වාහනයේ දුර ගමනක් යන්න කලින් බලන්නම ඕනේ දේවල්

time
මිනිත්තු 4 කියවීම
feature image

ළඟදි දුර ඉන්න නෑයො බලන්න එහෙම ගියේ නැද්ද? නැත්නම් ටිකක් ගිහින් බලලා එන්න. Holiday එකට දුර ගමනක් යන්න හිතාගෙනද ඉන්නෙ? ඒකට කමක් නෑ. හැබැයි මොන දුර ගමන් ගියත් පරිස්සමෙන් යන්න. ඒකට, ගමනට කළිං ගමනට ඕන කරන දේවල් බලනවා වගේම වාහනේට ඕන කරන දේවලුත් බලන්න. MotorGuide තුළින් අද අපි කියන්නම් දුර ගමනක් යන්න කළිං වාහනයේ බලන්නම ඕනෙ දේවල් මොනවද කියලා.

Tyre pressure

වාහනයේ brake, ග්‍රහණය සහ නිසිලෙස ධාවනය කළ හැකිද යන්න sure කර ගන්න, නිවැරදි ටයර් පීඩනය අත්‍යාවශ්‍ය වෙනවා. එක් ටයරයක් පමණට වඩා හෝ පමණට අඩුවෙන් පිම්බෙනවා නම්, ඒක වාහනය drive කිරීමට විශාල බලපෑමක් ඇති කරනවා. බොහෝ modern vehicle වල tyre pressure monitoring system එකක් තිබෙනවා. නැත්නම්, tyre pressure gauge එකක් භාවිතා කරන්න. මෙය බහුලව තිබෙන අතර අඩු ගාණකට ඔබට මිලදී ගන්න පුළුවන්.

Windscreen wipers සහ screenwash

අපිරිසිදු windscreen සමඟ drive කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්. මොකද ඒක ඔබේ පෙනීමට බාධාවක් වෙන නිසා. ඉතින් යන ගමන පුරාවටම වාහනයේ windscreen පිරිසිදුව තබාගන්න. ඒ වගේම windscreen wiper පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා. ගමන යනකොට හදිසියේ වැස්සක්වත් කඩං වැටුණොත්. ඒ නිසා අවශ්‍ය නම් ඒවා replace කරන්න.

Light check කරන්න

දුර ගමනක් යන්න කළිං වාහනයේ headlight, indicators සහ brake light check කරන්න. මොකද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන light මඟින්, ඔබට පැහැදිලිව දැකීමට පමණක් නොව පාරේ යන අනෙක් අයටද ඔබව දැකීමට හැකි වනවා.

AC වැඩද?

කතාවකුත් තියෙන්නෙ, අශ්වයා ගියාට පස්සෙ අස්ථාලෙ වහලා වැඩක් නෑ කියලා. ඒ නිසා දුර ගමනක් යනවා නම්, ඊට කළිං තමයි වාහනේ AC වැඩ කරනවද, කළිං තිබුණ විදියටම cool එක තියෙනවද කියලා check කරන්න ඕනෙ. කළිංට වඩා අඩුවෙන් නම් cool වෙන්නෙ, AC එක regas කරන්න.

Oil level

වාහනයේ engine එක සුමටව ක්‍රියාත්මක වෙන්න, oil අතිශයින්ම වැදගත් වෙනවා. වාහනයේ oil අඩු වීම, මිල අධික හානියක් කරන්න පුළුවන්. ඒ නිසා අතරමං නොවී, යන දුර ගමන පරිස්සමෙන් යන්න නම්, වාහනයේ oil level එක බලන්න.

