ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් මාර්ගයේ drive කරනකොට හීනයකින්වත් හිතන්නේ නැති විදිහට අනතුරු සිද්ධ වෙනවා. මේ අනතුරු වලට විවිධ හේතූන් බලපානවා. වාහනයේ ටයර් පිපිරීම නිසාත් අනතුරු බහුල වශයෙන් සිද්ද වෙනවා. ගොඩක් අය දන්නේ නැහැ ටයර් එකක් පිපුරුණොත් මොකද කරන්නේ කියලා. ඔයත් ඒ වගේ වාහනයක ගමන් කරනකොට ටයර් එක පිපුරුණොත් මොකද කරන්නේ කියලා දන්නේ නැතුව ප්‍රශ්නයකද ඉන්නේ? අන්න ඒ නිසාම MotorGuide අපි අද ඔයාට කියන්නේ ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ කියලා.

ටයර් එකක් පිපිරෙන්නේ ඇයි?

  • ටයරයට අධික ලෙස වායු පිරවීම
  • වායු අඩු වීම
  • ටයර් ගෙවී තිබීම
  • වලවල්, ඇණ සහ වෙනත් මාර්ග අනතුරු
  • ටයරයේ නිෂ්පාදන දෝෂ
  • වාහනයට වැඩි බරක් යෙදීම
  • ටයරය කල් ඉකුත් වීම
  • කාලගුණය සහ තාපය

ටයර් එකක් පිපුරුවොත් මොකද කරන්නේ?

Steering wheel එක තදින් අල්ලා ගන්න

ඔයා වාහනයේ ගමන් කරනකොට වාහනයේ ටයර් පිපුරුණොත් ඔයා කරන්න ඕනේ වැදගත්ම සහ පළවෙනි දේ තමයි වාහනයේ steering wheel එක තඳින් අල්ලගන්න එක. මොකද ටයර් එක පිපිරෙනකොට ඒ පැත්තට වාහනය ඇදී යන්න බලනවා. ඒ නිසා steering wheel එක තද කරලා අල්ලන් වාහනය පැත්තට යන්න දෙන්නේ නැතුව control කරලා තියාගන්න.

එක පාරට brake ගහන්න එපා

වාහනයේ ටයර් එකක් පිපුරුනාම ගොඩක් අය කරන ලොකු වැරැද්දක් තමයි එකපාරටම brake ගහන එක. මේ වගේ වේලාවක කලබල වෙලා වාහනය brake කිරීම මඟින් පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ඒ නිසා එක පාරට වාහනය brake කරන්න එපා.

මඳක් වේගය අඩු කරන්න

ඔයා වාහනයේ වේගය ක්‍රමානුකුලව අඩු කරමින් හැකි තරම් කෙළින් ගමන් කරන්න ඕනේ. Accelerator එකෙන් පාදය ක්‍රමානුකුලව ඉවත් කරමින් වේගය අඩු කිරීමට පටන් ගන්න. ඔබ ආරක්ෂිත වේගයකට අඩු කළාට පස්සේ පාරේ එක් පැත්තකට කපලා නවත්වගන්න. ඊට පස්සේ ඔයාට තවත් අයගේ උදව් සමඟින් වාහනයේ ටයර් එක මාරු කරගන්න. මෙන්න මේ විදිහට තමයි වාහනයේ ටයර් පිපුරුණොත් ඔයා කරන්න ඕනේ.

ටයර් පිපිරීම වළක්වාගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද?

ටයර් වලට නියමිත ප්‍රමාණයට වාතය පුරවන්න

ඉතින් ඔයාට වාහනයේ ටයර් පිපිරෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි ටයරයේ වාතය පරික්ෂා කරන එක. ටයරයේ වාතය පරික්ෂා කරාලා වාතය මදියි නම් වාතය පුරවන්න ඕනේ. මතක ඇතුව ටයරයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වාතය පුරවන්න ඕනේ.

ගමන් කිරීමට සුදුසු මාර්ග තෝරා ගන්න

අපි ගමනක් යනකොට කරන තවත් වැරැද්දක් තමයි හොඳ මාර්ග තියාගෙන ඒ මාර්ග දුරයි කියලා කැඩුණු වලවල් සහිත මාර්ග තෝර ගන්න එක. ඒ මඟින් වාහනයේ ටයර් වලට හානි සිදු වෙලා ඒවා පුපුරන්න පුළුවන්. ඒ නිසා ඔයා ගමනක් යනවා නම් දුර වුණත් හොඳ මාර්ගයක් තෝර ගන්න.

අවශ්‍ය කාලයේදී ටයර් මාරු කරන්න

ඔයා ගමනක් යනවා නම් මුලින්ම ටයර් හොඳට තියෙනවද කියලා බලන්න. ටයර් එක ගෙවිලා වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ටයර් එක මාරු කරගන්න. එහෙම නැතුව ටයර් එක පස්සේ මාරු කරගන්නවා කියලා ඉන්න එපා. නැත්නම් වාහනයේ ටයර් පිපිරිලා අනතුරකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වාහනයේ oil මාරු කරන්න කාර්මිකයෙක් ළඟට යනවා නම් ඔහුට කියලා ටයර් පරික්ෂා කරන්නත් අමතක කරන්න එපා. එවිට ඔවුන්ට ටයරය පිපිරෙන්න පුලුවන්ද කියලා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා.

ඉතින් දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නා ඇති. ඔයත් වාහනයේ ටයර් පිපුරුනොත් අනිවාර්යෙන් මේ දේවල් කරන්න. මේ දේවල් හරියටම කළොත් වැඩිය හානි සිදු කරගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!