හරියටම වාහනයක් Reverse කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයා වාහනයක් drive කරන්න පටන් අරන් කොච්චර කල් වෙනවද? හැබැයි reverse කරන්න යද්දී පොඩ්ඩක් හිතට සැකයක් වගේ ඇති වෙනවා නේද? ඇත්තටම කොච්චර drive කරන්න පුළුවන් වුණත් reverse කරද්දී ඒ ගැන දෙපාරක් හිතනවා. විශේෂයෙන්ම අලුතින් වාහන පදින්න පටන් ගත්ත අය. ඉතින් වාහනයක් drive කරන ආධුනිකයන්ට ගොඩක් වෙලාවට හරියටම වාහනය reverse කරගන්න අමාරුයි. ඉතින් driving license එක ලබා ගත්ත දවසේ ඉදන් practical test එකට ඉන්නකම් තියෙන ගැටලුවක් තමයි වාහනය reverse කරගන්නේ කොහොමද කියන එක. ඒ නිසාම MotorGuide අපි අද කියන්නේ හරියටම වාහනයක් reverse කරගන්න විදිහ ගැන.

Side Mirrors බලන්න

 width=

ඔයා වාහනය reverse කරද්දී සැළකිලිමත් වෙන්න ඕනේ පළවෙනි දේ තමයි side mirrors. ඒ වගේම ඔයා පිටිපස්ස බලන mirror එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. steering wheel එක හසුරවන ආකාරය ගැනත් ඔයා සළකලා බලනවා වගේම. වාහනයක් reverse කරද්දී clutch එක balance කරගන්නත් ඕනේ. වාහනයේ වේගය අඩු වැඩි වෙන්නේ clutch එකෙන්. Reverse gear එකෙන් වාහනය පසුපසට යනවා. Gear එක දාලා තිබ්බේ නැත්නම් වාහනය යන්නේ ඉස්සරහට. ඊට පස්සේ bearing අවස්ථාවෙන් යට clutch එක ගත්තොත් ඔයාගේ වාහනයේ වේගය අඩු වෙනවා. ඒ වගේම bearing අවස්ථාවෙන් උඩ clutch එක ගත්තොත් වාහනයේ වේගය වැඩි වෙනවා.

හරිම වෙලාවේදී Hand Brake එක අඳින්න

 width=

ඉතින් ඔයා වාහනය drive කරද්දී මුලින්ම reverse එකට දානවා. ඊට පස්සේ bearing අවස්ථාව තෝරාගන්න. ඉතින් ඒත් එක්කම දැන් ඔයාට වාහනය දෙදරන ශබ්දය ඇහෙනවාත් සමඟම hand brake එක අදින්න ඕනේ. ඉතින් දැන් වාහනය bearing අවස්ථාවේ ඔයා තියාගන්න ඕනේ. මේ වෙලාවේදී වාහනයේ clutch එක ඉස්සරහට හෝ පස්සට යාමක් වෙන්නේ නැහැ. දැන් වාහනය start එකේ තමයි තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි ඔයා වාහනය පිටිපස්සට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වාහනයක් ඉස්සරහට drive කරද්දී ඉස්සරහට හරවනවානම් wheel එක වම් පැත්තට, දකුණු පැත්තට හරවනවා නම් wheel එක දකුණු පැත්තට.

ඉතින් ඔයා වාහනය පිටිපස්සට ගනිද්දී side mirrors ගැන බලන්න ඕනේ. මතක තියාගන්නම ඕනේ කාරණයක් තමයි තැනිතලා තැනකදී ඔයා වාහනය reverse කරද්දී clutch එකේ speed එකෙන් තමයි මේ වාහනය drive කරන්න ඕනේ. Reverse කරනකොට තමයි accelerator එක පාවිච්චි කරන්නේ.

අංශක 90ක් Reverse කරනකොට

 width=

ඔයා අංශක 90ක් වගේ reverse කරනවා කියලා හිතන්නකෝ. එතන හරවනකොට wheel එක වට දෙකක් කරකැවිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ wheel එක සම්පූර්ණම වම් පැත්තට හැරවෙනවා.

අවධානයෙන් Reverse කරන්න

Reverse කරද්දී Clutch එක හා brake එක තමයි ඔයා පාවිච්චි කරන්නේ. Clutch balance එකේදී යට ගියොත් වාහනයේ වේගය අඩු කරගන්න පුළුවන්. උඩට ගත්තොත් වාහනයේ වේගය වැඩි කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වාහනයක් reverse කරන්නේ පාරකින් තවත් පාරකට නේ. ඉතින් ඔයා වම් පැත්තට reverse කරනවා නම් වම් පැත්තේ side mirrors ගැන අවධානය දෙන්න ඕනේ. දකුණූ පැත්තට නම් දකුණු පැත්තේ side mirrors ගැන අවධානය දෙන්න. ඒ වගේම පිටිපස්ස ගැනත් බලන්න ඕනේ. ඊට පස්සේ clutch එක උස්සන්න ඕනේ. ඒත් එක්කම වාහනය හැරවෙනවා. ඒ විදිහට ඔයා වාහනය කෙලින් වෙනකන්ම පසුපසට ගන්න. ඊට පස්සේ ආපහු clutch balance එකට ගන්න. ඒත් එක්කම Wheel එක අනිත් පැත්තට වට දෙකක් කරකගන්න ඕනේ.

Clutch එක අඩු වැඩි කරන එකෙන් තමයි වාහනයේ වේගය තීරණය වෙන්නේ. ඉතින් manual වාහනයක් මේ විදිහට තමයි reverse කරගන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!