එන්ජින් Oil පද්ධතියක Bypass Valve යනු කුමක්ද?

time
මිනිත්තු 5 කියවීම
feature image

ඔබ අසා ඇති එන්ජින් ඔයිල් පද්ධතියේ "Bypass Valve" එක. ඒ කියන්නෙ එන්ජිමේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ඉතා වැදගත් කොටසක්. සරලවම කිවහොත්, මෙම Bypass Valve එක ක්‍රියා කරන්නේ එන්ජිමට කිසිම අවස්ථාවක ලිහිසිකරණ තෙල් නොලැබී යාම වළක්වන "ආරක්ෂිත දැලක්" (Safety Net) ලෙසයි. මෙය සාමාන්‍යයෙන් ඔයිල් ෆිල්ටරය තුළම හෝ ඔයිල් ෆිල්ටර Housing එක තුළ ස්ථාපනය කරල තියනවා.

Bypass Valve එකේ මූලික කාර්යය කුමක්ද?

එන්ජිම ක්‍රියාත්මක වන විට, ඔයිල් පොම්පය මඟින් තෙල් ටැංකියෙන් තෙල් උරාගෙන, එය පිරිසිදු කිරීම සඳහා ඔයිල් ෆිල්ටරය තුළට යවනවා. සාමාන්‍ය තත්ත්ව යටතේ, තෙල් ෆිල්ටර් කඩදාසිය හරහා ගොස්, අපද්‍රව්‍ය ඉවත් වී, පිරිසිදු තෙල් නැවත එන්ජිමට යයි. නමුත් යම් හේතුවක් නිසා ඔයිල් ෆිල්ටරය තුළින් තෙල් නිසි පරිදි ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත්, එම තෙල් ගලායාම ඇණහිටීම (Oil Starvation) වළක්වා ගැනීම Bypass Valve එකේ ප්‍රධාන කාර්යයයි.

Bypass Valve එක ක්‍රියාත්මක වන තත්ත්ව.

  • ෆිල්ටරය අවහිර වීම (Clogged Filter). ඒ කියන්නෙ දීර්ඝ කාලයක් තිස්සේ ඔයිල් මාරු නොකිරීම නිසා හෝ අධික අපද්‍රව්‍ය එකතු වීම නිසා ඔයිල් ෆිල්ටර් කඩදාසිය සම්පූර්ණයෙන්ම අවහිර වූ විට මෙම bypass value එක ක්‍රියාත්මක වෙනවා.
  • අධික ඝන තෙල් (Thick Oil). එන්ජිම සීතල උෂ්ණත්වයක තිබෙන විට, එන්ජින් ඔයිල් ඝන වීම නිසා ෆිල්ටරය තුළින් නිසි වේගයකින් ගමන් කිරීමට නොහැකි වූ විට මෙය ක්‍රියාත්මක වෙනවා.

Bypass Valve එක ක්‍රියාත්මක වන ආකාරය

මෙම Valve එක නිර්මාණය කර ඇත්තේ යම් නිශ්චිත පීඩන සීමාවක් (Preset Pressure Threshold) මත පදනම්වයි. ඉහත සඳහන් කළ පරිදි ඔයිල් ෆිල්ටරය අවහිර වූ විට, ඔයිල් පොම්පය තෙල් දිගින් දිගටම පොම්ප කිරීම නිසා ෆිල්ටරයේ ඇතුළත පීඩනය ක්ෂණිකව ඉහළ යනවා. මෙම පීඩනය, Bypass Valve එක සකසා ඇති නිශ්චිත පීඩන සීමාව (උදා: 8 - 15 psi) ඉක්මවා ගිය විට, Valve එක ස්වයංක්‍රීයව විවෘත වෙනවා. Valve එක විවෘත වූ පසු, තෙල් ෆිල්ටර් මාධ්‍යය මඟහැර (Bypass වී) කෙළින්ම එන්ජිමේ ලිහිසිකරණ නාලිකා වෙත ගමන් කරනවා.

මෙමගින් පිරිසිදු තෙල් සැපයුම නොලැබීම නරක වුවත්, තෙල් සැපයුම නොලැබී යනවාට වඩා අපිරිසිදු තෙල් හෝ ලැබීම එන්ජිමට හානි වීම වළක්වා ගැනීමට වඩා හොඳ තාවකාලික විසඳුමකි. මෙම Valve එක මඟින් Oil Starvation වළක්වා, එන්ජිමේ කොටස් එකිනෙක ගැටී ක්ෂණිකව හානි වීම නතර කරනවා.

