වාහනයේ ගින්නක් ඇති වුණොත් අනුගමනය කළ යුතු පියවර

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබ අහලා තියෙනවද, ඇතුළත ගිනි පිටට දෙන්න හොඳ නැහැ කියලා කතාවක්. හැබැයි වාහනයකට නම්, ඇතුළත පිටත කියලා අදාළ නැහැ. ඕනම තැනක, ඕනම වෙලාවක ගින්නක් ඇති වෙන්න පුළුවන්. වාහන ගිනි ගැනීම් නිතරම සිද්ධ වෙන්නේ නැහැ තමයි. හැබැයි හදිස්සියේ හරි වාහනයේ ගින්නක් ඇති වුණොත්, ඒ වෙලාවට කලබල වෙලා වැඩක් නැහැ. එතනදි හරියටම මොනවද කරන්න ඕනේ කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා, වාහනයේ ගින්නක් ඇති වුණොත් මොකද කරන්න ඕනේ කියලා, MotorGuide අපි අද ඔබට step by step කියන්නම්.

වාහන ගිනි ගැනීම් ඇති වෙන්නේ කොහොමද?

වාහනයක ගින්නක් ඇති වෙන්න, එක එක හේතු බලපානවා. සමහර වාහන ගිනි ගැනීම් collisions නිසා ඇති වෙන්න පුළුවන්. Collisions වලදී, electrical wiring හෝ fuel system එකේ ඇති වෙන ගැටළු නිසා engine එක ගිනි ගන්නවා. ඒ නිසා, ඔබට කරන්න පුළුවන් safety ම දේ තමයි, හැම service call එකකදීම මේ systems check කරන එක.

වාහනයක ගිනි ගැනීම් ඇති වෙන්න හේතු මොනවද?

  • නැවත නැවත blow වන fuses
  • Oil change කිරීමෙන් පසු hood එක යටින් oil leak එකක් තිබීම
  • වාහනය යටින් oil හෝ fluid leak එකක් තිබීම
  • Damage වුණු, exhaust system එක (Exhaust system එකෙන් ඇති වන loud noise එකත් ගිනි ගැනීම් වලට හේතු වෙන්න පුළුවන්)
  • Fuel level එක, oil level එක හෝ engine temperature එකේ සිදු වෙන rapid changes
  • Oil filler එකේ cap එක නැති වීම
  • Maintenance නොසළකා හැරීම

හැමදාම හරියටම වාහනය maintain කරනවා නම්, වාහනයේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්. ඊට අමතරව fuel cost එක අඩු කරන්න වගේම overall cost එක limit කරන්නත් උදව් වෙනවා.

ගින්නක් ඇති වුණොත් මොකද කරන්නේ?

වාහනය drive කරනකොට දුම් ගඳක් එනවා නම්, නැත්නම් වාහනයෙන් ගින්දර එනවා නම්, කරන්න ඕන දේ ගැන දැනගෙන හිටියොත් ඇති වෙන හානිය වළක්වා ගන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔබ කලබල වෙන්න හොඳ නැහැ. හැබැයි ඔබ ඉක්මන් වෙන්න ඕනේ. එහෙම ඉක්මන් වෙලා මතක ඇතුව ඔබ මේ දේවල් කරන්න.

  • Signal දමා, ළඟම ඇති ආරක්‍ෂිත ස්ථානයෙන් වාහනය park කරන්න. ඒක side lane එකක් හෝ median එකක් වෙන්න පුළුවන්.
  • වාහනය නවත්වා ignition එක off කරන්න.
  • වාහනයේ ඉන්න හැම කෙනෙක්වම ඉවතට ගන්න. වාහනයේ තියෙන personal items ගන්න කිසිම කෙනෙක්ට නැවත වාහනයට යන්න දෙන්න එපා.
  • Toxic fumes වළක්වා ගන්න අවම වශයෙන් අඩි 100 ක් හෝ අනිත් අයගෙන් ඈතට වාහනය අරගෙන යන්න.

සමහර විට ඔබ හිතනවා ඇති, engine compartment එකේ විතරයි ගිනි ඇති වෙන්නේ කියලා. ඇත්තටම එතන විතරක් නෙවෙයි ගිනි ඇති වෙන්නේ. වාහනය යට, wheels සහ brakes අසල, dashboard එකේ වගේම interior එකේ පවා ගින්නක් ඇති වෙන්න පුළුවන්.

මෙතනදි වාහනයේ exterior එකෙන් ඇති වෙන ගින්නකට වඩා interior එකේ ඇති වෙන ගින්න ගොඩක් හානිකරයි. ගින්නක් ඇති වුණ වේලාවකදී hood එකේ හෝ වාහනයේ doors open කරනකොට, air supply එක වැඩි කරනවා. එමඟින් ගින්න වැඩි වෙන්න පුළුවන්.

ගින්නකින් ආරක්ෂා වෙන්න, ගින්නක් ඇති වෙනකම්ම ඉන්න ඕනේ නැහැනේ. ඒ නිසා අපි අද කියපු හැම point එකක්ම මතක තියාගෙන ඒ දේවල් follow කරන්න. එතකොට ඔබටත් පාරෙ යනකොට වාහනයේ ගින්නක් ඇති වෙන එක වළක්වා ගන්නත්, ඇති වුණු ගින්නෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්. ඒ නිසා, මීට පස්සේ වාහනයේ ගින්නක් ඇති වුණොත් කලබලෙන් වැඩ කරන්න එපා. අපි අද කියපු දේවල් අනිවාර්යයෙන් මතක තියා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!