වාහනයක විවිධ Parts මාරු කළ යුතු කාල සීමාව

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් කියන්නේ අපේ එදිනෙදා වැඩ වලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි වාහන නිසා අපේ වැඩ ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒ නිසාම වාහනය ගැන සැළකිලිමත් වෙන්නත් ඕනේ. වාහනය ගැන සැළකිලිමත් වෙනවා කියන්නේ පිරිසිදු කරන එක විතරක් නෙමෙයි. වාහනය හොඳට maintain කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. වාහනයක් maintain කරනකොට අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි වාහනයක විවිධ parts මාරු කරන්න වෙන කාල සීමාව. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයක විවිධ parts මාරු කළ යුතු කාල සීමාව ගැන.

Engine oil ගැන

ඔයාගේ වාහනයේ engine එක smoothly විදිහට වැඩ කරන්න නියමිත oil ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සෑම වාහනයකම නියමිත කාලයේදී තෙල් වෙනස් කරන්න ඕනේ. ඔයාගේ vehicle ඒකෙ engine එක lubricated කරගන්නත් වගේම dust සහ debris absorb excess කිරීමට oil අවශ්‍ය වෙනවා. ඔයාගේ වාහනේ මාස 3 කට හෝ 6 කට සැරයක් පමණ oil change කර ගත යුතුයි. ඒ වගේම dashboard light එක මඟින් ඔයාට oil change එකක් අවශ්‍ය බවට warning එකක් දුන් විගස ඔයා oil මාරු කල යුතුයි. නැත්නම් engine එක damage වෙන්න පුළුවන්.

ටයර් ගැන බලන්න

ටයර් ගැනත් ඔයා හොඳ සැළකිල්ලක් දක්වන්න ඕනේ. ටයර් මුළු වාහනයේම බර උසුලන නිසා මාර්ගය හා වාහන අතර contact point එකක් ලෙසත් active වෙනවා. අඩු ඉන්ධන දහනයටත්, වැස්සේ ආරක්ෂිතව drive කිරීමටත් සහ ටයර් පිපිරීම් වළක්වා ගන්නත් ටයර් ආරක්ෂිතව තියාගන්න ඕනේ. ටයර් එකක ආයු කාලය තීරණය වෙන්නේ drive කරන විදිහත් එක්ක. ඉතින් ඔයා 40,000 km ගියාට පස්සේ වගේ ඔයා අලුත් ටයර් එකක් දාගන්න ඕනේ. නැත්තන් සාමාන්‍යයෙන් ටයර් වල ආයු කාලය අවුරුදු 5ක් හෝ 7ක් පමණ තිබුනත් ඒක කාලගුණයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ටයර් අවුරුදු 5කට වඩා පරණ නම් අලුත් ටයර් replace කරගන්න.

Spark plugs ගැන

Spark plugs 50,000 km වගේ ධාවනය වුණාට පස්සේ හරි අවුරුද්දක් ගියාම replace කරගන්න. ඉතින් මේ spark plugs වලින් වෙන්නේ engine එකේ තියෙන fuel සහ oxygen mix වෙලා දැල්වෙන එක. ඔයා නිතරම spark plugs පිරිසිදු කරනවා නම් ගොඩක් කල් හොඳ තත්වයේ තියාගන්න පුළුවන්.

Air filter එක

Air filter එක ඔබේ vehicle එකේ engine එක අපිරිසිදු වීමෙන් වළක්වන්න උපකාරී වෙනවා. ඒ නිසා වාහනය දිගු කාලයක් කාර්යක්ෂමව ධාවනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි air filter එක ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඔයා 40,000 km හෝ අවුරුදු 3කට වගේ පස්සේ air filter එක සම්පූර්ණයෙන්ම change කරගන්න.

Battery එක

ඔබට vehicle එකක් start කරන්න නම් vehicle එකේ battery එකක් තියෙන්නම ඕන. ඉතින් battery එකකට නියමිත ආයු කාලයක් තියෙනවා. ඒක ඔයා battery එක use කරන විදිහ අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් battery එකක ආයු කාලය වසර 3ක් හෝ 4ක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් අය හිතනවා vehicle එක පාවිච්චි නොකර තිබ්බත් battery එකේ ආයු කාලය වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒත් ඒක වැරදි ඔයා battery එක use කලේ නැතත් ඒ දේ එහෙමමයි. ඔයා vehicle එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ නැත්නම් battery එක ඉවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කාලය අවසන් නම් battery එකක් replace කරන්නත් දැනගන්න ඕනේ.

Brake pads ගැන

ඔයා driving ගැන දන්න කෙනෙක් නම් හොඳ brake pads තිබීම ඔයාට කොච්චර වැදගත්ද කියලා දන්නවා ඇති. ඉතින් ඔයාගේ වාහනය විශාල බර වාහනයක් නම් හෝ ඔබ නගරයේ ජිවත් වෙනවා නම් නාගරික තදබදය නිසාත් brake pads ඔයාට නිතරම වගේ පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා ඔයාට brake pads ඉක්මනින් replacing කරන්න වෙනවා. සාමාන්‍යයෙන් 50,000- 60,000 km ධාවනය කළාට පස්සේ හෝ වසර 3ක්, වසර 5කට වරක් අලුත් brake pads දාන්න අමතක කරන්න එපා.

Coolant එක

Coolant එකකින් වෙන්නේ engine එක cold කරන එක. Engine එක ඇතුලේ අධික උෂ්ණත්වය පාලනය කරන්න coolant එක වැදගත් වෙනවා. කිලෝමීටර් ලක්ෂයක් පමණ ගියාට පස්සේ coolant එක change කරගන්න.

Serpentine belt එක

Serpentine belt එක කියන්නේ කිලෝමීටර් ලක්ෂයකට වඩා පහසුවෙන් තියාගන්න පුළුවන් දෙයක්. ඒ නිසා නිතර නිතර කරදර වෙන්න ඕනේ නැහැ. මෙය මූලික වශයෙන්ම roller කිහිපයක් වටා එතුන ලද රබර් පටියක්‍. ඉතින් මේකත් කිලෝමීටර් ලක්ෂයක් පමණ ගියාට පස්සේ change කරගන්න.

ඉතින් මෙන්න මේ දේවල් තමයි වාහනයක විවිධ parts මාරු කරන්න ඕනේ කාල සීමාව. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine mounts worn වුණාම වාහනයේ vibration වැඩි වෙන හැටි.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Starter motor problem තියෙනවාද කියලා හඳුනාගන්න ලක්ෂණ.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    2026 අලුතෙන් ආපු මොකද්ද මේ කොළපාට අංක තහඩු කතාව.

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Tyre Retreading කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Ceramic Coating ඇත්තටම වටිනවද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil flush කරන්න ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!