High speed යනකොට මේ වැරදි කරන්න එපා

time
මිනිත්තු 5 කියවීම
feature image

"අධික වේගය මාරු කැඳවයි" මේ කියමන ඔයාලා අහලා තියෙනවද? මේක කියමනක් වුණත් ඇත්ත කතාවක්. මොකද සමහර අය වාහනය අධික වේගයෙන් drive කිරීමේදී රියදුරන් විසින් සිදු කරන වැරදි මඟින් අනතුරු සිදු වෙලා ජීවිත හානි බොහොමයක් සිදු වෙනවා. ඉතින් මේ හානි වලට වග කියන්න ඕනේ රියදුරන් වාහන drive කරනකොට සිදු කරන වැරදි. ඔයත් high speed වාහන drive කරන කෙනෙක්ද? ඔයා එහෙම කෙනෙක්නම් වාහනයේ high speed යනකොට නොකළ යුතු වැරදි ගැන දැනගන්න ඕනේ. අන්න ඒ නිසා MotorGuide අපි අද ඔයාට කියන්නේ වාහනයේ high speed යනකොට නොකළ යුතු වැරදි ගැනයි.

නීත්‍යානුකූලව වාහනයකට ගමන් කළ හැකි speed limit මොනවාද?

වාහනයකට ගමන් කරන්න පුළුවන් speed එක තැනින් තැනට වෙනස්. Town එකේ drive කරන්න පුළුවන් speed එක නෙවෙයි ගමක drive කරන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයෙන් වාහනයටත් drive කරන්න පුළුවන් speed එක වෙනස් වෙනවා. අපි දැන් මේ speed limit එක ගැන බලමු.

නගරයෙන් පිටත යතුරුපැදි සඳහා පැයට 40kmක්, බර වාහන සඳහා පැයට 60kmක් සහ කාර් සහ සැහැල්ලු වාහන සඳහා පැයට 70kmක් වශයෙන් speed limit එකක් තියෙනවා. Highway වල speed limit එක පැයට 100km ක් වෙනාවා. මේ දේවල් රටින් රටටත් වෙනස් වෙනවා.

High speed drive කරනකොට සිදු වන වැරදි

අපි වාහනයක් high speed drive කරනකොට කරන වැරදි කිහිපයක්ම තියෙනවා. දැන් බලමු ඒ වැරදි මොනවාද කියලා.

වාහනයේ කාර්මික තත්වය පරික්ෂා නොකිරීම

ගොඩක් අය වාහනයක high speed යනකොට ඒ වාහනයේ කාර්මික තත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. සමහර අය වාහනය තමන්ගේ වාහනය හොඳ කාර්මික තත්වයේ නැති වුණත් ඒ වාහනය high speed යන්න පෙළඹිලා ඉන්නවා. මේ විදිහට හොඳ කාර්මික තත්වයේ නැති වාහන වලින් high speed ගමන් කිරීම මඟින් තමන්ගේ ජීවිතයට වගේම වාහනයට සහ මාර්ගයේ ගමන් කරන අනෙක් මිනිසුන්ටත් අනතුරු සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වාහන high speed යනවා නම් අනිවාර්යෙන්ම වාහනයේ කාර්මික තත්වය පරික්ෂා කරලා හොඳ කාර්මික තත්වයේ තියෙනවා නම් විතරක් ගමන් කරන්න අමතක කරන්න එපා.

වෙහෙසට පත් වූ විට වාහනය drive කිරීම

ඔයා වෙහෙසට පත් වෙලා නම් ඉන්නේ ඒ වේලාවට වාහනය high speed යන එක නම් සිදු කරන්න එපා. අපි වෙහෙසට පත් වෙලා ඉන්නකොට high speed වාහනය drive කරන්න තරම් ශක්තියක් නැහැ. මේ විදිහට වාහනය drive කරන්න ගියොත් ඔයාගේ අතින් වාහනයේ පාලනය ගිලිහී යන්න පුළුවන්. සමහර අවස්ථා වල ඔයාට නින්ද යන්නත් ඉඩ තියෙනවා. මේ නිසා ඔයාට මහන්සියක් දැනෙනවා නම් වාහනය නවත්වලා කෝපි කෝප්පයක් වගේ දෙයක් බීලා හිමින් වාහනය drive කරන්න.

ගමන් කරන පාර ගැන හිතන්නේ නැහැ.

High speed යනකොට කරන තවත් වැරැද්දක් තමයි කැඩුණු පාරවල් වලින් යන්න එක. ඒ කියන්නේ අපිට යන්න පුලුවන්ද බැරිද කියල බලන්නේ නැහැ. තියෙන ඕනෙම විදිහේ පාරක high speed යනවා. අපිට ඉක්මනට යන්න ඕනේ කියලා ඉක්මනට ගියාට ඒ මඟින් වාහනයේ ටයර් වලට damage වෙනවා. ඒ වගේම steering සහ alignment එකටත් damage වෙන්න පුළුවන්. මේක වළක්වා ගන්න නම් ගමන් කරන පාර ගැන අවධානයෙන් ඉන්න ඕනේ.

Head light high beam වෙන්න දාන්න එපා.

