Driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයත් driving license එකක් ගන්නද ඉන්නේ? License එක ගන්න එක හිතුමතේට කරන්න බැහැ. License එක ගන්න ඔයා test දෙකකට මුහුණ දීලා pass වෙන්න ඕනේ. License එකක් ගන්නකොට driving test එකේදී සමහරු ගොඩක්ම වරද්ද ගන්න තැන තමයි auto gear වාහනයක් drive කරන එක. ඉතින් අද Motorguide තුළින් අපි කියන්නේ driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද කියලා.

Driving test එක කියන්නේ මොකද්ද?

ඔයා license එකක් ලබා ගද්දි driving test එකට මුහුණ දීලා ඒකෙන් අනිවාර්යයෙන්ම pass වෙන්න ඕනේ. නැත්නම් ඔයාට license එක ලබා ගන්න හැකියාවක් නැහැ. මේ test එකේදී සිදු කරන්නේ ඔයාට වාහනයක් practical විදිහට drive කරන්න පුලුවන්ද කියලා බලන එකයි. ඔයා වාහනය හරියට drive කරනවා ද කියලා බලන්න පරීක්ෂකයෙකු ඔයත් සමඟ පැමිණෙනවා. මෙහිදී,

  • වාහනයක් හරියට reverse කරන්නවද?
  • වාහනයක් ඉස්සරහ කරනකොට Side mirror පරික්ෂා කරනවාද?
  • මාර්ගය අවධානයෙන් නිරීක්ෂණය කරනවද?
  • සුක්කානම නිවැරදිව හසුරනවද?

වගේ දේවල් ඔයාට පුලුවන්ද කියලා බලනවා.

Driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද?

ඔයාගේ functions වලට බාධාවෙන්නේ නැති විදිහට සුදුසු ඇඳුමකින් සැරසෙන්න ඕනේ. මොකද වාහනයක් පදිද්දි එක mistake එකක් හෝ අවහිරයක් ඇති ලොකු අනතුරක් වෙන්න හැකියාව තියෙනවා. ඔයා වාඩි වෙලා seat belt හරියට දාගෙන side mirror වලින් පසු පස පාර හරියට පේනවද කියලා බලන්න. මේ දේවල් ඔයා test එකේදී විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේදීත් සිදු කරන්න ඕනේ. ඒ වගේම වාහනයේ brake එක පාගන්න ඕනේ දකුණු කකුලින්.

ඒ වගේම වහනය start කරන්න කලින් Gear එක පරික්ෂා කරන්න ඕනේ. මොකද අපිට වාහනයක් start කරන්න නම් gear එක තියෙන්න ඕනේ parking එකේ. ඊට පස්සේ වාහනය key එකෙන් start කරන්න ඕනේ. වාහනය start කළාට පස්සේ gear එක drive ඒකට දාන්න ඕනේ. වාහනය මාර්ගයට දානකොට අදාළ signal light එක දාන්න. වාහනය මාර්ගයට දාන්න කලින් hand brake පහළට ඇදලා පාරේ වාහන අඩු නම් විතරක් වාහනය පාරට දාන්න.

මාර්ගයේ සුදු කඩ ඉර තියෙනවා නම් අනිත් වාහන ඉස්සරහා කරන්න ඔයාට පුළුවන්. නමුත් මාර්ගයේ සුදු දිගු ඉර තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඔයාට වාහන ඉස්සරහා කරන්න බැහැ. ඒ වගේම මාර්ගය අයිනේ දිගු ඉර තියෙනවා නම් වාහනය ඒ අසළ නැවැත්වීමට හැකියාවක් නැහැ.

වාහනය යම් දුරක් ගමන් කළාට පසුව පරීක්ෂකයා වාහනය පාරේ අයිනේ නවත්වන ලෙස දැනුම් දෙනවා. මේ අවස්ථාවේදී ඔයා වහනය එක පාරට නවත්වන්න හොඳ නැහැ. මුලින්ම කරන්න ඕනේ signal light දාලා මාර්ගය නිර්ක්ෂණය කරලා වාහනය නැවැත්වීමට සුදුසු ඉඩක් තියෙන තැනක් වේගය අඩු කරලා නවත්වන්න ඕනේ.

ඒ වගේම ඔයා වාහනයෙන් බහින්න කලින්,

  • සුක්කානම කෙලින් තියන්න
  • Signal light off කරන්න
  • Hand brake උඩට අදින්න
  • Gear එක parking එකේ තියන්න

අමතක කරන්න එපා. මේ දේවල් හරියට සිදු කලොත් ඔයාට driving test එකෙන් pass වෙන්න පුළුවන්.

මේ විදිහට තමයි driving test එකේදී auto gear වාහනයක් drive කරන්නේ. ඔයත් driving test එකට යනවා නම් අද අපි කිව්ව steps හරියට follow කරන්න. එහෙම වුණොත් ඔයාට ලේසියෙන්ම driving test එකෙන් pass වෙන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!