Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක එන්ජින් එකේ සෞඛ්‍යයට සෘජුවම බලපාන මාතෘකාවක් ගැන. ගොඩක් වෙලාවට අපේ රටේ වාහන පාවිච්චි කරන අය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඉන්ධන වල ප්‍රමිතිය බාල වීම. එන්ජින් එකක් හරියට වැඩ කරන්න නම් ඒකට ලැබෙන පෙට්‍රල් හෝ ඩීසල් වල ගුණාත්මකභාවය උපරිම මට්ටමක තියෙන්න ඕනේ. ඉන්ධන වල කොලිටි එක අඩු වුණාම එන්ජින් එකේ ඇතුළේ සිද්ධ වෙන දහන ක්‍රියාවලිය (Combustion Process) අක්‍රමවත් වෙනවා. මේකෙදි මුලින්ම දකින්න ලැබෙන ලක්ෂණය තමයි අපි මේ කතා කරන 'Engine Knocking' එහෙමත් නැත්නම් 'පින් කිරීම' සහ 'Hesitation' කියන තත්ත්වයන්.

මොකක්ද මේ Engine Knocking කියන්නේ?

ඉස්සෙල්ලම බලමු මේ එන්ජින් එකෙන් එන ටික් ටික් ගාන සද්දය එහෙමත් නැත්නම් නොකින් (Knocking) කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් එන්ජින් එකක සිලින්ඩරය ඇතුළේ පිස්ටන් එක උඩටම ආවට පස්සේ තමයි ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් එකක් පිට කරලා ඉන්ධන මිශ්‍රණය පත්තු කරන්න ඕනේ. හැබැයි ඉන්ධන වල ප්‍රමිතිය අඩු වුණාම, ඒ කියන්නේ ඔක්ටේන් අගය (Octane Rating) අඩු වුණාම, ස්පාර්ක් ප්ලග් එකෙන් ස්පාර්ක් එකක් දෙන්න කලින් ඉන්ධන මිශ්‍රණය රත් වෙලා ඉබේම පත්තු වෙනවා. මේක හරියට එකම වෙලාවේ පිපිරීම් දෙකක් සිද්ධ වෙනවා වගේ වැඩක්.

එතකොට පිස්ටන් එක උඩට එන ගමනට විරුද්ධව ලොකු පීඩනයක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවට තමයි එන්ජින් එක ඇතුළෙන් ලෝහ එකිනෙක ගැටෙනවා වගේ අමුතු සද්දයක් එන්නේ. මේක වාහනය අදින වෙලාවට, ඒ කියන්නේ ලෝඩ් එකක් දෙන වෙලාවට වැඩියෙන් ඇහෙනවා. මේක දිගටම වුණොත් පිස්ටන් එක හීරිලා, එන්ජින් එකේ වෑල්ව් වලට හානි වෙලා ලොකු වියදමක් යන රෙපෙයාර් එකකට පාර කැපෙන්න පුළුවන්.

එන්ජින් එකේ ගැස්සීම සහ බලය අඩු වීම (Hesitation)

ඊළඟට බලමු මේ 'Hesitation' කියන එක. මේකෙදි වෙන්නේ ඔබ ඇක්සලරේටරය පෑගුවාම වාහනය එකපාරටම වේගවත් වෙන්නේ නැතුව පොඩ්ඩක් හිර වෙලා, එහෙමත් නැත්නම් 'හති දාලා' වගේ ඉස්සරහට යන එක. මේකට ප්‍රධාන හේතුව තමයි බාල ඉන්ධන වල තියෙන අපද්‍රව්‍ය නිසා ඉන්ධන පද්ධතියේ ෆිල්ටර් (Fuel Filters) සහ ඉන්ජෙක්ටර් (Injectors) හිර වීම.

ඉන්ජෙක්ටර් එකකින් ඉන්ධන පිට වෙන්න ඕනේ ඉතාම සියුම් පින්නක් (Mist) වගේ. හැබැයි ඉන්ධන වල කුණු හෝ රොඩු තිබුණොත් ඒ පින්න නිවැරදිව ලැබෙන්නේ නැහැ. එතකොට එන්ජින් එකට අවශ්‍ය වෙලාවට නියමිත ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නැති නිසා වාහනය අදින්නේ නැති ගතියක් දැනෙනවා. විශේෂයෙන්ම වාහනය නවත්තලා ආයෙත් ගන්න හදද්දී එන්ජින් එක නතර වෙන්න (Stall) බලනවා නම්, ඒක අනිවාර්යයෙන්ම ඉන්ධන පද්ධතියේ දෝෂයක්.

