රියදුරු බලපත්‍රයට Medical Certificate එක ලබා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 3 කියවීම
feature image

රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕනේ නම් එහෙමත් නැත්නම් අලුතෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ඕනේ නම් අපි මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම. MotorGuide තුළින් අපි ඔබට කියන්න හදන්නේ රස්තයාදු වෙන්නේ නැතුව රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතිකය ලබා ගන්නේ කොහොමද කියලා.

මුලින්ම register වෙන්න

අපිට පුලුවන් https://www.echannelling.com/ කියන website එක හරහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් උදේම තම ප්‍රදේශයට අයත් රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතික දෙන ස්ථානයට ගිහින් වෛද්‍ය සහතිකය ලබා ගන්න.

කොළඹ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට පුලුවන් නුගේගොඩ තියෙන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න. එතනට ඇවිල්ලත් token එකක් අරගෙන වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.

Token එකක් ලබා ගැනීමට ඔබගේ ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වෛද්‍ය සහතිකය ලබා දෙන තුරු සියලුම වැඩ සිදු වෙන්නේ token පතේ ඇති අංකයට අනුවයි.

සියලු විස්තර

ඊට පස්සේ ඔබගේ බර, උස වැනි සියලුම විස්තර ලබා ගැනීම සිදු වෙනවා. මෙතනදී ඔබගේ ජායාරුපයක් ලබා ගැනීමත් සිදු වෙනවා. ඔබ කිසිම දෙයක් ගැන දැනුවත් නැතුව පැමිණියත් බය වෙන්න දෙයක් නැහැ. අදාළ ස්ථාන වල ඉන්න පුද්ගලයන්ගේ මඟ පෙන්වීම යටතේ සියලුම වැඩ සාර්ථකව සිදු කරගන්න පුලුවන්.

ලියාපදිංචි කටයුතු

දැන් තියෙන්නේ ලියාපදිංචි කටයුතු සිදු කරන්න. මේ සඳහා නම් ටික වෙලාවක් ඔබට රැඳී සිටින්න වෙනවා. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තම සේවාදායකයන්ගේ සුව පහසුව ගැන හිතලා අසුන් පවා පනවලා තියෙනවා. කාර්යාලය තුල තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඔබගේ token අංකය කියූ පසු ඔබට ලියාපදිංචි කරන ස්ථානයට යන්න පුලුවන්.

මුදල් ගෙවීම

දැන් තියෙන්නේ counter අංක 5ට ගිහින් මුදල් ගෙවීම් සිදු කරන එක. ඔබ මතක තබා ගත යුතු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ආවට පස්සේ ඔබ මුදල් ගෙවීම කරන්න ඕනේ මුදල් අය කිරීමේ කවුන්ටරයට පමණයි. වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් දීමෙන් වළකින්න.

රසායනාගාරය

මුදල් ගෙවීමෙන් පසු ඔබ යන්න ඕනේ රසායනාගාරයට. එහි අංකය වෙන්නේ අංක 6. මෙතනදී ඔබගේ රුධිර පරීක්ෂාවක් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි මට්ටම සහ රුධිර කාණ්ඩය පරික්ෂා කිරීම තමයි රසායනාගාරයේදී සිදු කෙරෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ අවශ්‍යතාවය අනුව සමහර විට x-ray පරීක්ෂාවක් වුණත් සිදු කරන්න පුලුවන් අංක 7 කවුන්ටර් එකට යොමු කිරීම මඟින්.

පළමු මහළට

ඔබගේ අනෙකුත් වෛද්‍ය කටයුතු සඳහා ඔබ පළමු මහලට යන්න ඕනේ. මෙතනදීත් මද වෙලාවක් රැදී සිටි පසු ඔබගේ token අංකය අනුව ඔබගේ අවස්තාව ලබා ගන්න පුලුවන්. ඉන්පසුව කාර්යමණ්ඩලය විසින් අදාළ ස්ථානයට ඔබව යොමු කිරීම සිදු කරනවා. මෙහිදී වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ඔබව පරික්ෂාවට ලක් කිරීම සිදු වෙනවා.

හැබැයි ඇතුළට යාමට පෙර ඔබ අත් දිග කමිසයක් නම් ඇඳගෙන ඉන්නේ එහි අත වැලමිට පෙනෙන පරිදි නවා ගන්න ඕනේ වගේම දිග කලිසමක් නම් ඇඳගෙන ඉන්නේ කලිසම දණහිස් නිරාවරණය වන ලෙස නවා ගන්නත් ඕනේ. මෙතනදී ඔබගේ ශාරීරික යෝග්‍යතාවය, ඇස් පෙනීම සහ ප්‍රෙෂර් තත්වය පරික්ෂාවට ලක් වෙනවා.

වාර්තාව ලබා ගන්න

වෛද්‍ය පරීක්ෂණ කටයුතු අවසන් වුණාට පස්සේ ඔබට පුලුවන් වෛද්‍ය වාර්තාව ලබා ගන්න. ඒ සඳහා ඔබ යන්න ඕනේ අංක 9 කවුන්ටර් එකට. මෙහිදීත් ඔබ යම් වෙලාවක් රැදී සිටින්න ඕනේ. එවිට පෙර පරිදිම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඔබගේ token අංකය කතා කරන තුරු රැඳී සිටින්න ඕනේ. ඔබගේ අංකය පැවසීමෙන් පසු ඔබට පුළුවන් ඔබගේ වෛද්‍ය වාර්තාව ලබා ගන්න.

මේ විදියට තමයි රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතිකය ලබා ගන්නේ. MotorGuide අපි කිව්වා විදියට ඔබ වැඩ කලානම් අනවශ්‍ය ප්‍රමාද වීමකින් තොරව, රස්තියාදු වීමකින් තොරව ඉක්මනින්ම වෛද්‍ය සහතිකය ලබා ගන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!