EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

time
මිනිත්තු 5 කියවීම
feature image

EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

EV ඒ කියන්නෙ Electric වාහනයක් පාවිච්චි කරන ඔයාල දැනගෙනම ඉන්න ඕනෙ දෙයක් තමයි මේ බැටරියේ SOH නැතිනම් State of Health කියන එක. සරලව කිවුවොත්, SOH මඟින් පෙන්නුම් කරන්නේ බැටරිය අලුත් කාලේ තිබුණ ධාරිතාවට සාපේක්ෂව, දැනට ඉතිරිව තිබෙන ධාරිතාව කොපමණද යන්නයි.

SOH අගය සාමාන්‍යයෙන් සියයට වලින් දක්වනු ලබනවා. ඒ කියන්නෙ Percentage එකක් විදියට. අලුත් EV බැටරියක SOH අගය 100% ලෙස සැලකේ.

අලුතෙන් ෆෝන් එකක් ගත්තම දවස් දෙක තුනක් චාර්ජ් නැතුව තිබුණා වගේ මතකද? ඒත් අවුරුදු දෙක තුනකින් පස්සේ දවසට තුන් පාරක් චාර්ජ් කරන්න සිද්ධ වෙනවා. මේකට හේතුව බැටරියේ SOH අගය අඩුවී යාමයි. EV වාහනයක බැටරියකටත් වෙන්නේ මේ දේම තමයි.

EV SOH Display

SOH එක අඩුවෙන්නේ ඇයි?

SOH අඩුවීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා:

  • කැලැන්ඩර් ඒජින් (Calendar Aging):

    මෙය බැටරිය හදපු දවසේ ඉඳන් කාලය ගතවීම මත සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක්. ඔබ වාහනය පාවිච්චි කළත් නැතත්, බැටරිය වයස ටිකෙන් ටික වැඩි වෙනවා. උණුසුම මේ ක්‍රියාවලිය වේගවත් කරන ප්‍රධාන සාධකයයි. බැටරිය අධික උණුසුමට නිරාවරණය වුණොත්, SOH එක ඉක්මනින් අඩුවෙනවා.

  • සයිකල් ඒජින් (Cycle Aging):

    මෙය බැටරිය චාර්ජ් කිරීමේ හා ඩිස්චාර්ජ් කිරීමේ චක්‍ර මත සිදුවන හානියයි. සෑම චාර්ජ් එකක් සහ ඩිස්චාර්ජ් එකක්ම බැටරිය තුළ රසායනික වෙනස්කම් ඇති කරනවා. මේ නිසා ක්‍රමයෙන් ඉලෙක්ට්‍රෝඩවල ධාරිතාව ගබඩා කිරීමේ හැකියාව අඩු වෙනවා. වේගයෙන් චාර්ජ් කිරීම (Fast Charging) සහ බැටරිය නිතර 0% ට හෝ 100% ට ආසන්නව තබා ගැනීම මෙම හානිය වැඩි කරනවා. එය 20% ත් 80% අතර පවත්වා ගන්නවා නම් මෙම ක්‍රියාවලිය මන්දගාමී කරන්න පුලුවන්.

ඔබට SOH වැදගත් වෙන්නේ ඇයි?

  • වාහනයේ වටිනාකම: පාවිච්චි කළ EV වාහනයක් ගන්නවා නම්, SOH එක එම වාහනයේ අගය එහෙමත් නැත්නම් Price එක තීරණය කරන ප්‍රධාන සාධකය වෙනවා. SOH 95% ක් වූ වාහනයක්, SOH 80% ක් වූ වාහනයකට වඩා සැලකිය යුතු තරම් මිල අධික විය හැකියි.
  • වගකීම් ආවරණය: EV නිෂ්පාදකයෝ සාමාන්‍යයෙන් බැටරිය සඳහා වසර 8ක හෝ කිලෝමීටර් 160,000ක වගකීමක් දෙනවා. මේ වගකීම් බොහෝ විට බලපාන්නේ SOH අගය 70% හෝ 75% වැනි මට්ටමකට වඩා පහළට වැටුනොත් පමණයි.

කොහොමද මේ SOH එක හරියටම මැනගන්නෙ?