රාත්‍රී කාලයේදී වාහනයේ head light high beam දාගෙන යන්න එපා. මොකද ඔයා වෙනත් වාහනයක් overtake කිරීමේදී ඒ වාහනයේ ගමන් කරන අයට ඒක අපහසුතාවක් බවට පත්වෙනවා. මොකද ඔයා head light high beam දාගෙන ගියොත් ඔයා overtake කරන වාහනයේ පසු කණ්නාඩියෙන් පෙනෙන ඔයාගේ වාහනයේ head light වල එලිය නිසා ඔහුට ඉදිරිය නොපෙනී ගියොත් ඒ වාහනය අනතුරකට පත්වෙන්න පුළුවන්. මේක high speed ගමන් කරනකොට වගේම සාමාන්‍ය වේගයෙන් ගමන් කරනකොටත් සළකා බලන්න ඕනේ කරුණක්.

Steering wheel නිවැරදිව හැසිරවීම

High speed වාහනයක් drive කරනකොට අනතුරුක් සිදු වීමට ඇති ඉඩ ගොඩක් වැඩියි. ගොඩක් අයට වාහන drive කරන්න පළපුරුද්ද තියෙනවා කියලා steering wheel එක තනි අතින් අල්ලන් drive කරනවා. මේකත් ගොඩක් බරපතල කාරණාවක්. මොකද වාහනය වේගයෙන් ගමන් කරන නිසා තනි අතින් steering wheel එක පාලනය කරන්න අපහසු වෙනවා. සමහර අවස්ථාවල steering wheel එක අතින් ගිලිහී ගිහින් ලොකු අනතුරකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්.

ඉදිරි වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබා නොගැනීම

ඔයා වාහනය high speed drive කරනකොට ඉදරියෙන් යන වාහනය එකපාරටම brake ගැහුවොත් මොකද කරන්නේ. මොනවා කරන්නද? ඒ වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබා ගෙන නැත්නම් අනිවාර්යෙන් අනතුරක් සිදු වෙනවා. මොකද වාහනය high speed යන නිසා brake ගහන්න යන තත්පර ගණනින් අනතුරක් සිදු වෙලා ඉවරයි. මේ වැරැද්දත් high speed යනකොට ගොඩක් අය කරන වැරැද්දක්. ඒ නිසා ඔයාගේ වාහනයට ඉදිරියෙන් යන වාහනය අතර අඩුම තරමේ ඔයාගේ වාහනයේ ප්‍රමාණය වගේ තුන් ගුණයක පරතරයක්වත් තියාගන්න.

කාලගුණය ගැන සැළකිලිමත් නොවීම

වාහනයක් drive කරනකොට කාලගුණය ගැනත් අවධානය දෙන්න ඕනේ. මොකද හයියෙන් වහින වේලාවක වාහනය high speed ගියොත් ලිස්සලා ගිහින් අනතුරක් ඇති වෙන්න පුළුවන්. කාලගුණය ගැන high speed යනකොට වගේම සාමාන්‍ය වේගයකින් යනකොටත් හිතන්න ඕනේ.

මාර්ග නීති පිළිබඳව නිසි දැනුමක් නොතිබීම

වාහනයක් සාමාන්‍යයෙන් drive කරන්න නම් අනිවාර්යෙන් මාර්ග නීති පිළිබඳව නිසි දැනුමක් තියෙන්න ඕනේ. මාර්ග නීති දන්නේ නැති ගොඩක් අය කරන ලොකු වැරැද්දක් තියෙනවා. තමන්ගේ ගෙදර වාහනය අරගෙන high speed යනවා. මේ විදිහට high speed යනකොට මාර්ග නීති පිළිබඳව දන්නේ නැති වුණාම අනතුරු සිදු වෙනවා. ඒ නිසා high speed යනවා නම් අනිවාර්යෙන්ම මාර්ග නීති අධ්‍යනය කරන්න. මේකත් high speed යනකොට වගේම normal speed යනකොටත් දැනගෙන ඉන්න ඕනේ දෙයක්.

දුරකථන භාවිතය

දුරකථන භාවිතා කරමින් වාහනයක් drive කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. මොකද මේකෙන් අපේ වාහනය drive කරන්න තියෙන අවධානය වෙනස් වෙනවා. වාහනයක් නිවැරදිව drive කරන්න අපේ අවධානය හරියට තියාගන්න ඕනේ. ඒ නිසා මේ වැරැද්ද high speed යනකොට වගේම normal speed යනකොටත් කරන හොඳ නැහැ.

මත්පැන් පානය කරලා drive කිරීම

මත්පැන් පානය කරලා high speed තියා normal speed වත් වාහනයක් drive කරන්න ඔයාට නීතියෙන් කිසිම අවස්ථාවක් නැහැ. මේ විදිහට ඔයා මත්පැන් පානය කරලා high speed හරි normal speed ගියත් ඔයාට නීතියෙන් දඬුවම් ලැබෙනවා. ඒ නිසා ඔයාගේ ආරක්ෂාව ගැනත් හිතල නීතියට ගරු කරලා මත්පැන් පානය කරලා වාහන drive කරන එකෙන් වැළකී ඉන්න.

ඔයා වාහනය high speed යන කෙනෙක්ද? එහෙනම් ඔයා මේ දේවල් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද මේ දේවල් ඔයාගේ අතින් දැන හෝ නොදැන සිද්ධ වෙනවා. ඉතින් high speed ගමන් කරන ඔයා මේ වැරදි ගැන අවබෝධ කරගෙන වාහනය drive කරන්න

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

  • OMODA E5 2026

    SUV

    රු 20.9M - 21.5M

  • GWM Haval Jolion 2025

    SUV

    රු 12.6M - 13.5M

  • Perodua Myvi 2025

    Hatchback

    රු 9M - 12M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!