රියදුරු බලපත්‍රයට Medical Certificate එක ලබා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 3 කියවීම
feature image

රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕනේ නම් එහෙමත් නැත්නම් අලුතෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ඕනේ නම් අපි මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම. MotorGuide තුළින් අපි ඔබට කියන්න හදන්නේ රස්තයාදු වෙන්නේ නැතුව රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතිකය ලබා ගන්නේ කොහොමද කියලා.

මුලින්ම register වෙන්න

අපිට පුලුවන් https://www.echannelling.com/ කියන website එක හරහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් උදේම තම ප්‍රදේශයට අයත් රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතික දෙන ස්ථානයට ගිහින් වෛද්‍ය සහතිකය ලබා ගන්න.

කොළඹ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුලුවන් නුගේගොඩ තියෙන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න. එතනට ඇවිල්ලත් token එකක් අරගෙන වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.

Token එකක් ලබා ගැනීමට ඔබගේ ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වෛද්‍ය සහතිකය ලබා දෙන තුරු සියලුම වැඩ සිදු වෙන්නේ token පතේ ඇති අංකයට අනුවයි.

සියලු විස්තර

ඊට පස්සේ ඔබගේ බර, උස වැනි සියලුම විස්තර ලබා ගැනීම සිදු වෙනවා. මෙතනදී ඔබගේ ජායාරුපයක් ලබා ගැනීමත් සිදු වෙනවා. ඔබ කිසිම දෙයක් ගැන දැනුවත් නැතුව පැමිණියත් බය වෙන්න දෙයක් නැහැ. අදාළ ස්ථාන වල ඉන්න පුද්ගලයන්ගේ මඟ පෙන්වීම යටතේ සියලුම වැඩ සාර්ථකව සිදු කරගන්න පුලුවන්.

ලියාපදිංචි කටයුතු

දැන් තියෙන්නේ ලියාපදිංචි කටයුතු සිදු කරන්න. මේ සඳහා නම් ටික වෙලාවක් ඔබට රැඳී සිටින්න වෙනවා. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තම සේවාදායකයන්ගේ සුව පහසුව ගැන හිතලා අසුන් පවා පනවලා තියෙනවා. කාර්යාලය තුල තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඔබගේ token අංකය කියූ පසු ඔබට ලියාපදිංචි කරන ස්ථානයට යන්න පුලුවන්.

මුදල් ගෙවීම

දැන් තියෙන්නේ counter අංක 5ට ගිහින් මුදල් ගෙවීම් සිදු කරන එක. ඔබ මතක තබා ගත යුතු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ආවට පස්සේ ඔබ මුදල් ගෙවීම කරන්න ඕනේ මුදල් අය කිරීමේ කවුන්ටරයට පමණයි. වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් දීමෙන් වළකින්න.

රසායනාගාරය

මුදල් ගෙවීමෙන් පසු ඔබ යන්න ඕනේ රසායනාගාරයට. එහි අංකය වෙන්නේ අංක 6. මෙතනදී ඔබගේ රුධිර පරීක්ෂාවක් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි මට්ටම සහ රුධිර කාණ්ඩය පරික්ෂා කිරීම තමයි රසායනාගාරයේදී සිදු කෙරෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ අවශ්‍යතාවය අනුව සමහර විට x-ray පරීක්ෂාවක් වුණත් සිදු කරන්න පුලුවන් අංක 7 කවුන්ටර් එකට යොමු කිරීම මඟින්.

පළමු මහළට

ඔබගේ අනෙකුත් වෛද්‍ය කටයුතු සඳහා ඔබ පළමු මහලට යන්න ඕනේ. මෙතනදීත් මද වෙලාවක් රැදී සිටි පසු ඔබගේ token අංකය අනුව ඔබගේ අවස්තාව ලබා ගන්න පුලුවන්. ඉන්පසුව කාර්යමණ්ඩලය විසින් අදාළ ස්ථානයට ඔබව යොමු කිරීම සිදු කරනවා. මෙහිදී වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ඔබව පරික්ෂාවට ලක් කිරීම සිදු වෙනවා.

හැබැයි ඇතුළට යාමට පෙර ඔබ අත් දිග කමිසයක් නම් ඇඳගෙන ඉන්නේ එහි අත වැලමිට පෙනෙන පරිදි නවා ගන්න ඕනේ වගේම දිග කලිසමක් නම් ඇඳගෙන ඉන්නේ කලිසම දණහිස් නිරාවරණය වන ලෙස නවා ගන්නත් ඕනේ. මෙතනදී ඔබගේ ශාරීරික යෝග්‍යතාවය, ඇස් පෙනීම සහ ප්‍රෙෂර් තත්වය පරික්ෂාවට ලක් වෙනවා.

වාර්තාව ලබා ගන්න

වෛද්‍ය පරීක්ෂණ කටයුතු අවසන් වුණාට පස්සේ ඔබට පුලුවන් වෛද්‍ය වාර්තාව ලබා ගන්න. ඒ සඳහා ඔබ යන්න ඕනේ අංක 9 කවුන්ටර් එකට. මෙහිදීත් ඔබ යම් වෙලාවක් රැදී සිටින්න ඕනේ. එවිට පෙර පරිදිම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඔබගේ token අංකය කතා කරන තුරු රැඳී සිටින්න ඕනේ. ඔබගේ අංකය පැවසීමෙන් පසු ඔබට පුළුවන් ඔබගේ වෛද්‍ය වාර්තාව ලබා ගන්න.

මේ විදියට තමයි රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතිකය ලබා ගන්නේ. MotorGuide අපි කිව්වා විදියට ඔබ වැඩ කලානම් අනවශ්‍ය ප්‍රමාද වීමකින් තොරව, රස්තියාදු වීමකින් තොරව ඉක්මනින්ම වෛද්‍ය සහතිකය ලබා ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!