ air-fuel mixture එක ignite වෙන නිශ්චිත මොහොත පාලනය කරනවා. මේ spark occurs එක ඉක්මණින් හෝ ප්‍රමාද වෙලා සිදු වුණොත් ඒක අකාර්යක්ෂම දහනයකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ හරහා engine එකේ power එක සහ fuel efficiency එකත් අඩු කරනවා.

Valve timing

Valve timing මඟින් intake සහ exhaust valves විවෘත කිරීම සහ වැසීම manage කරනවා. Engine එකට ඵලදායී විදිහට ක්‍රියා කරන්න ඉඩ ලබා දීලා නියම අවස්ථාවන් වලදී valves විවෘත වීම හා වැසීම සහතික කරනවා. Valves, sync නොවන අවස්ථාවක් තිබුණොත් ඒක power එක නැති වීම, වැඩි විමෝචනය සහ potential engine එකට damage වෙන්න හේතු වෙනවා.

Fuel efficiency එක සහ performance

Engine timing කියන්නේ, දේවල් යම් order එකකට තියාගන්න එක විතරක්ම නෙවෙයි. ඒක ඔබේ වාහනයේ fuel efficiency එක සහ ක්‍රියාකාරීත්වයටත් හේතු වෙනවා. Timed engine එකක් combustion process එක optimize කරනවා. ඊට අමතර fuel වලින් වැඩි energy එකක් ලබා ගන්නවා වගේම ඒක ඔබේ වාහනයේ journey එක සඳහා power එක බවට convert කරනවා.

Engine timing එක නොසලකා හැරියොත් මොකද වෙන්නේ?

Timing off වෙලා නම්, engine එකේ දුර්වල ක්‍රියාකාරීත්වය සහ fuel efficiency එක අඩු වීම වගේ ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ මේ timing ගැන නොසළකා හැරියොත් අනිත් engine components වලටත් බලපෑමක් ඇති කරනවා.

Engine timing, fine-tune කරන්නේ කොහොමද?

Modern engine වල ගොඩක් වෙලාවට variable valve timing (VVT) සහ crankshaft/camshaft position sensors වගේ high technology එකක් දකින්න පුළුවන්. මේ innovations, dynamic engine timing system එකකට උදව් වෙනවා. අනිත් දේ තමයි driving conditions වලට real time adjust කිරීමෙනුත් engine timing fine-tune කරන්න පුළුවන්. මේ විදිහට fine-tune කිරීම මඟින් ඔබේ වාහනයේ engine එක වවිධ අවස්ථාවන්ට adapt වෙන බව සහතික කරනවා. ඒ වගේම optimal performance සහ efficiency එකත් ලබා දෙනවා.

මේ තමයි engine timing එකේ කතාව. ඔබ නොදැන හිටියට මේ හරහා වැදගත් කාර්යන් රැසක් ඉටු කරනවා. අනිත් දේ තමයි engine timing ගැන ඔබ ඒ තරම් සැළකිල්ලක් නොදැක්වුවොත් ඒ හරහා වාහනයට වෙන බලපෑම ගැනත් දැන් ඔබ දන්නවා. ඒ නිසා, මීට පස්සෙ ඔබට පුළුවන්, මේ engine timing හොඳින් බලා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!