වාහනයක විවිධ Parts මාරු කළ යුතු කාල සීමාව

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් කියන්නේ අපේ එදිනෙදා වැඩ වලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි වාහන නිසා අපේ වැඩ ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒ නිසාම වාහනය ගැන සැළකිලිමත් වෙන්නත් ඕනේ. වාහනය ගැන සැළකිලිමත් වෙනවා කියන්නේ පිරිසිදු කරන එක විතරක් නෙමෙයි. වාහනය හොඳට maintain කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. වාහනයක් maintain කරනකොට අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි වාහනයක විවිධ parts මාරු කරන්න වෙන කාල සීමාව. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයක විවිධ parts මාරු කළ යුතු කාල සීමාව ගැන.

Engine oil ගැන

ඔයාගේ වාහනයේ engine එක smoothly විදිහට වැඩ කරන්න නියමිත oil ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සෑම වාහනයකම නියමිත කාලයේදී තෙල් වෙනස් කරන්න ඕනේ. ඔයාගේ vehicle ඒකෙ engine එක lubricated කරගන්නත් වගේම dust සහ debris absorb excess කිරීමට oil අවශ්‍ය වෙනවා. ඔයාගේ වාහනේ මාස 3 කට හෝ 6 කට සැරයක් පමණ oil change කර ගත යුතුයි. ඒ වගේම dashboard light එක මඟින් ඔයාට oil change එකක් අවශ්‍ය බවට warning එකක් දුන් විගස ඔයා oil මාරු කල යුතුයි. නැත්නම් engine එක damage වෙන්න පුළුවන්.

ටයර් ගැන බලන්න

ටයර් ගැනත් ඔයා හොඳ සැළකිල්ලක් දක්වන්න ඕනේ. ටයර් මුළු වාහනයේම බර උසුලන නිසා මාර්ගය හා වාහන අතර contact point එකක් ලෙසත් active වෙනවා. අඩු ඉන්ධන දහනයටත්, වැස්සේ ආරක්ෂිතව drive කිරීමටත් සහ ටයර් පිපිරීම් වළක්වා ගන්නත් ටයර් ආරක්ෂිතව තියාගන්න ඕනේ. ටයර් එකක ආයු කාලය තීරණය වෙන්නේ drive කරන විදිහත් එක්ක. ඉතින් ඔයා 40,000 km ගියාට පස්සේ වගේ ඔයා අලුත් ටයර් එකක් දාගන්න ඕනේ. නැත්තන් සාමාන්‍යයෙන් ටයර් වල ආයු කාලය අවුරුදු 5ක් හෝ 7ක් පමණ තිබුනත් ඒක කාලගුණයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ටයර් අවුරුදු 5කට වඩා පරණ නම් අලුත් ටයර් replace කරගන්න.

Spark plugs ගැන

Spark plugs 50,000 km වගේ ධාවනය වුණාට පස්සේ හරි අවුරුද්දක් ගියාම replace කරගන්න. ඉතින් මේ spark plugs වලින් වෙන්නේ engine එකේ තියෙන fuel සහ oxygen mix වෙලා දැල්වෙන එක. ඔයා නිතරම spark plugs පිරිසිදු කරනවා නම් ගොඩක් කල් හොඳ තත්වයේ තියාගන්න පුළුවන්.

Air filter එක

Air filter එක ඔබේ vehicle එකේ engine එක අපිරිසිදු වීමෙන් වළක්වන්න උපකාරී වෙනවා. ඒ නිසා වාහනය දිගු කාලයක් කාර්යක්ෂමව ධාවනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි air filter එක ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඔයා 40,000 km හෝ අවුරුදු 3කට වගේ පස්සේ air filter එක සම්පූර්ණයෙන්ම change කරගන්න.

Battery එක

ඔබට vehicle එකක් start කරන්න නම් vehicle එකේ battery එකක් තියෙන්නම ඕන. ඉතින් battery එකකට නියමිත ආයු කාලයක් තියෙනවා. ඒක ඔයා battery එක use කරන විදිහ අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් battery එකක ආයු කාලය වසර 3ක් හෝ 4ක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් අය හිතනවා vehicle එක පාවිච්චි නොකර තිබ්බත් battery එකේ ආයු කාලය වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒත් ඒක වැරදි ඔයා battery එක use කලේ නැතත් ඒ දේ එහෙමමයි. ඔයා vehicle එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ නැත්නම් battery එක ඉවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කාලය අවසන් නම් battery එකක් replace කරන්නත් දැනගන්න ඕනේ.

Brake pads ගැන

ඔයා driving ගැන දන්න කෙනෙක් නම් හොඳ brake pads තිබීම ඔයාට කොච්චර වැදගත්ද කියලා දන්නවා ඇති. ඉතින් ඔයාගේ වාහනය විශාල බර වාහනයක් නම් හෝ ඔබ නගරයේ ජිවත් වෙනවා නම් නාගරික තදබදය නිසාත් brake pads ඔයාට නිතරම වගේ පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා ඔයාට brake pads ඉක්මනින් replacing කරන්න වෙනවා. සාමාන්‍යයෙන් 50,000- 60,000 km ධාවනය කළාට පස්සේ හෝ වසර 3ක්, වසර 5කට වරක් අලුත් brake pads දාන්න අමතක කරන්න එපා.

Coolant එක

Coolant එකකින් වෙන්නේ engine එක cold කරන එක. Engine එක ඇතුලේ අධික උෂ්ණත්වය පාලනය කරන්න coolant එක වැදගත් වෙනවා. කිලෝමීටර් ලක්ෂයක් පමණ ගියාට පස්සේ coolant එක change කරගන්න.

Serpentine belt එක

Serpentine belt එක කියන්නේ කිලෝමීටර් ලක්ෂයකට වඩා පහසුවෙන් තියාගන්න පුළුවන් දෙයක්. ඒ නිසා නිතර නිතර කරදර වෙන්න ඕනේ නැහැ. මෙය මූලික වශයෙන්ම roller කිහිපයක් වටා එතුන ලද රබර් පටියක්‍. ඉතින් මේකත් කිලෝමීටර් ලක්ෂයක් පමණ ගියාට පස්සේ change කරගන්න.

ඉතින් මෙන්න මේ දේවල් තමයි වාහනයක විවිධ parts මාරු කරන්න ඕනේ කාල සීමාව. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!