SOH කියන දේ හරියටම මැනීම ටිකක් සංකීර්ණයි. ඒක හරියට දොස්තර මහත්තයෙක් රෝගියෙක්ගේ නාඩි වැටීම, ඇස් පාට, තවත් පරාමිති ගොඩක් බලලා 'සෞඛ්‍ය තත්ත්වය' තීරණය කරනවා වගේ වැඩක්. EV වාහනයක් SOH එක තීරණය කරන්න මේ වගේ සාධක පාවිච්චි කරනවා:

  • බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය (Internal Resistance):

    බැටරියක් වයසට යද්දී, ඒක ඇතුළේ ඇතිවන රසායනික වෙනස්කම් නිසා අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ, බැටරිය චාර්ජ් කරනකොට හෝ ඩිස්චාර්ජ් කරනකොට වැඩිපුර තාපය නිකුත් වීමයි. ඉහළ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන්නේ පහළ SOH අගයක් තියනව කියන එක.

  • කූලෝම් කවුන්ටින් (Coulomb Counting):

    මෙය බැටරියට ඇතුළු වන සහ බැටරියෙන් පිටවන සම්පූර්ණ විද්‍යුත් ආරෝපණය (Current) හරියටම ගණනය කිරීමයි. කාලයත් සමඟ බැටරියට ගබඩා කළ හැකි උපරිම 'කූලෝම්' ප්‍රමාණය අඩු වෙනවා. මෙය SOH මැනීමේ ප්‍රධාන ක්‍රමවලින් වලින් එකක්.

  • වෝල්ටීයතාව මැනීම:

    බැටරිය චාර්ජ් වන විට හෝ ඩිස්චාර්ජ් වන විට වෝල්ටීයතාව වෙනස් වන ආකාරය මැන බැලීමෙන් SOH එක තක්සේරු කළ හැකියි. නව බැටරිවලට සාපේක්ෂව වයස්ගත බැටරිවල වෝල්ටීයතා වක්‍රයන් වෙනස් වෙනවා.

වැදගත් පාරිභෝගික කරුණක් වන බැටරි වගකීම් සහ SOH

EV බැටරි වගකීම් කොන්දේසි කියවන විට, ඔබ මෙන්න මේ වචන දෙක ගැන අවබෝධයෙන් සිටිය යුතුයි:

  • නිෂ්පාදන දෝෂ (Defects):

    බැටරිය අසාර්ථක වුවහොත් (උදා: ගින්නක් ඇතිවීම, පද්ධතියක් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වීම) මේ වගකීම යටතේ සම්පූර්ණ ආවරණයක් ලැබෙනවා.

  • ධාරිතාව රඳවා ගැනීමේ සහතිකය (Capacity Retention Guarantee):

    මෙය තමයි SOH එකට අදාළ වන කොටස. සාමාන්‍යයෙන්, "වසර 8ක් හෝ කිලෝමීටර් 160,000ක් (සമහර විට සැතපුම් 100,000ක්) යන කාලය තුළ බැටරියේ SOH අගය 70% ට හෝ 75% ට වඩා පහළට නොවැටිය යුතුයි" යන්න මෙහි කොන්දේසියයි. මෙම සීමාවට වඩා බැටරියේ ධාරිතාව පහළ වැටුණහොත්, නිෂ්පාදකයා විසින් බැටරිය අලුත්වැඩියා කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ නැවත සකස් කිරීම සිදු කළ යුතුයි. අපී සාමාන්‍යයෙන් 1 to 1 warranty කියල කියන්නෙ ඒකට තමයි.

EV එකක SOH එක කියන්නේ හුදු අංකයක් නෙවෙයි. ඒක බැටරියේ සමස්ත ආයු කාලය, වාහනයක වටිනාකම සහ ඔබට ලැබෙන Range (එක් චාර්ජ් එකකින් යා හැකි දුර) තීරණය කරන ප්‍රධානම සාධකයයි.

SOH අගය හොඳින් පවත්වාගෙන යන්න ඔබට කළ හැකි හොඳම දේවල්

EV බැටරි කියන්නේ ලිතියම්-අයන් තාක්ෂණයෙන් හැදිච්ච ඉතා සංවේදී කොටස්. ඒවාට හානි සිදුවීම අවම කරගන්න නම්, අධික උණුසුම සහ Extreme චාර්ජ් මට්ටම් වලින් ඈත් වෙන්න ඕනේ.

