High way එකේ යන්න කලින් මේ ගැනත් හිතන්න

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයා නිතරම highway එකේ යනවද? ඔව්. දැන් ඕනෙම කෙනෙක් highway යන එක දැන් සාමාන්‍ය දෙයක්. අපිට හදිසි ගමනක් යන්න සිදු වුණොත් අපි අනිවාර්යෙන් highway පාරවල් තමයි තෝරාගන්නේ. මොකද අපිට ඉක්මනට යන්න පුළුවන් වෙනවනේ. හැබැයි මේ highway වල යන අය හිතන්න ඕනේ දේවල් වගේම කරන්න ඕනේ දේවල් කිහිපයකුත් තියෙනවා. නමුත් බොහෝ දෙනා high way යන එක ගැන එච්චර හිතන්නේ නැහැ. මේ විදිහට යන එක මඟින් ඔයාට වගේම පාරේ ගමන් කරන අනෙක් අයටත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අන්න ඒ නිසා අද MotorGuide අපි ඔයාට කියන්නේ highway එකේ යන්න කලින් හිතන්න ඕනේ දේවල් සහ යනකොට කරන්න ඕනේ දේවල් කිහිපයක් ගැනයි.

Highway යන එකෙන් තියෙන වාසි

  • අධිවේගී මාර්ගවල අතරමං වීමට ඇති ඉඩකඩ අඩුයි
  • ඉන්ධන පිරිවැය අඩු කරනවා
  • සාමාන්‍ය මාර්ග වලට වඩා ආරක්ෂාකාරී වෙනවා
  • ඉන්ධන පිරිවැය ඉතිරි කරනවා
  • කාලය ඉතුරු වෙනවා
  • Drive කරන්න පහසුයි

Highway එකට දාන්න කලින්

අපි වාහනයක් high way එකට දානවා නම් මුලින්ම කරන්න ඕනේ seat belt දාගන්න එක. වාහනයේ ඉස්සරහා seat වල ගියත් පිටිපස්සේ seat වල ගියත් අනිවාර්යෙන් seat belt දාගන්න ඕනේ. High way එකට ඇතුල් කරනකොට වාහනයේ අය seat belt දාගෙනද ඉන්නේ කියල සමහර අවස්ථාවල පොලිස් නිලධාරින් පරික්ෂා කරනවා. ඉතින් එහෙම පරික්ෂා කළේ නැතත් වාහනයේ ඉන්න හැමෝම seat belt ගෙන ඉන්න එක මඟින් වාහනයේ ගමන් කරන හැමෝගෙම ආරක්ෂාවට හොඳ පියවරක්.

වාහනයේ ටයර් පරික්ෂා කරන එකත් high way එකට දාන්න කලින් කරන්න ඕනේ දෙයක්. මොකද වාහනයේ ටයර් ගෙවිලා තිබුණොත් සමහර අවස්ථාවල අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයේ තියෙන wiper හොඳට තියෙනවද කියලත් බලන්න ඕනේ. මොකද අපි high way එකේ drive කරනකොට වර්ෂාවක් ඇති වුණොත් අනිවාර්යෙන් මාර්ගය පැහැදිලිව බලාගන්න wiper හරියට නිසිලෙස ක්‍රියා කරන්න ඕනේ.

High way එකේ යනකොට දැනගන්න ඕනේ දේවල්

High way එකේදී වාහනයක් නිවැරදිව overtake කරන විදිහ

වාහනයක් high way එකේ drive කරනකොට වාහනයක් overtake කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය මාර්ගයක overtake කරනවා වගේ highway පාරක overtake කරන්න බැහැ. ඔයා overtake කරන්න යන වාහනය ගමන් කරන මං තීරුවට පැත්තෙන් තියෙන මං තීරුවට වාහනය දාගෙන වාහනය overtake කරන්න. ඊට පස්සේ එක පාරටම නැවතත් අනෙක් මං තීරුවට වාහනය මාරු කරන්න එපා. මොකද පිටිපස්සෙන් එන වාහනයත් එන්නේ වේගයෙන් නිසා ඔයා එක පාරටම වාහනය දාන එකෙන් ලොකු අනතුරු වෙන්න පුළුවන්.

වාහනයේ වේගය

Highway එකක drive කරනකොට වාහනයේ වේගය ගැනත් සැලකිළිමත් වෙන්න ඕනේ. Highway එකේ speed limit එක පැයට 100km නම් ඊට වැඩියෙන් යන්න එපා. හැබැයි ඔයාට පැයට 90km ක් 80km ක් වගේ වේගයකින් යන්න පුළුවන්. හැබැයි ඔයා high way මාර්ගයක පැයට 40km වගේ වේගයකින් යන්න එපා.

High way එකේ exit වෙන තැන පහු වුණොත් මොකද කරන්නේ?

ඔයා highway එකෙන් exit වෙන්න ඕනේ තැන බැරි වෙලා හරි පහු වුණොත් වාහනය slow කරලා reverse කරලා යන්න හදන්න එපා. ඒ වගේ වෙලාවක ඔයා කරන්න හොඳම දේ තමයි වාහනය drive කරගෙන ඉස්සරහටම ගිහින් ඊළඟ exit වෙන තැනින් පිට වෙන එකයි.

වර්ෂාව ඇති අවස්ථාවක

Highway එකේ යනකොට වර්ෂාවක් ඇති වුණොත් ඔයාගේ වාහනයේ වේගය අඩු කරන්න ඕනේ. මොකද අපිට ඉදිරියෙන් යන වාහන වැස්ස නිසා හරියට පෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල වේගයෙන් ගියොත් අනතුරක් අනිවාර්යෙන් සිදු වෙන්න පුළුවන්. ඒ වාගේම වර්ෂාව ඇති වෙන අවස්ථාවක වාහනයේ රෝද ලිස්සලා යන්නත් ඉඩ තියෙනවා.

වාහන අතර ප්‍රමාණවත් ඉඩත් තියාගන්න

Highway එකේ ගමන් කරනකොට සලකා බලන්න ඕනේ තවත් දෙයක් තමයි වාහන අතර තියෙන ඉඩ ප්‍රමාණය කියන්නේ. ඔයා වාහනය drive කරනකොට ඉදිරියෙන් යන වාහනය අතර ප්‍රමාණවත් පරතරයක් තියාගන්න ඕනේ. නැත්නම් ඉදිරියෙන් යන වාහනය එක පාරටම කාර්මික දෝෂයක් හෝ වෙනත් හේතුවක් නිසා වාහනය slow කළොත් අනතුරක් ඇති වෙන්න පුළුවන්.

මෙන්න මේ දේවල් තමයි highway drive කරන ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයා high way එකේ drive කරනකොට මෙච්චර කල් මේ දේවල් ගැන හරියටම බැලුවේ නැහැ නේද? එහෙනම් අද ඉදලා මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා පරිස්සමින් highway එකේ drive කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!