ෆිල්ටරය පුපුරා යාම වැළැක්වීම. ඒ කියන්නෙ Bypass Valve එකක් නොතිබුණහොත් හෝ එය නිසි පරිදි විවෘත නොවුවහොත්, ඔයිල් පොම්පයේ බලය නිසා ෆිල්ටරය තුළ අධික පීඩනයක් ඇති වී ඔයිල් ෆිල්ටරය පුපුරා යාමට ඉඩ තියෙනවා. එම නිසා, Bypass Valve එක යනු එන්ජිමකට ක්ෂණික ව්‍යසනයක් ඇතිවීම වළක්වන, ඔයිල් ෆිල්ටරය අවහිර වූ විට පවා ලිහිසිකරණය සහතික කරන Pressure Relief Valve එකක් ලෙස සැලකිය හැකිය. මෙය ක්‍රියාත්මක වන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබ ඉක්මනින්ම ඔයිල් ෆිල්ටරය මාරු කළ යුතු බවයි.

Bypass Valve එකේ පිහිටීම (Location).

Bypass Valve එකේ පිහිටීම එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙන්න පුලුවන්. බොහෝ විට, මෙය Disposable Spin-On වර්ගයේ ඔයිල් ෆිල්ටරයේම අවසානයට සවි කර ඇති කුඩා උල්පතක් (Spring) සහිත කපාටයකි. මෙහිදී, නව ෆිල්ටරයක් සවි කරන සෑම විටම ඔබට අලුත් Bypass Valve එකක්ද ලැබෙනවා. සමහර නවීන වාහනවල (විශේෂයෙන් Cartridge වර්ගයේ ෆිල්ටර භාවිතා කරන එන්ජින් වල) Bypass Valve එක එන්ජින් බ්ලොක් එකට සවි කර ඇති ඔයිල් ෆිල්ටර් Housing එක තුළ ස්ථිරවම සවිකරල තියෙනවා. මෙම අවස්ථාවේදී, ෆිල්ටරය මාරු කළද, Bypass Valve එක මාරු වන්නේ නැහැ.

Bypass කපාටයේ පීඩන අගය (Pressure Setting - PSI)

Bypass Valve එකේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ එය සකසා ඇති පීඩන අගය (Cracking Pressure) මතයි. මෙම අගය සාමාන්‍යයෙන් වර්ග අඟලකට රාත්තල් 8 (8 psi) සිට 15 (15 psi) දක්වා පරාසයක පවතිනවා. සෑම එන්ජින් නිෂ්පාදකයෙක්ම සිය එන්ජිමේ අවශ්‍යතාවයට අනුව මෙම පීඩන අගය නිශ්චය කරනවා. යම් ෆිල්ටරයක හෝ පද්ධතියක Bypass Valve එක වැරදි පීඩන අගයකට සකස් කර ඇත්නම්, එය අනවශ්‍ය අවස්ථාවකදී විවෘත වීමට ඒ කියන්නෙ තෙල් පිරිසිදු නොවී කෙලින්ම යෑමට හෝ අවශ්‍ය විට විවෘත නොවී ෆිල්ටරය පුපුරා යෑමට හෝ ඔයිල් ස්ටාවේෂන් ඇතිවීමට ඉඩ ඇත.

Bypass Valve එකේ අවාසි (The Downside)

මෙම කපාටය ආරක්ෂක යාන්ත්‍රණයක් වුවද, එය ක්‍රියාත්මක වීමෙන් එන්ජිමට ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා.

Bypass Valve එක විවෘත වූ විට, ඔයිල් ෆිල්ටරයේ සිරවී ඇති සියලුම අපද්‍රව්‍ය, ලෝහ කැබලි, සහ කාබන් අංශු පෙරීමකින් තොරව කෙළින්ම එන්ජිමේ කොටස් (උදා: බියරින්, කැම්ෂාෆ්ට්) වෙත ගමන් කරනවා. අපිරිසිදු තෙල් ගලා යාම නිසා එන්ජින් කොටස් අතර ඇතිවන ඝර්ෂණය වැඩි වී, Premature Wear සහ හානි සිදුවිය හැකියි.