Engine coolant

සිසිලන පද්ධතියේ උෂ්ණත්වය නියාමනය කිරීමෙන් coolant එක, වාහනයේ එන්ජිම නිරෝගීව තබනවා. නව වාහන වල සංවෘත සිසිලන පද්ධතියක් තිබෙන අතර එයින් අදහස් කරන්නෙ, ඒවා ඉහළට ගෙන ඒම අවශ්‍ය නොවන බවයි. පැරණි වාහනවල නම් සිසිලනකාරක මට්ටම ඔබම පරීක්ෂා කර අවශ්‍ය නම් එය පුරවන්න. Engine bay එකේ fluid level එක ඔබට දැකගන්න පුළුවන්. එය අවම මට්ටමේ සළකුණට ආසන්න හෝ පහළින් නම් එය refill කරන්න.

Brake fluid

වාහනයේ braking system එකේ fluid level එක check කරන්න. මොකද මේ fluid එක, brake වැඩ කරනවද කියලා දැනගන්න අත්‍යාවශ්‍ය වෙනවා. වාහනයේ manual එක මඟින් engine bay එකේ බැලිය යුතු ස්ථානය ඔබට දැනගන්න පුළුවන්. Brake fluid level එක අවම මට්ටමේ සලකුණට වඩා අඩු නම්, පියන ගලවා recommend කරපු fluid වර්ගය එකතු කරන්න. මිනුම නිවැරදි වන විදියට level එක check කරනකොට වාහනය පැතලි මතුපිටක නවතා තැබීමට වග බලාගන්න. ඒ වගේම fluid එක පිරිසිදුද කියලා බලන්න. එය අඳුරු නම්, අපිරිසිදු වී ඇති අතර එමඟින් braking performance එකට බලපෑමක් ඇති කරනවා. එවැනි අවස්ථාවක fluid එක වෙනස් කිරීමට mechanic කෙනෙක්ව හමුවෙන්න.

Fuel level

ඔබ යන්නෙ දුර ගමනක්නෙ. ඒ නිසා පාරට බහින්න කළිං Fuel level එක check කරලා time එක ඉතිරි කරගන්න. ඒක ගමනෙදි ඔබේ stress එක අඩු කරනවා. මොකද යන්න ඕනෙ ගමනට, fuel station එකක් හොයනවා වගේ අනවශ්‍ය ගමන් එකතු කරගන්න ඕන්නෑනෙ.

ඒ වගේම ඔබට තියෙන්නෙ, Plug-in hybrid හෝ Electric වාහනයක් නම්, ගමනට කළිං ඒක charge කරන්න අමතක කරන්න එපා.

Emergency supplies

කරදර එන්නෙ, කිය කියා නෙවෙයිනෙ. ඒ නිසා හදිසියක් වුණොත් අවශ්‍ය වෙයි කියලා හිතෙන දේවල් ටික pack කරලා වාහනයේ දාලා තියාගන්න. මේකට break down එකකදි ඕනෙ කරන දේවල්, අමතර ඇඳුම්, snacks වගේ දේවල් එකතු කරන්න පුළුවන්.

Battery

පෙට්‍රල් හෝ ඩීසල් වාහනයක බැටරිය කාලයත් සමඟ පිරිහී යන අතර එය replace කරන්න සිදුවෙනවා. සාමාන්‍යයෙන් මේක සෑම වසර කිහිපයකට වරක් සිදුවෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වන ආකාරය ගැන අවධානයෙන් ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. වාහනය start වීමට ප්‍රමාද වීම හෝ key fob එක භාවිතයෙන් unlock කිරීමට ප්‍රමාද වීම battery issues වල පැහැදිලි ලක්ෂණ වෙනවා. මෙහිදී ඔබට garage එකකින් බැටරිය check කරගන්න පුළුවන්.

හෙට අනිද්දාට කොහේ හරි දුර ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම්, අනිවාර්යයෙන් අද අපි කියපු දේවල් ගැන ඊට කළිං බලන්න. එතකොට ඔබට පුළුවන්, ආරක්ෂිතව drive කරන්න, breakdown එකක් නැතුවම ඔබේ දිගු ගමන පහසු කරගෙන enjoy කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!