ඔබේ වාහනය ගංවතුරට හසු වුණාද?

time
මිනිත්තු 3 කියවීම
feature image

හොඳටම වහින කාලෙට නම්, වාහනයක් drive කරනවා කියන එක අමාරු වැඩක්නේ. ඒ වගේද, ගංවතුරකට එහෙම වාහනය හසු වුණොත්. ඇත්තටම එහෙම වෙලාවට ඔබ මොන වගේ දෙයක් කරයිද? ඒ ගැන ඔබ හිතුවද? ඇත්තටම වාහනයක් ගංවතුරට හසු වුණොත්, ඒක වාහනයට ලොකු damage එකක්. වාහනය ගංවතුරට හසු වෙලත්, ඔබ ඒ ගැන එච්චර හිතන්නේ නැතුව හිටියොත් ඉතින්, වාහනයේ අන්තිම කාලෙ තමයි. ඒ නිසා, MotorGuide අපි හිතුවා, ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණොත් මොකද කරන්න ඕනේ කියලා, අද ඔබට කියන්න.

ගංවතුරෙන් වාහනයට වන ප්‍රශ්න මොනවද?

වාහනයක් ගංවතුරට හසු වෙනවා කියන්නේ, එමඟින් වාහනයේ විවිධ කොටස් වලට ඒක ලොකු හානියක් ඇති කරනවා කියන එක. අපි දැන් බලමු, ඒ කොටස් මොනවද කියලා.

Braking system එක

Brake fluid වලට වතුර ඇතුල් වීමෙන්, braking efficiency එක අඩු කරලා, pipes corrode කරනවා.

Fuel system එක

Petrol tank එකේ හෝ fuel lines වල තියෙන වතුර නිසා, fuel injectors සහ fuel pump එකට හානි කරන්න පුළුවන්.

Exhaust system එක

ගංවතුරට හසු වීම නිසා, catalytic converters හෝ silencers හරිම ලේසියෙන් හානි වෙන්න පුළුවන්.

Hydro-lock

ගංවතුරට හසුවුණු වාහනයක ඇති වෙන එක ගැටළුවක් තමයි, Hydro-lock කියන්නේ. Air intake එක හරහා engine එකට වතුර ඇතුල් වෙනකොට, ඒක සාමාන්‍යයෙන් pistons සහ cylinders වලට බරපතල විදිහට හානි කරනවා.

Rust

Metal, වතුරත් එක්ක හොඳ combination එකක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා ගංවතුරට හසු වුණාම, වාහනය හදලා තියෙන metal එකේ rust ඇති වෙනවා. මේක ගංවතුර නිසා, වාහන වලට ඇති වෙන ප්‍රධාන ගැටළුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Electrical system එක

වතුර නිසා, electrical circuits short වීම හෝ burned-out wiring මඟින් වාහනයේ electrical system එකට හානි කරන්න පුළුවන්.

ඔබේ වාහනයත් ගංවතුරට හසු වෙලා නම්, අනිවාර්යයෙන්ම වාහනයේ ඇති වෙන electrical issues වලින් පරිස්සම් වෙන්න. මොකද නැත්නම් ඔබට හදිසි අනතුරු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි වාහනයත් පරිස්සම් කර ගන්න ඕනේ. මේ විදිහට වාහනයට වන damage එක depend වෙන්නේ, වාහනය කොච්චර කාලයක් ගංවතුරට යට වෙලා තියෙනවද සහ ඒ අවස්ථාවේ drive කළාද කියන එක මතයි.

ගංවතුරට හසුවුණු වාහනයක් පරිස්සම් කරන්නේ කොහොමද?

restart කරන්න එපා

Engine එක සහ transmission එක ඇතුළුව වාහනයේ තියෙන හැම component එකකටම වතුරෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය ගංවතුරට යට වෙලා තියෙන වෙලාවක, ඔබ engine එක start කරන්න try කළොත් සහ වතුර වැඩිපුර ඇතුල් වුණොත් වාහනයට ලොකු හානියක් වෙන්න පුළුවන්. වතුර මඟින් engine එකට හානි කරනකොට, pistons සාමාන්‍ය විදිහට compress හෝ move වෙන්නේ නැහැ. එතකොට කලින් කියපු විදිහට ඒක 'hydrolock' ලෙස හඳුන්වනවා. මේ තත්වය බහුලවම දකින්න ලැබෙන්නේ, ගංවතුරට හසුවුණු වාහන වල. හදිස්සියේ හරි ඔබේ වාහනයත් hydrolock වෙලා නම්, repair කරන්න යන cost එක ගොඩක් වැඩියි. සමහර විට, ලොකු damage එකක් වුණොත් වාහනය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්.

වාහනය Ventilate කරන්න

වාහනය ගංවතුරට හසු වුණාට පස්සේ, වතුර නිසා හානියට පත් වුණු තැන් හොඳින් dry කර ගන්න ඕනේ. වාහනයේ doors, windows open කරලා, තද අව්වෙ තියන්න. හැබැයි ප්‍රමාණවත් හිරු එළියක් නැත්නම්, වාහනය open space එකක park කරලා standing fan එකක් use කරලා, ගංවතුරට හසුවුණු තැන් dry කර ගන්න. වාහනය එහෙමටම ගංවතුරට හසු වෙලා නැති වුණත්, cabin එක තෙත් වෙලා තියෙනවා නම්, ඉක්මනින්ම dry කර ගන්න. ඒකට වාහනයේ heaters use කරන්න පුළුවන්. හැබැයි මෙතනදි අනිවාර්යයෙන්ම engine එකට damage එකක් නොවෙන්න වග බලා ගන්න ඕනේ.

වාහනයේ ඇති වතුර ඉක්මනින් ඉවත් කරන්න

වාහනයේ වතුර රැඳිලා තියෙන්න තියෙන්න, ඒකෙන් වාහනයට වෙන damage එකත් වැඩි වෙනවා. විශේෂයෙන්ම wiring සහ mechanical components වලට මේ විදිහට වතුර රැඳිලා තියෙන එකෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා, interior එක එහෙම හොඳින් check කරලා, towel එකක් වගේ දෙයක් use කරලා, වතුර ඉවත් කර ගන්න.

ඔන්න මේ විදිහට තමයි, හදිස්සියේ හරි වාහනය ගංවතුරකට හසු වුණොත්, පරිස්සම් කර ගන්න ඕනේ. මේ Article එකෙන් අපි ඔබට කිව්වා, වාහනය ගංවතුරට හසු වුණොත්, සමහර දේවල් නොකර ඉන්නත්, සමහර දේවල් හරිම පරිස්සමින් කරන්නත් කියලා. ඒ දේවල් හරියටම follow කළොත් ඉතින්, මොන ගංවතුර ආවත් ඔබට වාහනය නම් පරිස්සම් කර ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!