වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් සති කිහිපයක් හෝ මාස කිහිපයක් එක දිගට පාවිච්චි නොකර එක තැන නතර කරලා (Park කරලා) තියනවා නම්, ඒක නිකන්ම ගරාජ් එකකට දාලා අමතක කරලා දාන්න එපා. මොකද වාහනයක් පාරේ දුවනවාට වඩා ඉක්මනින් දිරාපත් වෙන්නත්, දෝෂ සහිත වෙන්නත් බලපාන්නේ මේ විදියට එක තැන නතර කරලා තියන එකයි. විශේෂයෙන්ම බැටරියයි, ටයර් හතරයි කියන්නේ මේ වගේ වෙලාවකදී වැඩිපුරම හානි වෙන්න පුළුවන් කොටස් දෙක. ඒ නිසා මේ දේවල් ආරක්ෂා කරගන්න ඕන කරන තාක්ෂණික උපදෙස් ටික Motor Guide අපි පැහැදිලිව කියලා දෙන්නම්.

බැටරිය ආරක්ෂා කරගන්නා ආකාරය

මුලින්ම බැටරිය ගැන බැලුවොත්, වාහනයක් පාවිච්චි කරන්නේ නැති වුණත් බැටරියේ තියන විදුලිය හෙමින් හෙමින් බැස යනවා. මේකට අපි කියන්නේ "Self-discharge" වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, අලුත් වාහනවල තියන Security systems, Clock සහ ECU වගේ දේවල්වලට ඉතා සුළු විදුලි ධාරාවක් හැමතිස්සෙම වැය වෙනවා.

කරන්න ඕනෙ දේ:

  • ටර්මිනල් ගැලවීම (Battery Disconnection): ඔබ වාහනය මාසයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්නේ නැත්නම්, හොඳම දේ තමයි බැටරියේ සෘණ අග්‍රය (Negative Terminal) ගලවලා තැබීම. එතකොට විදුලිය අනවශ්‍ය ලෙස වැය වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න, අලුත් හයිබ්‍රිඩ් හෝ සුපිරි මට්ටමේ වාහනවල මෙහෙම ගලවලා තිබ්බොත් සමහර වෙලාවට Memory settings වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න.
  • ට්‍රිකල් චාජර් (Trickle Charger) භාවිතය: බැටරිය ගලවන්නේ නැතුව ඒක නියමිත මට්ටමේ තියාගන්න තියන හොඳම ක්‍රමය තමයි "Trickle Charger" එකක් පාවිච්චි කරන එක. මේකෙන් කරන්නේ ඉතා අඩු වෝල්ටීයතාවයකින් බැටරිය නිරන්තරයෙන් චාජ් කරන එක. එතකොට බැටරිය "Deep Discharge" වෙලා cell විනාශ වෙන්නේ නැහැ.
  • බැටරි ටර්මිනල් පිරිසිදුව තැබීම: Park කරලා තියන කාලය ඇතුළත ටර්මිනල් වටේ සුදු පාට කුඩු වගේ බැඳෙන්න පුළුවන් (Corrosion). මේක වළක්වන්න ටර්මිනල් පිරිසිදු කරලා ඒ මත Petroleum Jelly (Vaseline) ස්වල්පයක් ගාන්න. ග්‍රීස් ගානවාට වඩා මේක ගොඩක් සාර්ථකයි.

ටයර් ආරක්ෂා කරගන්නා ආකාරය

Vehicle tire showing signs of flat spotting

ඊළඟ වැදගත්ම දේ තමයි ටයර්. වාහනයක් මාස ගණනක් එකම විදියට නතර කරලා තිබ්බොත්, වාහනයේ බර නිසා ටයර් එක පොළොවට ගෑවෙන හරිය පැතලි වෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ "Flat Spotting" කියලා. පස්සේ කාලෙක වාහනය පදවනකොට මෝටර් බයිසිකලයක් වගේ ගැස්සෙන්න ගන්න ප්‍රධාන හේතුව මේකයි.

