ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් මාර්ගයේ drive කරනකොට හීනයකින්වත් හිතන්නේ නැති විදිහට අනතුරු සිද්ධ වෙනවා. මේ අනතුරු වලට විවිධ හේතූන් බලපානවා. වාහනයේ ටයර් පිපිරීම නිසාත් අනතුරු බහුල වශයෙන් සිද්ද වෙනවා. ගොඩක් අය දන්නේ නැහැ ටයර් එකක් පිපුරුණොත් මොකද කරන්නේ කියලා. ඔයත් ඒ වගේ වාහනයක ගමන් කරනකොට ටයර් එක පිපුරුණොත් මොකද කරන්නේ කියලා දන්නේ නැතුව ප්‍රශ්නයකද ඉන්නේ? අන්න ඒ නිසාම MotorGuide අපි අද ඔයාට කියන්නේ ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ කියලා.

ටයර් එකක් පිපිරෙන්නේ ඇයි?

  • ටයරයට අධික ලෙස වායු පිරවීම
  • වායු අඩු වීම
  • ටයර් ගෙවී තිබීම
  • වලවල්, ඇණ සහ වෙනත් මාර්ග අනතුරු
  • ටයරයේ නිෂ්පාදන දෝෂ
  • වාහනයට වැඩි බරක් යෙදීම
  • ටයරය කල් ඉකුත් වීම
  • කාලගුණය සහ තාපය

ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

Steering wheel එක තදින් අල්ලා ගන්න

ඔයා වාහනයේ ගමන් කරනකොට වාහනයේ ටයර් පිපුරුණොත් ඔයා කරන්න ඕනේ වැදගත්ම සහ පළවෙනි දේ තමයි වාහනයේ steering wheel එක තඳින් අල්ලගන්න එක. මොකද ටයර් එක පිපිරෙනකොට ඒ පැත්තට වාහනය ඇදී යන්න බලනවා. ඒ නිසා steering wheel එක තද කරලා අල්ලන් වාහනය පැත්තට යන්න දෙන්නේ නැතුව control කරලා තියාගන්න.

එක පාරට brake ගහන්න එපා

වාහනයේ ටයර් එකක් පිපුරුනාම ගොඩක් අය කරන ලොකු වැරැද්දක් තමයි එකපාරටම brake ගහන එක. මේ වගේ වේලාවක කලබල වෙලා වාහනය brake කිරීම මඟින් පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ඒ නිසා එක පාරට වාහනය brake කරන්න එපා.

මඳක් වේගය අඩු කරන්න

ඔයා වාහනයේ වේගය ක්‍රමානුකුලව අඩු කරමින් හැකි තරම් කෙළින් ගමන් කරන්න ඕනේ. Accelerator එකෙන් පාදය ක්‍රමානුකුලව ඉවත් කරමින් වේගය අඩු කිරීමට පටන් ගන්න. ඔබ ආරක්ෂිත වේගයකට අඩු කළාට පස්සේ පාරේ එක් පැත්තකට කපලා නවත්වගන්න. ඊට පස්සේ ඔයාට තවත් අයගේ උදව් සමඟින් වාහනයේ ටයර් එක මාරු කරගන්න. මෙන්න මේ විදිහට තමයි වාහනයේ ටයර් පිපුරුණොත් ඔයා කරන්න ඕනේ.

ටයර් පිපිරීම වළක්වාගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද?

ටයර් වලට නියමිත ප්‍රමාණයට වාතය පුරවන්න

ඉතින් ඔයාට වාහනයේ ටයර් පිපිරෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි ටයරයේ වාතය පරික්ෂා කරන එක. ටයරයේ වාතය පරික්ෂා කරාලා වාතය මදියි නම් වාතය පුරවන්න ඕනේ. මතක ඇතුව ටයරයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වාතය පුරවන්න ඕනේ.

ගමන් කිරීමට සුදුසු මාර්ග තෝරා ගන්න

අපි ගමනක් යනකොට කරන තවත් වැරැද්දක් තමයි හොඳ මාර්ග තියාගෙන ඒ මාර්ග දුරයි කියලා කැඩුණු වලවල් සහිත මාර්ග තෝර ගන්න එක. ඒ මඟින් වාහනයේ ටයර් වලට හානි සිදු වෙලා ඒවා පුපුරන්න පුළුවන්. ඒ නිසා ඔයා ගමනක් යනවා නම් දුර වුණත් හොඳ මාර්ගයක් තෝර ගන්න.

අවශ්‍ය කාලයේදී ටයර් මාරු කරන්න

ඔයා ගමනක් යනවා නම් මුලින්ම ටයර් හොඳට තියෙනවද කියලා බලන්න. ටයර් එක ගෙවිලා වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ටයර් එක මාරු කරගන්න. එහෙම නැතුව ටයර් එක පස්සේ මාරු කරගන්නවා කියලා ඉන්න එපා. නැත්නම් වාහනයේ ටයර් පිපිරිලා අනතුරකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වාහනයේ oil මාරු කරන්න කාර්මිකයෙක් ළඟට යනවා නම් ඔහුට කියලා ටයර් පරික්ෂා කරන්නත් අමතක කරන්න එපා. එවිට ඔවුන්ට ටයරය පිපිරෙන්න පුලුවන්ද කියලා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා.

ඉතින් දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නා ඇති. ඔයත් වාහනයේ ටයර් පිපුරුනොත් අනිවාර්යෙන් මේ දේවල් කරන්න. මේ දේවල් හරියටම කළොත් වැඩිය හානි සිදු කරගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!