බාල ඉන්ධන හඳුනාගන්නේ කොහොමද?

ඔබ වාහනයට තෙල් ගැහුවට පස්සේ පහත කියන වෙනස්කම් වෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

  • Idling වලදී ගැස්සීම: වාහනය නිකන් පණ ගන්වලා තියෙද්දී (Idle) එන්ජින් එකේ රිදම් එක වෙනස් වෙනවා නම්, එහෙමත් නැත්නම් එන්ජින් එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා වෙව්ලනවා නම් ඒක ඉන්ධන වල ප්‍රශ්නයක්.
  • Fuel Efficiency අඩු වීම: කලින් ගිය කිලෝමීටර් ගාණට වඩා දැන් එකපාරටම තෙල් කරන ප්‍රමාණය අඩු වෙලා නම්, ඒ කියන්නේ එන්ජින් එකට වැඩිපුර මහන්සි වෙන්න වෙලා තියෙනවා අර බාල ඉන්ධන දහනය කරන්න.
  • Check Engine Light එක දැල්වීම: නවීන වාහන වල තියෙන සෙන්සර් (Knock Sensor, Oxygen Sensor) මගින් ඉන්ධන වල දෝෂ හඳුනාගෙන ඩෑෂ් බෝඩ් එකේ ලයිට් එකක් පත්තු කරන්න පුළුවන්.
  • දුම පිටවීම: පිටුපසින් කළු දුම හෝ අමුතු ගඳක් සහිත දුමක් එනවා නම් ඒ කියන්නේ ඉන්ධන නිවැරදිව දහනය වෙන්නේ නැහැ කියන එකයි.

මෙවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබට සැකයක් තියෙනවා නම් වාහනයට ගැහුවේ බාල ඉන්ධන කියලා, ඒක සැහැල්ලුවට ගන්න එපා. මුලින්ම කරන්න ඕනේ ඒ ඉන්ධන ටික පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරලා, විශ්වාසවන්ත වෙනත් පිරවුම්හලකින් හොඳ ඉන්ධන වර්ගයක් (උදාහරණයක් විදිහට 95 Octane හෝ Super Diesel) ගහන එක.

හැබැයි තත්ත්වය දරුණු නම්, ඒ කියන්නේ වාහනය ගොඩක් ගස්සනව නම් හෝ නොකින් සද්දය වැඩියි නම්, බලෙන් වාහනය දුවන්න යන්න එපා. ඒ වෙලාවට ෆුවල් ටෑන්ක් එක (Fuel Tank) සම්පූර්ණයෙන්ම හිස් කරලා (Drain), ෆුවල් ෆිල්ටර් එක අලුතින් දාන එක තමයි නුවණට හුරු. ඒ වගේම ඉන්ජෙක්ටර් ක්ලීනර් (Injector Cleaner) එකක් වගේ ඇඩිටිව් (Additive) එකක් පාවිච්චි කරන එකෙන් පද්ධතියේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරගන්න පුළුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, හැමතිස්සෙම එකම විශ්වාසවන්ත පිරවුම්හලකින් ඉන්ධන ලබාගන්න උත්සාහ කරන්න. ලාභය බලලා හෝ හදිසියට කොහෙන් හරි තෙල් ගැහුවොත්, ඒකෙන් වෙන්නේ එන්ජින් එකේ ආයු කාලය කෙටි වෙන එක විතරයි. ඔබේ වාහනයට ආදරේ නම්, ඒකට දෙන්න ඕනේ හොඳම දේ විතරයි. එන්ජින් එකෙන් දෙන පොඩි හෝ ඉඟියක් ගැන අවධානයෙන් ඉන්න එකෙන් ඔබට ඉදිරියට එන්න තියෙන ලොකු රෙපෙයාර් වියදම් ඉතිරි කරගන්න පුළුවන් වේවි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!