  • හුළං පීඩනය වැඩි කිරීම (Over-inflation): වාහනය නතර කරලා තියන්න කලින් ටයර්වලට සාමාන්‍යයෙන් ගහන හුළං ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් (උදාහරණයකට 35-40 PSI වගේ) හුළං ගහන්න. එතකොට ටයර් එක පැතලි වෙන්න තියන ඉඩකඩ අඩු වෙනවා. හැබැයි ආපහු වාහනය පාරට දාන්න කලින් අනිවාර්යයෙන්ම හුළං මට්ටම නියමිත ප්‍රමාණයට අඩු කරන්න ඕනේ.
  • වාහනය පොඩ්ඩක් ඉස්සරහට පස්සට කිරීම: සතියකට සැරයක්වත් පුළුවන් නම් වාහනය අඩි කිහිපයක් ඉස්සරහට හෝ පස්සට කරන්න. එතකොට වාහනයේ බර ටයර් එකේ එකම තැනකට වැටෙන්නේ නැතුව වෙනස් වෙනවා. මේක ඉතාම සරල ඒත් ගොඩක් සාර්ථක ක්‍රමයක්.
  • ජැක් ස්ටෑන්ඩ් (Jack Stands) භාවිතය: ඔබ අවුරුද්දක් වගේ කාලයක් වාහනය පාවිච්චි කරන්නේම නැත්නම්, හොඳම දේ තමයි "Jack Stands" පාවිච්චි කරලා වාහනය පොළොවෙන් උස්සලා තියන එක. එතකොට ටයර්වලට කිසිම බරක් දැනෙන්නේ නැහැ.
  • පොළොවේ ස්වභාවය: සිමෙන්ති පොළොවක් හෝ තාර පොළොවක් මත වාහනය නවත්වනවා නම් ඒක යටට කාපට් කෑලි හෝ ලෑලි කෑලි තැබීමෙන් පොළොවේ තියන සීතල හෝ තෙතමනය ටයර් එකට උරාගැනීම වළක්වන්න පුළුවන්.

අනෙකුත් අත්‍යවශ්‍ය කරුණු

වාහනයක් දිගු කාලයක් නතර කරලා තැබීමේදී බැටරියයි ටයර්වලට අමතරව තවත් බලපාන දේවල් කිහිපයක් තියනවා. ඒ ගැනත් අවධානය යොමු කිරීම වටිනවා.

  • හෑන්ඩ් බ්‍රේක් (Handbrake): කිසිම වෙලාවක දිගු කාලයක් පාර්ක් කරලා තියනකොට හෑන්ඩ් බ්‍රේක් එක තද කරලා තියන්න එපා. එහෙම වුණොත් Brake Pads හෝ Shoes, ඩ්‍රම් එකට හෝ ඩිස්ක් එකට ඇලිලා "Seize" වෙන්න පුළුවන්. ඒ වෙනුවට රෝදවලට මුක්කු (Chocks) තියලා වාහනය නතර කරන්න.
  • ඉන්ධන ටැංකිය (Fuel Tank): ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවලා (Full Tank) තියන්න. එතකොට ටැංකිය ඇතුළත වාතය තියන ප්‍රමාණය අඩු නිසා තෙතමනය රැඳිලා මලකඩ කෑමේ සම්භාවිතාව අඩු වෙනවා. ඒ වගේම Fuel Stabilizer එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් තෙල් සවුත්තු නොවී තියාගන්න පුළුවන්.
  • පිරිසිදුකම: වාහනය නතර කරන්න කලින් හොඳට සෝදලා වැක්ස් (Wax) කරන්න. එතකොට වාහනයේ paint ආරක්ෂා වෙනවා. ඒ වගේම ඇතුළත කෑම ජාති මොකුත් තියන්න එපා, මොකද ඒවට මීයන් හෝ කැරපොත්තන් ඇවිත් වයර් පද්ධතිවලට හානි කරන්න පුළුවන්.

වාහනයක් කියන්නේ යන්ත්‍රයක්. යන්ත්‍රයක් හැමදාම හොඳ මට්ටමක තියෙන්න නම් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම සතියකට සැරයක්වත් වාහනය පණ ගන්වලා (Start කරලා) විනාඩි 10-15 ක් රේස් නොකර තියන්න. එතකොට එන්ජින් ඔයිල් හැම තැනකටම ගිහින් එන්ජිමේ ඇතුළත කොටස් ආරක්ෂා වෙනවා.

මේ උපදෙස් ටික හරියටම පිළිපැද්දොත්, ඔබ මාස ගණනකට පස්සේ ආපහු වාහනය පාවිච්චියට ගන්නකොට කිසිම කරදරයක් නැතුව වැඩේ කරගන්න පුළුවන් වේවි. බැටරිය බැහැලා හෝ ටයර් සවුත්තු වෙලා කියලා රස්තියාදු වෙන්න වෙන්නේ නැහැ.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!