වාහනයේ brake නැති වුණොත් මොකද කරන්නේ

time
මිනිත්තු 3 කියවීම
feature image
කටට brake නැති වුණොත් මොනවා වෙයිද? හිතා ගන්න බැහැ නේද? ගොඩාක් දේවල් වෙයි. අන්න ඒ වගේ තමයි, වාහනයටත් brake නැති වුණොත් අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙලාවට අපි මොනවද කරන්න ඕනේ කියලා දැනගෙන හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකත් හරි කියමුකො. මොනවද වාහනයේ brake නැති වුණොත් කරන්න ඕනේ? ඒ ගැන තමයි MotorGuide අපි අද ඔබට කියන්නේ.

Brake නැති වුණාම මොකද කරන්නේ?

ඔබ මුලින්ම කරන්න ඕනේ, gas pedal එකෙන් කකුල ඉවත් කර ගන්න එක. එතකොට වාහනය engine braking apply කර ගන්න පටන් ගන්නවා. එහෙම වෙලා වාහනය slow වෙනවා. ඊළඟට වාහනය downshift කරන්න වෙනවා. ඒ කියන්නේ engine එකේ තියෙන braking power එක ඔබ ලබා ගන්නවා. ඊළඟට ඔබට brake අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි engine brake සහ hand brake. ඒ නිසා ඔබ downshift කරන එක තමයි කරන්න ඕනේ. මොකද එමඟින් ඔබට වාහනය අවශ්‍ය විදිහට slow කර ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවස්ථාවේදී වාහනයේ pressure එක line එකේ තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔබ brake එක pump කරනවා නම්, සමහර විට ඒ තියෙන pressure එකෙන් වාහනයට තව brake force එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට hand brake එක apply කරන්න ඕනේ. හැබැයි තියෙන හදිස්සියට එක පාරටම hand brake එක අදින්නේ නැහැ. වාහනය අයින් කරන අතරෙ ක්‍රමයෙන් තමයි hand brake apply කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම වාහනය නවතිනවා.

වාහනයේ brake නැති විට නොකළ යුතු දේවල් මොනවද?

කලබල වීම

ඇත්තටම ගමනක් යන ගමන් ඉන්නකොට එක පාරම වාහනයේ brake නැති වෙනවා කියන්නේ, කලබල වෙන අවස්ථාවක්නෙ කියලා ඔබට හිතෙයි. හැබැයි එහෙම නැහැ. ඔබටම නොදැනුවත්ව හෝ ඒ මොහොතෙ කලබල වීමක් වෙනවා නම් ඒකට හේතුව තමයි, වාහනයේ brake නැති වුණොත් මොකද කරන්න ඕනේ කියන දේ ගැන හරියටම ඔබ නොදන්න එක. ඒ කොහොම වුණත්, කතාවකුත් තියෙන්නේ "හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බෑ" කියලා. ඒ නිසා වාහනයේ brake නැති වුණු පලියට කලබල වෙන්න, හදිස්සි වෙන්න යන්න එපා.

Speed එකේ downshift කිරීම

ඔබ මොන තරම් speed එකකින් යන ගමන් හිටියත්, downshift කරන එක slowly තමයි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එමඟින් වාහනයේ transmission එකට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා downshift කරන එකත් gradually සෙමින් තමයි කර ගන්න ඕනේ.

Engine එක off කිරීම

වාහනයේ brake නැති වුණාම engine එක නම් off කරන්න යන්න එපා. මොකද ගොඩක් වාහන වල power steering එක support කරන්නේ, engine එක start කරලා තිබ්බම. ඒ නිසා ඔබ engine එක off කරනවා කියන්නෙම, ඔබට steering එක control නැති වෙනවා. ඒ කියන්නේ ඔබට වාහනය control කර ගන්න බැරි වෙනවා. අන්න එතකොට නම් ඔබට ඇත්තටම හිතාගන්න බැරුව යයි මොනවද කරන්න ඕනේ කියලා. එතකොට brake නැති වුණාම සිද්ධ වෙනවට වඩා ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.

Neutral එකට දැමීම

තවත් නොකළ යුතු දෙයක් තමයි වාහනය neutral එකට දාන එක. මොකද එහෙම කළොත් engine එකෙන් ලැබෙන braking power එක නැති වෙනවා. ඒ විදිහට ඔබට වාහනයේ braking power එක නොලැබුණොත්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි power එකක් brake pedal එකට යෙදීමෙන් තමයි, වාහනය නවත්වා ගන්න වෙන්නේ. හැබැයි ඉතින් stopping distance එක නම් වැඩියි. ඒ නිසා වාහනයේ brake නැති වුණා කියලා කිසිම දවසක, neutral එකට නම් දාන්න එපා. මේ දේවල් තමයි හදිස්සියේ හරි වාහනයේ brake නැති වුණොත් ඔබ කරන්න ඕනේ. කරන්න ඕන දේවල් වගේම, brake නැති වෙලාවට නොකළ යුතු දේවල් ගැනත් අපි අද ඔබට කිව්වා. ඒ නිසා මීට පස්සේ පාරෙ යන එනකොට වාහනයේ brake නැති වුණොත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ වෙලාවට නොදැනුවත්වවත් කලබල නම් වෙන්න එපා. අද අපි කියපු දේවල් හරියට මතක තියාගෙන හරියටම කරන්න.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!