අවුරුද්දට දුර ගමන් යන්න වාහනය සූදානම් කර ගමු

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔන්න ඉතින් අවුරුදු මාසෙත් ආවා. අවුරුදු ඉවර වුණාට තාම ඉතින් අපි trip ගිහින් නම් ඉවර නැහැ. මොකද අපි හැමෝම බලන්නේ නිවාඩුවක් ලැබුණ ගමන් කොහේ හරි දුරකට trip එකක් ගිහින් හිත නිදහස් කරගන්නනෙ. හැබැයි trip එක යන අතර මගදී වාහනය කැඩුණොත් එහෙම ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවනේ. ඉතින් එහෙම නොවෙන්න නම් වාහනය ගෙදරින් එළියට දාන්න කලින් ඔයාල කරන්නම ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඉතින් ඒ හිත නිදහස් කරගන්න යන ගමන් හිතේ නිදහසෙන් යන්නේ කොහොමද කියලා තමයි MotorGuide අපි අද ඔයාලට කියන්න හදන්නේ.

වාහනය පිරිසිදු කරන්න

මොන දේටත් කලින් අපි බලන්න ඕනේ පිරිසිදුකම. මොකද අපිරිසිදු වාහනයක trip එකක් යන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ වාහනයේ පිටත වගේම ඇතුළත් හොඳට පිරිසිදු කරන එක. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි trip එක යන අතර මගදී එකතු වෙන කුණු ඉවත් කරන්න පොඩි පෙට්ටියක් හරි, dustbin bags කිහිපයක් වාහනයට දාගන්න එක. මොකද පාරේ අයිනේ කුණු විසිකරන එක නම් හොඳ වැඩක් නෙවෙයි.

හරිම විදිහට pack කරන්න

දුර trip එකක් යනවා කියන්නේ අද ගිහින් හෙට එන්න බලාගෙන යන ගමනක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා අපිට බඩු වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ බඩු වලින් කොටසක් අපිට වාහනයේ ඇතුළේ වගේම boot space එකෙත් ගබඩා කරන්න පුළුවන්. හැබැයි ඒත් ඉඩ මදි නම් ඉතුරු බඩු ටික hood rack එකේ අසුරන්න වෙනවා.

හැබැයි වාහනේ hood rack එකේ ගමන් මලු දාගෙන යනවනන් ප්ලාස්ටික් රෙද්දකින් මලු ටික වහන්න. ඒවගේම hood rack එකක් නැත්නම් වාහනේ හුඩ් එක උඩින් ටෙන්ට් රෙද්දක් හරි ප්ලස්ටික් රෙද්දක් තියල මලු ටිකත් ඒකෙන්ම වහන්න. මොකද එහෙම කළේ නැත්නම් hood එකේ පේන්ට් එක නැත්නම් ඩැමේජ් වෙන්න පුලුවන්.

Engine එක check කරන්න

ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දෙයක් තමයි engine එක කියන්නේ. මොකද වාහනයේ හදවත තමයි engine එක. ඉතින් ඔයාලගේ trip එක සතුටින් ගිහින් එන්න නම් engine එක හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා යන්න කලින් engine එකේ ලෙඩ තියෙනවාද කියලා full checkup එකක් දෙන්න අමතක කරන්න එපා.

ටයර් ගැන බලන්න

ඊට අමතරව ටයර් වල Air Pressure එක ,ටයර් වල තත්වය, අනුමත ප්‍රමාණයට තියනවද කියල check කරන්න. මොකද ඔයාගේ මුළු ජීවිතයම රැඳිලා තියෙන්නේ මේ ටයර් දෙක උඩ. ඉතින් ඒ නිසා ටයර් ගැනත් හොඳ සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම හොඳ තත්වයේ තියෙන අමතර ටයර් එකක් ගන්නත් අමතක කරන්න එපා.

Battery එක check කරන්න

Trip එකක් යන්න පටන් ගත්තම අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා හරියටම කියන්න බැහැ. ඉතින් ඒ නිසා අපි අවධානය යොමු කරන්න ඕනේ විශේෂ දෙයක් තමයි මේ ඕනෙම තත්වයකට මුහුණ දෙන්න අපේ වාහනයේ battery එක සූදානම්ද කියන දේ. ඉතින් ඒ නිසා බැටරියේ වතුර චෙක් කරන්න. සාමාන්‍යයෙන් බැටරිය කියන්නේ නිතර නඩත්තුවක් සිද්ධ වෙන්නේ නැති දෙයක් ඒකයි අපිට බැටරිය චෙක් කරන්න අමතක වෙන්නේ. කෝකටත් කියලා හදිසි අවස්ථාවක වාහනය ස්ටාර්ට් කරගන්න පුලුවන් විදියට Jumper cable එකකුත් අරගෙන යන්න.

Electronic Items check කරන්න

සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඇති වෙනකන්ම අපිට වයිපර්, ලයිට්, හෝන් එක වගේ දේවල් මතක් වෙන්නේ නැහැ. හැබැයි අපි හිතන්නෙවත් නැති විදියේ ලොකු ප්‍රශ්න ඇති කරන්න මේ පොඩි පොඩි දේවල් වලට පුලුවන්. ඒක නිසා වයිපර්, ලයිට්, හෝන් එක වගේ පොඩි පොඩි දේවල් check කරන්නත් අමතක කරන්න එපා.

Emergency kit එක

වාහනයකට අත්‍යාවශ්‍යම දෙයක් තමයි Emergency kit එකක් කියන්නේ. මේ kit එක වාහනයට අත්‍යවශ්‍යම වුණත් ගොඩක් අය දන්නේ නැහැ මේකේ ඇතුළේ තියෙන්නම ඕනේ දේවල් මොනවද කියලා.

යුනිවර්සල් ඉස්කුරුප්පු නියනක්, ෆ්ලෑෂ් ලයිට් එකක්/ ටෝර්ච් එකක් සහ අමතර බැටරි අනිවාර්යයෙන්ම මේ Emergency kit එකේ තියෙන්න ඕනේ . ඊට අමතරව ටයර් එකක් මාරු කරගන්න උවමනා ආම්පන්න තියෙන එකත් අනිවාර්යයි. ඒ වගේම ටෝවින් කේබල්ස් හදිසි අවස්ථාවකට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

Test Ride එකක්

ඔයා trip එක යන්න plan කරලා තියෙන්නේ නිතරම ගමන් බිමන් යන වාහනේ නම් මේ test ride එක එච්චර වැදගත් නැහැ. හැබැයි ඔයා නිතරම භාවිතා කරන්නේ නැති වාහනයක trip එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවර්යයෙන්ම දවසකටවත් කලින් සැලකිය යුතු දුරක test ride එකක් යන්න අමතක කරන්න එපා. මොකද එමඟින් ඔයාට පුළුවන් වාහනයේ මොනවා හරි ගැටළු තියෙනවා නම් ඒ දේවල් ලේසියෙන්ම නිරාකරණය කරගන්න.

ඉතින් මේ දේවල් තමයි මේ අවුරුදු කාලයේ පවුලේ හිත මිතුරන්, යහළුවන් එක්ක සතුටු වෙන්න trip එකක් යන්න කලින් ඔයා වාහනයේ බලන්නම ඕනේ දේවල්. Trip එක හදිසියේ set වුණත් වාහනය ගෙදරින් එළියට ගන්න කලින් MotorGuide අපි කිව්ව දේවල් check කරලා බලන්න නම් අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!