  • චාර්ජ් මට්ටම පාලනය කිරීම (20%-80% රීතිය):

    බැටරිය නිතරම 100% දක්වා චාර්ජ් කිරීමෙන් වළකින්න ඕනෙ. බැටරියේ සෞඛ්‍යයට හොඳම දේ තමයි 80% ක් පමණ වනතුරු චාර්ජ් කිරීම. ඔබට දිගු ගමනක් යාමට අවශ්‍ය නම්, 100% දක්වා චාර්ජ් කිරීම හොඳයි. නමුත් එය දිනපතා පුරුද්දක් කරගන්න එපා. ඒ වගේමයි බැටරිය 20% වඩා අඩු වෙනකන් ධාවනය කරන්නත් එපා ඒකත් SOH අඩු වෙන්න හේතුවක් වෙනවා. මේ දෙකටම හේතුව කියනවනන් බැටරියේ ඉලෙක්ට්‍රෝඩවලට අඩුම සහ උපරිම චාර්ජ් මට්ටම්වලදී වැඩි හානියක් සිදුවීමයි. මේ 20% ත් 80% ත් අතර පරාසය තමයි බැටරියට හානියක් නොවන කලාපය කියල හදුන්වන්න පුලුවන්.

  • තාප කළමනාකරණය:

    තාපය කියන්නෙ බැටරියේ ප්‍රධානතම සතුරායි. හැකි සෑම විටම ඔබේ EV වාහනය සෙවණේ හෝ ගරාජයක් තුළ නවත්වන්න. විශේෂයෙන්ම බැටරිය 100% ට ආසන්නව චාර්ජ් වී තිබෙන විට අධික හිරු රශ්මිය බැටරියේ SOP එකට අහිතකරයි. ඔබ වේගවත් චාර්ජින් (DC Fast Charging) කරන විට, වාහනයේ BMS (Battery Management System) එක බැටරිය සිසිල් කිරීමට ක්‍රියා කරනවා. නමුත්, පිටත උෂ්ණත්වය ඉතා ඉහළ නම්, නිතරම වේගවත් චාර්ජින් කිරීමෙන් වළකින්න.

  • වේගවත් චාර්ජින් පාලනය කරන්න:

    අවශ්‍යම වූ විට පමණක්: DC Fast Charging පාවිච්චි කරන්න. හේතුව කියනවනන් අධික වේගයකින් බැටරියට ධාරාව ඇතුළු කිරීමේදී වැඩිපුර තාපය ජනනය වන අතර, එය බැටරියේ රසායනික ස්ථර වලට හානි කිරීමට ඉඩ තියනවා. ප්‍රධාන චාර්ජින් ක්‍රමය ලෙස නිවසේදී හෝ රැකියා ස්ථානයේදී භාවිතා කරන Level 1 හෝ Level 2 (AC) චාර්ජර්ස් පාවිච්චි කරන්න. මේවා බැටරියට වඩාත් හිතකරයි.

  • දීර්ඝ කාලයක් එක තැන නවතා තැබීමේන් වලකින්න:

    ඔබ සති කිහිපයකට හෝ මාස ගණනකට වාහනය භාවිතා නොකරනවා නම්, බැටරි මට්ටම 50% ක් පමණ තබා ගබඩා කරන්න. හේතුව, බැටරියක් ඉතා අඩු මට්ටමක (0% ට ආසන්නව) හෝ ඉතා ඉහළ මට්ටමක (100%) තිබෙන විට, භාවිත නොකරන කාලය තුළ කැලැන්ඩර් ඒජින් ක්‍රියාවලිය වේගවත් වෙනවා.

  • සැමවිටම නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින්න:

    ඔබේ වාහන නිෂ්පාදකයා විසින් විශේෂයෙන් ලබා දී ඇති උපදෙස් ඒ කියන්නෙ විශේෂිත චාර්ජින් සීමාවන් හෝ මෘදුකාංග යාවත්කාලීන අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ.

මෙම සරල පුරුදු ඔබේ EV බැටරියේ SOH එක සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සහ ඔබේ වාහනයේ අගය රැක ගැනීමට උපකාරී වේවී.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ Regenerative Braking?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Hybrid Battery එකක ආයු කාලය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV සහ BMS

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

    time
    මිනිත්තු 2 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!