Anti-Drain Back Valve (ADBV) සමඟ ඇති වෙනස

Bypass Valve එකට සමාන නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් කාර්යයක් කරන තවත් කපාටයක්. ADBV යනු ඔයිල් ෆිල්ටරය තුළ හෝ ෆිල්ටර් නිවාසය තුළ පිහිටා ඇති, සාමාන්‍යයෙන් රබර් (Nitrile) හෝ සිලිකන් වලින් සාදන ලද එක්-මාර්ග කපාටයකි (One-Way Valve). මෙම කපාටයේ ප්‍රධාන කාර්යය වන්නේ, ඔබ එන්ජිම ක්‍රියා විරහිත කරන විට, ඔයිල් ෆිල්ටරය තුළට පොම්ප කළ පිරිසිදු තෙල් ආපසු ඔයිල් සම්පත (Oil Sump) වෙත ගලා යාම වැළැක්වීමයි.

ADBV ක්‍රියාත්මක වන්නේ එන්ජිමේ ආරම්භක අවස්ථාවේ (Startup) සිදුවන හානි අවම කිරීමටයි. එන්ජිම ක්‍රියා විරහිත කළ විට ඔයිල් පොම්පය ක්‍රියා විරහිත වන අතර, පද්ධතිය තුළ තෙල් පීඩනය පහත යනවා. මෙම අවස්ථාවේදී, ගුරුත්වාකර්ෂණය නිසා ඔයිල් ෆිල්ටරයේ ඇති තෙල් ආපසු සම්ප් එක දෙසට ගලා යාමට උත්සාහ කරනවා. එම අවස්ථාවේදී ADBV Value එක වහාම වැසී ගොස්, ෆිල්ටරය සහ ඒ ආශ්‍රිත ප්‍රධාන ලිහිසිකරණ නාලිකා තුළ තෙල් රඳවා තබා ගන්නවා.

ඔබ නැවත එන්ජිම පණ ගන්වන විට (විශේෂයෙන් උදෑසන සීතල ආරම්භයේදී), ලිහිසිකරණය ක්ෂණිකව එන්ජින් කොටස් වෙත සැපයීම සඳහා ෆිල්ටරය තුළ තෙල් තිබිය යුතුයි. ADBV Value එක නිසා ෆිල්ටරය හිස් නොවන හෙයින්, ඔයිල් පොම්පය ක්‍රියාත්මක වූ වහාම, තෙල් ක්ෂණිකව එන්ජිම වෙතට ගමන් කර තෙල් පීඩනය ඉතා ඉක්මනින් ගොඩනැගෙනවා.

ADBV නොමැති නම් සිදුවන හානිය

වියළි ආරම්භය (Dry Start). ඒ කියන්නෙ ADBV නොතිබුණහොත්, එන්ජිම ක්‍රියා විරහිත වූ විට ෆිල්ටරය හිස් වී යනවා. නැවත එන්ජිම පණ ගැන්වීමේදී, ඔයිල් පොම්පයට ෆිල්ටරය සහ නාලිකා නැවත තෙල්වලින් පුරවා ගැනීමට සුළු කාලයක් (තත්පර කිහිපයක්) ගත වෙනවා. මෙම තත්පර කිහිපය තුළ, එන්ජිමේ සංවේදී කොටස් (උදා: කැම්ෂාෆ්ට්, ටැපට්) තෙල් ලිහිසිකරණයකින් තොරව ඝර්ෂණයට ලක් වන අතර, එය එන්ජිම Premature Wear සහ ආයු කාලය අඩුවීමට හේතුවක් වෙනවා. මෙම තත්ත්වය "වියළි ආරම්භයේ" හානිය ලෙස හැඳින්වෙනවා.

වෙනස

  • Bypass Valve: ෆිල්ටරය අවහිර වූ විට ඉදිරියට ගලායාම සහතික කර ක්ෂණික හානිය වළක්වයි (Safety bypass).
  • ADBV: එන්ජිම නිවා දැමූ විට ආපසු ගලායාම වළක්වා, ඊළඟ වියළි ආරම්භක හානිය වළක්වයි.

මේ කරුණු බැලුවහම ඔබට තේරෙන්නට ඇතී මේ කපාට වල වැදගත්කම. Bypass Valve එක යනු පීඩනයට ප්‍රතිචාර දක්වමින් එන්ජිමේ ක්ෂණික හානිය වළක්වන යාන්ත්‍රණයකි, එය එන්ජින් ඔයිල් පද්ධතියේ ඉතා වැදගත් ආරක්ෂක යාන්ත්‍රණයකි (Fail-Safe).

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!